ප්‍රේමය හැදින්නෙමී – 09 කොටස

“ප්‍රේමය හැදින්නෙමි” – 09 කොටස

“හෙලෝ ගුඩ් මෝර්නිංග් ,මට මිස් කනිශ්‍යා ගමගේ ට කතාකරන්න පුලුවන්ද?”

“ගුඩ් මෝර්නිංග්,කනිශ්‍යා ගමගේ තමයි කතාකරන්නෙ”

“මිස් මම කතාකරන්නෙ අනුරාධපුර එච් ආර් ලංකා එකෙන් , මිස් අපේ සර්ටිෆිකට් ලෙවෙල් කෝස් එකකට රෙජිස්ටර් වෙලා තිබුනා.”

” ම්ම්ම් ඔව්”

“මිස් ක්ලාසස් පටන් ගන්නව ජනවාරි මාසෙ 14 වෙනිදා ඉදල , එදාට අනිවාර්යයෙන්ම එන්න මිස්. එදාට එච් ආර් ලංකා හෙඩ් ඔෆිස් එකෙන් කරන ඉනෝගරේශන් එකක් තියෙනව”

“ඕකේ තෑන්ක්‍යූ. මං එදාට පේමන්ට් එකක් කරන්න ඕනෙද?”

“ඔව් මිස් අපේ කෝස් ෆී එක තිස් පන් දාහයි.මුලින්ම ෆයිව් තෞසන්ඩ් රුපීස් පේ කරල රෙජිස්ටර් වෙන්න.ඉතුරු පේමන්ට්ස් මාස තුනක් ඇතුලෙ ගෙවන්න ඕන.රෙජිස්ටර් වුනාමඅපි ස්ටඩි පැක් එකත් දෙනව මිස්”

“ඕකේ තෑන්ක්‍යූ”

“වෙල්කම් මිස්”

මේ විදියට කෝල් කරල එච් ආර් ලංකා එකෙන් විස්තර කිවුවට පස්සෙ මං මුලින්ම කලේ ශෙහාන්ට කතාකරල ක්ලාසස් පටන් ගන්නව කිවුව එක.

“ඔයා මහන්සි වෙලා කෝස් එක කරගන්න බබා.ඔයා දක්ශයිනේ.අනික මාත් උදවු කරන්නම්.බයවෙන්න එපා අමාරු නෑ”

ශෙහාන්ගෙ වචන එක්ක මට මේක කරගන්න පුලුවන් සහ හොදට ස්ටඩි කරන්න ඕනෙ කියන සිතුවිල්ල මගේ හිතට ලොකු ශක්තියක් වුනා.

—————————————————————————-
“ශෙහාන් එච් ආර් ලංකා එකෙන් කෝල් කරා.ජනවාරි14 ක්ලාස් පටන් ගන්නවලු”

“හ්ම්ම් හරී”

“මට බයයි ශෙහාන් , සල්ලි වියදම් කරල පටන් ගෙන කරගන්න බැරිවෙයි කියල”

“ඔයා මහන්සි වෙලා කෝස් එක කරගන්න බබා.ඔයා දක්ශයිනේ.අනික මාත් උදවු කරන්නම්.බයවෙන්න එපා අමාරු නෑ”

අලුතෙන් පටන් ගන්න හදන එච් ආර් කෝස් එකේ ක්ලාසස් ගැන කියන්න කනිශ්‍යා මට කෝල් කරා.

හැමදෙයක් ගැනම ඕනෙවට වඩා හිතල බයවෙන එක එයාගෙ පුරුද්ද නිසා ක්ලාසස් පටන් ගන්න කලින්ම එයා ඒ ගැනත් බයවුනා, කරගෙන යන්න අමාරුවෙයි කියල.

එයාගෙ හිතත් හදලා මං මගේ ලෙක්චර්ස් වල අසයින්මන්ට්ස් වලට රෙඩි වුනා. මේ අවුරුද්දෙ සැප්තැම්බර් වල ඩිග්‍රී එක ඉවරවෙනවා.
ඊට පස්සෙ අවුරුද්දෙ කනිශ්‍යාගෙ ඩිග්‍රී එක ඉවරවෙනවා.

ඒ අතර වාරෙ මට හොද ජොබ් එකකට ගිහින් සෙටල් වෙන්න පුලුවන්.ඊට පස්සෙ එයාව බදින්න පුලුවන් කියන සුන්දර හීන මාව තව තවත් ධෛර්යමත් කලා හොදට මහන්සිවෙලා ස්ටඩි කරන්න වගේම , ට්‍රේනිං එකත් කරන්න .

—————————————————————————–

කාර් එකේ යන ගමන් ප්‍රසන්ටේෂන් එක බලපු මට නිකම්ම වගේ මගේ අතීතය මතක් වුනා . අද මේ රුපියල් තිස් දාහක විතර ඇදුම් ඇදල ලක්ශ ගාණක් වටින කාරෙකක යන්නෙ මීට අවුරුදු ගානකට කලින් එදා වේල කන්න නැතිව ඉද්දි ,රස්සාවකුත් නැතුව, යාලුවෙලා ඉදපු කෙල්ලත් දාල ගියපු දුකෙන් පිස්සු නටපු මනුස්සයා නේද කියල මට පුදුමත් හිතුනා.

අද මෙතෙන්ට එන්න මං කොයිතරම් ලොකු කට්ටක් කෑවද කියන එක මං නිතරම හිතුවා.ඉස්සරහට යන්න මට ඒක සෑහෙන ලෝකු හයියක් වුනා.

මං මේ විදියට ලංකාව වටේම ගිහින් කරන එච් ආර් ලංකා ඒකේ රීජනල් බිස්නස් එක මං කම්පනි එකට ජොයින් වෙද්දි ඉතාම පහල තත්වෙකට වැටිලා තිබුනේ.

නිසි පාලනයක් කලමණාකාරීත්වයක් නැතුව පාඩු පිට පාලනය වුන රීජනල් බිස්නස් එක ඩිවලොප් කරල ලංකාව වටේ ඉන්න ගොඩක් දරුවන්ට වගේම රැකියාවල නියුතු පුද්ගලයන්ට උපකාරයක් කරන්න මට ඕනෙ වුනා .

මගේ ඒකායන බලාපොරොත්තුව වුනේ රට වෙනුවෙන්යමක් කරන්න.

“කුරුණෑගලින් උදේට තේ බොමු නේද සර්?”

මගේ කල්පනා ලෝකෙ බිද වැටුනෙ සුමේද අහපු ප්‍රශ්නෙන්.කල්පනාවත් එක්ක ගම්පහටත් ඇවිත් ,දැනුනෙ වත් නෑ.

“ඔව් සුමේද එහෙම කරමු , මේ වෙලාවට කඩවල් ඇරලත් නෑනේ”

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *