ප්‍රේමය හැදින්නෙමී – 08 කොටස

“ප්‍රේමය හැදින්නෙමි” – 08 කොටස

කැම්පස් එකේ අවුරුදු දෙකක් විතර විවිධ සිදුවීම් මැද්දෙ සතුට දුක දෙකම එකතුව ගෙවිලා ගියා. ශෙහාන් ගෙත් මගෙත් ප්‍රේම සම්බන්දයත් මේ අතර බොහොම නිස්කලංකව ගලාගෙන ගියා.

ප්‍රශ්නෙකට කියල ලොකුවටම ආවෙ එයා පිට රට ඉන්න එයාගෙ යාලුවෙක් කියල කියපු ගර්ල් කෙනෙක් එක්ක ඕනෙවට වඩා කතාකරන්න පටං ගත්ත එක තමයි.ඒ සම්බන්දව අපි අතරෙ පොඩි පොඩි ප්‍රශ්න ඇතිවුනාට අෆෙයාර් එක නවත්තන්න තරම් ඒව දුර දිග ගියේ නෑ.

“ඇයි ශෙහාන් ඔයා මං එපා කියද්දි ඉලියානාට කතාකරන්නෙ? ඔයාට තේරෙන්නෙ නැත්තෙ ඇයි මන් ඒකට කැමති නෑ මට දුකයි කියල?”

“ඔයාගෙ හිත රිදේවි කියල වගේම ඔයාට වරදක් කරන්නත් මගේ හිත ඉඩ දෙන්නෙ නැති නිසා මං කැම්පස් එකේ පිරිමි ලමයි එක්ක වැඩිය කතාවට යන්නෙත් නෑ.”

“ලොකු සීන් වැඩි කියල සීනීයර්ස්ලා මොනතරම් බැන්නත් මං එහෙම ඉන්නෙ ඔයා ගැන හිතල.ඔයා එහෙම ඉන්න කියල කිවුව නිසා”

“බබා ප්ලීස් අඩන්න එපා. මගෙයි ඉලියානාගෙයි අතරෙ එහෙම අෆෙයාර් එකක් නෑ.”

“ශී ඊස් ජස්ට් අ ෆ්‍රෙන්ඩ් බබා”

ඔය විදියට අපේ සම්බන්දෙ ගලාගෙන ගියා.ශෙහාන්ගෙ අක්කගෙ වෙඩින්ග් එකෙ බ්‍රයිඩ්ස් මේඩ් කෙනෙක්ට මාව ගන්න තරම්ම අපේ පවුල් අතර තිබුන සම්බන්දෙත් දියුණුවුනා.

එතකොට අපි යාලුවෙලා අවුරුදු තුනකටත් ලගයි. කැම්පස් එන්න කලින් අයි ටී සම්බන්දව මං කිසිම කෝස් එකක් කරල තිබුනෙ නෑ.කොටින්ම ඒලෙවල් වල ජී.අයි.ටී එක්සෑම් එකවත් මං ලියුවෙ නෑ.

අයිටී වලට වඩා මං හැමදම කැමතිවුනේ එච් ආර් සයිඩ් එකේ ජොබ් එකක් කරන්න.ලස්සනට ඇදල ඔෆිස් එකක වැඩට යන්න.එච් ආර් සයිඩ් එකේ ජොබ්ස් නුත් වැඩි නිසා මං හිතුවා එච් ආර් කෝස් එකක් කරන්න.

ඒ එච් ආර් ඩිග්‍රී වලට ලංකාවෙ ප්‍රසිද්දම ඉන්ස්ටිටියුට් එක වුන එච් ආර් ලංකා එකේ.

එයාලගෙ බ්‍රාන්ච් එකක් අනුරාධපුරයේත් තිබුන එක මට ලොකු පහසුවක් වුනා.

එතනදි තමා මට නිරංගව දකින්න ලැබුනේ.නිරංගව මුනගැහුනෙ.

——————————————————————————
“ඇයි ශෙහාන් ඔයා මං එපා කියද්දි ඉලියානාට කතාකරන්නෙ? ඔයාට තේරෙන්නෙ නැත්තෙ ඇයි මන් ඒකට කැමති නෑ මට දුකයි කියල?”

“ඔයාගෙ හිත රිදේවි කියල වගේම ඔයාට වරදක් කරන්නත් මගේ හිත ඉඩ දෙන්නෙ නැති නිසා මං කැම්පස් එකේ පිරිමි ලමයි එක්ක වැඩිය කතාවට යන්නෙත් නෑ.”

“ලොකු සීන් වැඩි කියල සීනීයර්ස්ලා මොනතරම් බැන්නත් මං එහෙම ඉන්නෙ ඔයා ගැන හිතල.ඔයා එහෙම ඉන්න කියල කිවුව නිසා”

“බබා ප්ලීස් අඩන්න එපා. මගෙයි ඉලියානාගෙයි අතරෙ එහෙම අෆෙයාර් එකක් නෑ. “

“ශී ඊස් ජස්ට් අ ෆ්‍රෙන්ඩ් බබා”

ඉලියානා එක්ක මගේ කිසිම වැරදි සම්බන්දයක් නෑ කියල කොයිතරම් කිවුවත් කනිශ්‍යා ඒක පිලිගත්තෙම නෑ.
ඉලියානා මගේ යාලුවෙක් වුනේ කනිශ්‍යා මාත් එක්ක යාලුවෙන්නත කලින්.

කෙල්ලෙක් එක්ක යාලුවුන පලියට මට මගේ යාලුවො අමතක කරන්න බෑ කියල කනිශ්‍යා ට කොයිතරම් කිවුවත් එයා ඒක ඇහුවෙ නෑ.
මං රෑට අමන්තල එක්ක කොහේ හරි ඇවිදින්න කෑම කන්න ගියත් , කනිශ්‍යා සෑහෙන ඒ ගැන වොරී වුනා.

“ඔයාත් අමන්තල වගේ බොන්න පුරුදු වෙයි කියල මට බයයි ශෙහාන් ,මං ඒකයි කියන්නෙ.ඔයාට තියෙන ආදරේට මිසක් මන් මෙහෙම ඔයා ගැන හොයන්නෙ තරහකට නෙවි”

“මං දන්නවා බබා ඒත් මන් බොන්නෙ නෑ.ඇයි ඔයා ඒක පිලිගන්නෙ නැත්තෙ.ඔයා වෙලාවකට කෑගහනව මට මං බොනව කියල.වෙලාවකට ඉලියානා එක්ක යාලුයි කියල.
ප්ලීස් බබා මට ඔහොම බොරුවට චෝදනා කරන්න එපා.මං වරදක් කරල නෑ”

අයි ටී අමාරුයි ,රස්සාවක් නැතිවෙයි කියල බොරුවට බය වෙවී ඉදපු නිසා මං කිවුවා ඔයා කැමතිනම් වෙන කෝස් එකක් කරන්න.එතකොට බයවෙන්න හේතුවක් නෑනෙ කියල.

එච් ආර් කෝස් එකක් කරන්න කැමති කිවුව නිසා, එච් ආර් ලංකා එක හොද නිසාත් ඒකේ සර්ටිෆිකට් ලෙවල් එකෙන් පටන් ගන්න කියල කනිශ්‍යා ව ඒ පැත්තට යොමු කරපු එක තමා මං ජීවිතේ කරපු ලොකුම මෝඩකම කියල මට කවදහරි පසුතැවෙන්න වෙයි කියල මං හිතුවෙ නෑ.

——————————————————————————
“නිරංග උඹේ ලීව් එක ඇපෲ වුනා.කාර් එකත් රෙඩි මචන් අනිද්දට අනුරාධපුරේ යන්න”

” හරි කසුන්ත තෑන්ක්ස්”

එච් ආර් ලංකා එකේ 2018 අවුරුද්දෙ එච් ආර් සර්ටිෆිකට් කෝස් එකේ පලවෙනි බැච් එක අපි පටන් ගත්තා.
අනිද්දට මට ඒකෙ අනුරාධපුර,පොලොන්නරුව , කල්මුනේ,නුවර කියන සෙන්ටර්ස් වල ඉනෝගරේශන් ප්‍රෝග්‍රෑම්වලට යන්න වෙනව.ඉරිදා ගිහින් ආයෙ එන්නෙ බදාදා නිසා ලීව් ඇපෲ කරගෙන කාර් එක රෙඩි කරගන්නත් වුනා.

සාමාන්‍යයෙන් මං දුර ට්‍රැවල් කරද්දී ඩ්‍රයිව් කරන්නෙ නෑ.

සෙනසුරාදා රෑ ,හෙට ගෙනියන්න ඕනෙ ඔක්කොම ප්‍රසන්ටේෂන් , පොත් ,හෑන්ඩ් අවුට්ස්,ලීෆ්ලට්ස් රෙඩි කරල , ඇදන් යන්න ඕනෙ ඇදුනුත් ලෑස්ති කලා.

ඉනෝගරේශන් එකට මගේ අලු පාට සූට් එක අදිනව කියල ,බ්ලේසර් එකත් රෙඩි කරල , මගේ ඩ්‍රයිවර් වුන සුමේදට කෝල් කරල හෙට උදේම එන්න කියල කිවුවා.

කොලඹ ඉදල අනුරාධපුරේට යන්න පැය පහක් විතර යන නිසාත් උදේ 9 වෙද්දි එහේ ඉන්න ඕනෙ නිසාත් ඔක්කොම වැඩ ඉවර කරල මං කාල නිදාගන්න තීරණය කලා.

“හෙට කාර් එකේ යන ගමන්ම ආයෙ පාරක් ප්‍රසන්ටේෂන් එක බලනව”

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *