ප්‍රේමය හැදින්නෙමී – 07 කොටස

“ප්‍රේමය හැදින්නෙමි” – 07 කොටස

එදා එහෙම ශෙහාන් එක්ක පටන්ගත්ත චැට් එක නැවතුනේ මාස දෙකකට පස්සෙ අපි ප්‍රේමවන්තයො වෙලා.
පොඩි කාලෙ ඉදල දන්න ලමය නිසාත් මොනතරන් එයා මට ක්ලාස් එකේදි විහිලු කරත් එයාගෙ තාත්තා පොඩිකාලෙම නැතිවුනා කියල දැනගෙන ඉදපු මගේ හිතේ ශෙහාන් ගැන තිබුනෙ අනුකම්පාව මුසු වුන ආදරයක් කිවුවොත් නිවැරදි.

මගේ ලෝ එන්ට්‍රන්ස් ක්ලාස් ඉවරවෙද්දි බස් ස්ටෑන්ඩ් එකට හෝ ක්ලාස් එක තිබුන කලු පාලම ලගට එන්න ශෙහාන් පුරුදුවුනා.මමයි ශෙහානුයි එකට ක්ලාස් ඉවර වෙලා යනව දැකපු අපේ ක්ලාස් එකේ මගේ පස්සෙන් ආපු මදුර අයියා වුනත් පහුබැහීම නිසා ශෙහාන්ව මට දැනුනෙ ලොකු හයියක් වගේ.

බෑ කියල මං කියපු එක වචනයක්වත් නොඅහපු මදුර අයියා ශෙහාන්ව දැකපු දවසෙන් පස්සෙ ආයෙ මාත් එක්ක වචනයක්වත් කතාකලේ නෑ.ක්ලාස් එකේ මගේ හොදම යාලුවො වෙච්ච ශශිනි, අකීශ එක්කත් ශෙහාන් ඉක්මනටම යාලු වුනා.

ක්ලාස් ඉවරවෙලා හැමදාම බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ තිබුන pns එකෙන් ශෝර්ට් ඊට්ස් කාල නෙස්කැෆේ බොන්න පුරුදු වුන අපි දෙන්නව pns කාර්‍ය්මණ්ඩලයට ටික දවසක් යද්දි ඉතාම හුරුපුරුදු දසුනක් වුනා.

ඒ වෙද්දිත් ට්‍රේනී ටුවර් මැනේජර කෙනෙක් වුන ශෙහාන් මාව ගාල්ල කොටුව ඇතුලෙ වගේම , ජංගල් බීච්,මිරිස්ස බීච එක, මහමෝදර සී වෝක් එක, වගේ ලස්සන තැන් වලට මාව එක්ක ගියා . ජෙලාටෝ එක,ලකී ෆෝර්ට් ,ඉන්දියන් හට් වගේ රෙස්ටොරන්ට්ස් වලින් කෑම කකා කොටුව ඇතුලෙ අනන්ත අප්‍රමාණ දුර අපි ඇවිද්දා.

කොටින්ම දවල් වරුවෙ තිබුන දැඩි රස්නයවත් අපිට බාදාවක් වුනේ නෑ.ටික දවසක් ගිහින් , කට් ඕෆ් මාක්ස් වලින් මන් රජරට කැම්පස් එකේ බී.එස්.සී අයිටී ඩිග්‍රී එකකට සිලෙක්ට් කියල දැනගත්තට පස්සෙ අපි දෙන්නම මේ සම්බන්දෙ ගැන ගෙදරට කිවුවා .

මුලින් මුලින් චුරු චුරු ගෑවත් ,තාම පොඩි,ඕවා කෙරේවිද දන්නෙ නෑ කියල කිවුවත් අපේ අම්ම ශෙහාන්ව වගේම ශෙහාන්ගෙ අම්මා මාවත් බොහොම ආදරෙන් පිලිගත්තා.

—————————————————————————–

නවය වසරෙ ඉදල ලයින් දාපු කෙල්ලව අන්තිමට මගේ කරගත්තට පස්සෙ මට දැනුනෙ මන් ජීවත් වුනේ සදාකාලික වසන්ත කාලෙක කියල.

කනිශ්‍යා “ශෙහා” කියල බොහොම ආදරෙන් මට කතාකරද්දි මං “
ඇයි බබා” කියල එයා දිහා බැලුවෙ හරිම ආදරෙන්.
කොටුව ඇතුලෙ ඇවිද ඇවිද රෙස්ටොරන්ට්ස් වලින් කකා අපි අපි ගැන සෑහෙන දේවල් කතාකරා.අපි අපිව තේරුම් ගන්න උත්සාහ කලා.
අපේ ගෙදරින් වගේම කනිශ්‍යාගෙ ගෙදරිනුත් අපේ සම්බන්දෙට අකමැති නොවුන නිසා ලැබුන නිදහස අපි කිසිම වෙලාවක වෑරදියට යූස් කලේ නෑ.

ඔය අතරෙ මගේ හිත හෙල්ලෙන දේකට වුනේ ගාල්ලෙ ඉදල කිලෝමීටර් හාරසීය ගානක් ඈතින් තියෙන රජරට කැම්පස් එකට කනිශ්‍යා සිලෙක්ට් වුනාම.එයාට රැග් එක දරාගන්න පුලුවන් වෙයිද කියන ,එයා මගෙන් ඈත්වෙනව නේද කියන දුක වගේම , මං වගේ ගොරහැඩි කොල්ලෙක් නැතුව කනිශ්‍යා ලස්සන කොල්ලෙක් එක්ක යාලුවෙයිද කියන බයත් මගේ හිතට නොදැනුනා නෙවෙයි.

ඒත් ආට්ස් කරල එයාට බී.එස්.සී ඩිග්‍රී එකකට සිලෙක්ට් වෙන්න පුලුවන් වුන නිසාත් ,එයාගෙ මහන්සිය ,කැපවීම නිසාත් , ලෝ කොලේජ් යන්න එයාට ලකුනු හතක් මදිවුන නිසාත් මං කිසිම වෙලාවක එයාට යන්න එපා කිවුවෙ නෑ.

“ගිහින් පරිස්සමෙන් ඉන්න බබා”
“ඔයාට මාව අමතක වෙයිද ශෙහා?”

ඇස් වල කදුලු පුරවන් කැම්පස් යන දවසට කලින් දවසෙ ජංගල් බීච් එකේදි කනිශ්‍යා මගේ පපුවට ඔලුව තියන් ඇහුවා.

“නෑ බබා, මං දාලා යන්නෙ නෑ”
කියල හිතේ දුක තදකරගෙන මං ඉදියෙ ආයෙ කවදාද මට එයාව මෙහෙම ලග තියන් ඉන්නෙ කියල හිතෙන් අඩමින් හිතන ගමන්මයි.
—————————————————————————-

රිජෙක්ශන් කියන එකේ වේදනාව මං දන්න නිසා දිනිතිගෙ හිත හදන එක වගේම එයාව මගෙන් ඈත්කරන එක කරන්නත් අමාරු වුනා .
දිනිති වගේම අපේ ඉන්ස්ටිටියුට් එකේ ක්ලාස් ආපු අමල්කි කියන ගර්ලුත් මට ගැලපෙනවා එයාලත් මට කැමති ,දැන්වත් බදින්න කියල යාලුවො කියන ඉල්ලීම්වලට කන් නොදී මම් සම්පූර්ණයෙන්ම මගේ රාජකාරි කටයුතු වල ඇලුන ගැලුන මනුස්සයෙක් වුනා.

ජොබ් එකට අමතරව වෙනත් ආයතන එක්ක සම්බන්ධ වෙලා මං කරපු සෙමිනාස්, කොන්ෆරන්සස් වලින් ලැබුන ආදායමෙන් අපේ ගෙදර ලස්සනට ,තුරු ලතා වලින් වටවෙච්ච තැනක් කරන්න මට ඕනෙ වුනා.
මං හෙව්වෙ පොශ් කෙල්ලෙක්වත් සල්ලි තියෙන කෙල්ලෙක්වත් නෙවෙයි.
උගත් ,මාව තේරුම් ගන්න ,පොලොවෙ පය ගහල ඉන්න , මගේ මේ ගමේ ගෙදර ඇවිත් අපේ ගෙදර වාතාවරණයට හැඩගැහෙන්න පුලුවන් ගෑනු ලමේක්ව.

පාරෙ යද්දි වුනත් දකින අනන්ත අප්‍රමාන කාන්තා රූප අතරේ මගේ හිතේ ඉන්න කෙනාව හෙව්වත් මට එයාව මුන ගැහුනෙම නෑ.

ඒ වෙද්දි අම්ම වුනත් ප්‍රපෝසල් දහයක් විතර ගෙනැත් මං බෑකියන හින්දම මාව බන්දන එක අතෑරල දාල තිබුනෙ.

ගෙදර හදාගෙන අම්ම තාත්තා බලාගෙන නිස්කලංකව ඉදපු ඒ ජීවිතේ මං ලොකු ලස්සනක් දැක්කා.

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *