ප්‍රේමය හැදින්නෙමී -13 කොටස

“ප්‍රේමය හැදින්නෙමි” – 13 කොටස

නිරංග සර් ගැන එදා ඉදල දවස් ගානක් යනකම්ම එෆ්බී එකෙ මන් සර්ච් කලා.එයා මගේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරාවි කියල දවස ගානක් බලන් ඉදියත් ඇක්සෙප්ට් කරල තිබුනෙත් නෑ.

ඔහොම මාසයක් විතර ගියාට පස්සෙ මට ක්‍රමක්‍රමයෙන් නිරංග සර්ව අමතක වුනා.ආයෙමත් එයා පිලිඹද මතකය අලුත් වුනේ මට එච් ආර් ලංකා එකෙන් කැම්පස් එකට දෙන්න ලියුමක් ගන්න ඕනෙ වුනාම.

එදා ප්‍රසන්ටේෂන් එක ඉවරවෙලා සර් දීල ගියපු නම්බර් එක ඩයල් කරල මං ෆෝන් එක රිං වෙනව අහගෙන ඉදියෙ හිතේ පොඩි තිගැස්මකුත් එක්ක.

“හෙලෝ”
එහා පැත්තෙන් ඇහුන එයාගෙ කටහඩත් එක්ක මං ගැස්සිලා ගියා.

“හෙලෝ නිරංග සර් ද කතාකරන්නෙ?”

“ඔව් කියන්න කවුද මේ කතාකරන්නෙ ?”

“සර් මම කනිශ්‍යා ගමගේ,මම එච් ආර් ලංකා එකේ සර්ටිෆිකට් කෝස් එක කරනව අනුරාධපුර බ්‍රාන්ච් එකේ.”

“ඔව් පුතා කියන්න”

“සර් මම රජරට කැම්පස් එකේ ඩිග්‍රී එකක් කරනව.දැන් සෙකන්ඩ් ඉයර්.අපිට සර් වීක් එන්ඩ්ස් වල ලෙක්චර් එකක් දාල තියෙනව.මම අපේ ලෙක්චරර් ට කිවුවම මම වීක් එන්ඩ්ස් වල කෝස් එකක් කරනව , ඒනිසා කැම්පස් එකේ ලෙක්චර් එකට එන්න විදියක් නෑ කියල එයා කිවුවා එච් ආර් ලංකා එකෙන් ලෙටර් එකක් ගෙනත් දෙන්න කියල මම ඒකෙ කෝස් එකක් කරනව කියල . එතකොට ඇටෙන්ඩන්ස් ප්‍රශ්නයක් එන්නෙ නෑ කියල”

” ඕකේ”

“සර් මට එහෙම ලෙටර් එකක් ගන්න පුලුවන් වෙයිද?”

“ඔව් පුතා පුලුවන් , ඔයාට ඕනෙ ඔයා එච් ආර් ලංකා එකේ ස්ටුඩන්ට් කෙනෙක් , වීක් එන්ඩ්ස් වල ඔයා අපේ කෝස් එකක් කරනව කියල ලෙටර් එකක්නෙ.?

“ඔව් සර්”

“හරි ඔයා මට ඔයාගෙ ඔක්කොම ඩීටේල්ස් ,ඒ කිවුවෙ නම, අයිඩී නම්බර් එක , දාල ඊමේල් එකක් එවන්න.”

“සර් මං ලග සර්ගෙ ඊමේල් ඇඩ්‍රස් එක නෑ”

“ඕකේ ඔයා මේ කතාකරන ෆෝන් නම්බර් එකට මං ඊමේල් ඇඩ්‍ර්ස් එක එවන්නම්.ඔයා මට ඩීටේල්ස් එවන්න.”

“තෑන්ක්‍යූ වෙරිමච් සර්”

“වෙල්කම් පුතා”

කෝල් එක කට් වුනාට පස්සෙ මං රූම් එකට ගියා.අද කවුරුවත් ගෙදර ගියේ නැතිනිසා හැමෝම රූම් එකෙ ඉන්නව.

“කාත් එක්කද මෙච්චර වෙලා මල් කැඩුවෙ?”
ඒ ඇහුවෙ අප්සරා.

“මං අර කිවුවෙ එච් ආර් ලංකා එකේ සර්.අන්න එයා අනේ.අර ලෙටර් එක ගැන අහන්න කතාකලේ”

“ආආආආආආආ මන් හිතුවා මේ ශෙහාන්ට කතාකලේ කියල.”

“වැඩක් නෑ අනේ මගේ ක්‍රශ් එක වුනාට, මිනිහා පුතා කියලනෙ මට කතාකලේ”

——————————————————————————
එන්න එන්නම මං කාර්‍යබහුල වුනා.හොටෙල් එකේ වැඩ , ඩිග්‍රී එකේ වැඩ වගේ ගොඩක් දේවල් නිසා මට මං ගැන හොයන්න තියෙන වෙලාවත් අඩුවුනා.

කනිශ්‍යා කැම්පස් ගියපු මුල් කාලෙ මන් කීප වතාවක්ම එයාව බලන්න අනුරාධපුරේට ගියත් දැන් සෑහෙන කාලෙකින් ඒක කරන්නත් බැරිඋනා.

වීක්එන්ඩ්ස් වල ක්ලාසස් යන නිසා එයාට ගෙදර එන්න විදියක් තිබුනෙත් නෑ.මාස දෙකකින් විතර එයා ගෙදර ආවෙත් නෑ.

“ආයෙ කවදද බබා ඔයා ගෙදර එන්නෙ?”
“ආයෙ එන්න වෙන්නෙ අපේල් නිවාඩුවට තමයි ශෙහා, ඒ ආවත් ඉතින් අපේල් අට වෙනිදා එච් ආර් එකේ එක්සෑම් නිසා කිසිම නිදහසක් ලැබෙන්නෙ නෑ.”

“ඊටපස්සෙ ඉතින් කැම්පස් එකේ එක්සෑම් පටන් ගන්නවනේ.එච් ආර් එකේ එක්සෑම් තියෙන්නෙ කොලඹයි ,නුවරයි විතරලු.මං මෙහේ සෙන්ටර් එකෙන් ඇප්ලයි කරන නිසා මට නුවර එක්සෑම් සෙන්ටර් එක තමා ලැබෙන්නෙ.ඒක කොලඹට මාරු කරගන්නත් ඕනෙ.”

“ඒක කොහොමද බබා කරන්නෙ?”

“අර නිරංග සර්ට කතාකරල කියනව ශෙහා.එයා හදල දේවි ඒක”

“ආආ එහෙනම් ප්‍රශ්නයක් නෑනෙ”

“ශෙහා ඔයාට ඇහැකි නේද කොලඹ එක්සෑම් එකට මාව එක්කන් යන්න?මං දන්නෙ නෑනෙ තනියම යන්න”

“පුලුවන් බබා”
——————————————————————————

“හෙලෝ නිසලි ගුඩ් මෝර්නිංග් “

“හෙලෝ නිරංග ගුඩ් මෝර්නිංග් ,කියන්න”

“නිසලි මේ අනුරාධපුර සෙන්ටර් එකේ ලමේක් ට ස්ටුඩන්ට්ශිප් පෲව්මන්ට් ලෙටර් එකක් ඕනෙ කිවුවා, එයා ඩීටේල්ස් දාලා ඊමේල් එකක් එව්වා. මං ඔයාට ඒක ෆෝර්වර්ඩ් කරන්න ඒ ලෙටර් එක හදල යවන්න පුලුවන් නේද?”

“ආ ඕකේ නිරංග එවන්න”

“තෑන්ක්ස්”

අද උදේම මට වෙනත් ආයතනයක පැවත්වෙන සෙමිනා එකක් කම්පියර් කරන්න යන්න වෙනව.
උදේ ඉදලම මන් කලේ ඒකට ආදාල ප්‍රසන්ටේෂන් බලපු එක.

“නිරංග උඹ අද තියෙන කම්පියරින් එකට යනවනේ?”

“ඔව් මචන් ,ඇයි?”

“නෑ බං මගේ මේ අවුරුද්දෙ ටාගට් එක කවර් කරගන්න මොකක් හරි ක්‍රමයක් කියපන්කො.ඇනිලා බන් ඉන්නෙ”

“හරි කසුන්ත මන් මේක ඉවරවෙලා ඇවිත් උඹේවැඩේට සපෝර්ට් එකක් දෙන්නම්.බයවෙන් එපා මචන්.අපි කොහොමහරි කරමු”

“නිරංග සර් , සර්ට යන්න කාරෙක ඇවිත්”

“ආ හරි මං එන්නම්”

ලැප්ටොප් එකයි අනිත් ඩොකියුමන්ට්ස් අරගෙන කසුන්තගෙ පිටට තට්ටුවකුත් දාන් මං ඔෆිස් රූම් එකෙන් එලියට ආව.

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *