ප්‍රේමය හැදින්නෙමී -10 කොටස

“ප්‍රේමය හැදින්නෙමි” – 10 කොටස

“කෝ අනේ මේ එනව කියන එච් ආර් ලංකා එකේ කට්ටිය, නවයහමාරයි , එයාලා තාම නෑනේ”

“අනේ මන්දා ,අපිටත් පරක්කු වෙලා එන්න තිබුනෙ නංගි”

“ඔයාල ඔය කෑගැහුවට වැඩක් තියෙද, එන වෙලාවක එන්නෙ නැතෑ, එතකන් ඔයාල අපිත් එක්ක කතාකරන්නකො”

ඒ එච් ආර් ලංකා එකේ ඉනෝගරේශන් එක දවස.නවයට අපිට එන්න කියල තිබුනත් නවයහමාර වෙනකනුත් එච් ආර් ලංකා එකේ කට්ටිය තාම ආවෙ නෑ.

එයාලා එනකම් බලන් ඉදපු අපේ නොඉවසිල්ල තේරුම් ගත්ත අනුරාධපුර බ්‍රාන්ච් එකේ අශානි අක්ක ඇවිත් මෙහෙම කිවුවා.
“අනේ සොරී , එච් ආර් ලංකා එකේ කට්ටිය දැන් ලගම එන ගමන්ලු , චුට්‍ටක් ඔහොමම ඉන්න හොදේ”

එතකොටම තමයි ක්ලාස් එකේ දොර ඇරගෙන හැමෝම ඇතුලට ආවෙ.
එයාල දැකපු ගමන්ම වයිට් බෝඩ් එක පැත්තට හැරුන අපි හැමෝම අතරෙන් මං එකපාරම,තවවතාවක් හැරිල බැලුවෙ මං දැකල පුරුදු කෙනෙක් දැක්කනේද කියන හැගීමෙන්.

“කවුද ඒ ?”

මං ඒ ප්‍රශ්නෙ ඇහුවෙ මගේ හිතෙන්ම ,බොහොම කලබලෙන් ,ප්‍රමාද වුනාට පසුතැවිලි වෙන විදියෙ පෙනුමක් මූනෙ රදවගත්ත පුද්ගලයාව දැකල.
—————————————————————————
උදේම එච් ආර් එකේ ක්ලාසස් යනව කියල කෝල් එකක් දීපු කනිශ්‍යාට ආයෙමත් මට කෝල් කරන්න පුලුවන් වෙන්නෙ හවස් වරුවෙ.

උදේම හොටෙල් එකට ගියපු මම අද ටු-ඩූ ලිස්ට් එක බැලුවා.
මේ දවස් ඕෆ් සීසන් නිසා රෙස්ටොරන්ට් එකට වැඩිය සෙනග ආවෙ නෑ.

උදේම ආපු ෆොරීන් කපල් එකකට බ්‍රෙක්ෆස්ට් සර්ව් කරන ගමන් මන් කල්පනා කලේ මේ මාසෙ සැලරි එකෙන් කරන්න තියෙන වැඩ ගැන.

“මුලින්ම ඩිග්‍රී එකේ පේමන්ට් එක කරනව, රවුටර් එකේ බිල් එක පේ කරන්නත් ඕනෙ”

“මල්ලි , රෙස්ටොරන්ට් එකට ආපු කපල් එකක් එයාලගෙ පොඩි බබාට සේෆ්ටි චෙයා එකක් ඉල්ලනව.පොඩ්ඩක් ඒක බලනවද?”

ඒ හොටෙල් එකේ වේටර් කෙනෙක් වුන සහන් අයියගෙ කටහඩ.

“හරි අයියෙ මං බලන්නම්”

මං වැඩ කරන හොටෙල් එක බුටික් හොටෙල් එකක් නිසා ගොඩක් ලොකු සෙනගක් ආවෙ නැතිඋනත් අපේ සර්විස් එක හොද නිසාත් , කෑම රස නිසාත් අපිටම වෙන්වුන කස්ටමර්ස්ලා හිටියා.

ට්‍රේනිං කාලෙ මහලොකු සැලරි එකක් ලැබුනෙ නැතුවට හොටෙල් එකෙන් දීපු විසි දෙදාහෙන් ඩිග්‍රී ෆී එක පේ කරගෙන රවුටර් බිල් එකත් පේ කරන් ශේප්මන්ට් එකක් ගහන්න මට පුලුවන් වුනා.

මොක වුනත් කනිශ්‍යා හොද කෙල්ල.කවදාවත් ටොපියක තරමෙ දෙයක්වත් ඉල්ලලා වදදීලා නෑ.

————————————————————————–
හිතපු නැති විදියට කුරුණෑගලදි පරක්කු වුන නිසා අනුරාධපුරේට එද්දි නවයහමාර වුනා.

ඉක්මනට ඉක්මනට ලැප්ටොප් එකත් අරන් මං සෙන්ටර් එකට දුවද්දි අනුරාධපුර සෙන්ටර් මැනේජර් මිස්ටර් වසන්ත, පොලොන්නරුව සෙන්ටර් මැනේජර කවීශ , වගේම ෆ්‍රන්ට් ඔෆිස් එකේ අශානිත් මග බලාගෙන ඉදියා.

“අනේ සොරි මිස්ටර් වසන්ත , හිතපු නැති විදියට කුරුණෑගලදි පරක්කු වුනා.රියලි සොරි”

” නෑ මිස්ටර් නිරංග ඒකට කමක් නෑ.අපි යන් ක්ලාස් රූම් එක ඇතුලට.ප්‍රසන්ටේෂන් එක ගෙනාව නේද? ලමයි ඔක්කොම ඇවිත් ඉන්නෙ”

“ඔව් ප්‍රසන්ටේෂන් එක රෙඩි.මං වසන්ත සර්ට කලින් ඒක එව්වත් එක්කනෙ.අපි යමු”

ලමයි පනහක් විතර පිරිලා ඉදපු ක්ලාස් එක දකිද්දී මට ඇත්තටම ලොකු සතුටක් දැනුනා, මගේ කැපවීමෙ ප්‍රතිපල නේද මේ කියල.
උදේ ඉදන් රෑ වෙනකම් සෙන්ටර්ස් වලට ස්ටුඩන්ට්ස්ල ගෙන්න ගන්න මාත් හරියට ගේම් ගැහුවෙ කූඹියෝ එකේ ජෙහාන්ට නොදෙවනිව.

ලැප්ටොප් එකත් අරගෙන මන් වයිට්බෝඩ් එක ලගට යන ගමන්ම එහෙම කල්පනා කලා

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *