ප්‍රේමය හැදින්නෙමී -14 කොටස

“ප්‍රේමය හැදින්නෙමි” – 14 කොටස

“හෙලෝ මට නිරංග සර්ට කතාකරන්න පුලුවන්ද?”

“ඔව් කියන්න කවුද මේ කතාකරන්නෙ ?”

“සර් මං කනිශ්‍යා, එදා අර ලෙටර් එක ගන්න කෝල් කලේ.රජරට කැම්පස් එකේ ස්ටුඩන්ට් “

“ඔව් පුතා කියන්න”

“සර් මට තව පොඩි උදවුවක් ඕනෙ”

“ඔව් පුතා”

“සර් අපිට කැම්පස් එකේ වැකේශන් ලැබෙනව අප්‍රේල් තුන් වෙනිදා. අපේ එක්සෑම් එක තියෙන්නෙ අප්‍රේල් අට නිසා මට ලේසි සර් එක්සෑම් එක කොලඹ සෙන්ටර් එකේ කරන්න පුලුවන් වුනානම්”

” ඒත් මන් එක්සෑම් එකට ඇප්ලයි කලේ අනුරාධපුර සෙන්ටර් එකෙන් නිසා මට ලැබෙන්නෙ නුවර එක්සෑම් සෙන්ටර් එක කියල මිස් අශානි කිවුවා.මට ඒක කොලඹට ට්‍රන්ස්ෆර් කරගන්න පුලුවන් වෙයිද?

“ඔව් පුතා පුලුවන් මන් ඒක කරල දෙන්නම්”

“තෑන්ක්‍යූ සර්”

“සර් මට තව දෙයක් දැනගන්න ඕනෙ , මේ කෝස් එකෙන් පස්සෙ කරන ටූ ඉයර් එච් ආර් කෝස් එක හැම බ්‍රාන්ච් එකේම තියෙනවද??”

“ම්ම්ම් ඔව් පුතා මෙහෙමයි , ලමයි රික්වෙස්ට් කරන විදිය බලල තමා අපි කෝසස් අසයින් කරන්නෙ බ්‍රාන්චර්ස් වලට. අනුරාධපුර බ්‍රාන්ච් එකෙත් ලමයි විස්සකට වඩා රික්වෙස්ට් කලොත් එයාල ඒ කෝස් එක කරනව කියල ඔයාට අනුරාධපුර බ්‍රාන්ච් එකේ කරන්න පුලුවන්.නැත්තම් ඉතින් කලම්බු ඕර් වෙන බ්‍රාන්ච් එකකට් යන්න වෙනව”

“ගෝල් බ්‍රාන්ච් එකේ තියනවද සර්?”

“දැනට නම් තියනව පුතා. ඇයි ගෝල් වල තියෙනවද ඇහුවෙ?ඔයා ගාල්ලෙද?”

“ඔව් සර්”
“ගාල්ලෙ කොහෙද?”

“ම්ම්ම් වැකුණගොඩ පාරෙ සර්.රිච්මන්ඩ් කොලේජ් එකේ අලුත් ගේට් එක පැත්තෙ? සර් දන්නවද ඒ පැත්ත ගැන”

“මාත් ගාල්ලෙ හීනටිගල, ඔයා කොහෙද ඉස්කෝලෙ ගියේ ,සංගමිත්තෙද?”

“නෑ සර් සවුත්ලන්ඩ්ස්”

“ආආ මං මහින්දෙ”
—————————————————————————–

“දැන් කොහොමද මල්ලි හොටෙල් එකේ වැඩ? අවුලක් නැතිව කරගෙන යනව නෙද?”

එහෙම ඇහුවෙ අපේ අක්කව බැදපු සුරේන් අයියා.සුරේන් අයියා ටුවරිසම් ඩිවලොප්මන්ට් එකේ ජොබ් එක කලේ.මට මේ හොටෙල් එකේ ජොබ් එකට යන්නත් අයියා සෑහෙන උදවු කලා.

“වරදක් නෑ අයියේ, සෑලරි තමා ඉතින් මදි.ඒත් ට්‍රේනිං කාලෙ එහෙමවත් ලැබෙන එක ලොකු දෙයක්නෙ”

“දැන්ම සැලරි එක ගැන වද වෙන්න එපා මල්ලි.ඔයා දැන් කරන්න ඕන කොලිෆිකේශන් හදාගන්න ගමන් ට්‍රේනිං එක ගන්න එකනෙ.ඩිග්‍රී එක ඉවරවෙද්දි ඔයා අවුරුද්දක් විතර ට්‍රේන් වෙලා තියෙන නිසා ෆයිව් ස්ටාර් හොටෙල් එකකට යන්න පුලුවන් හොද සැලරි එකකට”

“ඒක තමා අයියේ,මගේ අයිඩියා එකක් තියෙනව නැශනල් ටුවර් ගයිඩ් එක්සෑම් එක කරන්නත්.”

“ඔව් ඒක නම් හොදයි .සෑහෙන හම්බ කරන්නත් ඇහැකි.ලස්සන ප්ලේසස් බලන්න යන්නත පුලුවන්නෙ.ඒවුනාට ඉතින් අර රිලැක්ස් එකක් නෑ වැඩිය”

“ඔව් මහන්සි වෙන තරමට තමා ප්‍රතිපල”

“මාත් මෙයාට මේ කිවුවෙ ඕනෙවට වඩා දැන් ඔය සැලරි එක ගැන හිතන්න එපා , ඉස්සෙල්ලා ඩිග්‍රී එක ඉවර කරගෙන ඉන්න කියල.”

අපේ කතාව අහගෙන ඉදපු අම්මත් ඒ විදියට කතාවට එකතුවුනා.
—————————————————————————–
පැය බාගයක් විතර රජරට කැම්පස් එකේ ලමේක් කතාකරා.බලද්දි ඒ ලමයත් ගාල්ලෙ.

බෝඩිමට ගිහින් තනියම කරන්න දේකුත් නැතිනිසා මං හැමදාම වගේ ටිකක් රෑ වෙනකම් ඔෆිස් එකේ ඉන්නව.අපේ අකවුන්ටන් වජිරත් හැමදාම වගේ ටිකක් රෑ වෙනකම් ඉන්න නිසා එයා එක්කම එයාගෙ කාර් එකේ මට බෝඩිමට යන්න පුලුවන්.

“නිරංග මන් යනව ඔයා එනවද?”
“ආ ඔව් වජිර යන් මාත් එනව”

“අද කරපු කම්පියරින් එක කොහොමද නිරංග?”

“වරදක් නෑ වජිර, ඒකෙ තිවුනෙ අර එයාල ට්‍රේනිං වලට අලුතෙන් ගත්ත කොල්ලො කෙල්ලො සෙට් එකකට ෆීල්ඩ් එක ගැන අයිඩියා එක්ක දෙන එක තමා”

“කීදෙනෙක් විතර ට්‍රේනර්ස්ලා අරගෙන තිබුනද?”

“ම්ම්ම්ම් පණහක් විතර ඉදියා.උන්ගෙ තව අයිඩියා එකක් තියෙනව බන් , ඉස්කෝලවලට ගිහින් ලමයින්ට මේ එච් ආර් සයිඩ් එකේ තියෙන වැලිව් එක ගැන කියන්න.මගෙන් ඇහුවා එනවද කියල.මං කිවුවා ඔෆිස් එකෙන් ෆෝමලි අහන්න.මට එතකොට එන්න පුලුවන් කියල”

“ඔව් උන්ට වාසි ඉතින් එහෙම කරන එක.දැන් ඔහොම ගිහින් කරාම ඒලෙවල් කරන ලමයි වුනත් එන්න බලනවනෙ.කැම්පස් යනකම් නිකන් ඉන්න කාලෙ ලමයි සෑහෙන දේවල් කරනවනෙ”

“ඔව් එහෙම එච් ආර් කෝසස් කරන්න එයාල ඔෆිස් එකෙන් පේ කරනව කිවුවම ලමයි ට්‍රේනිං එනගමන් ස්ටඩි කරන්න බලනවනෙ.අපිටත් හොදයි ඉතින්.

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *