ප්‍රේමය හැදින්නෙමී -15 කොටස

“ප්‍රේමය හැදින්නෙමි” – 15 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”- 15 කොටස

අනන්ත බොරු හේතු හදාගෙන නිරංග සර්ට මං කතාකලා.එයා කිසිම උනන්දුවක් දක්වන්නෙ නෑ කියල දැනුනත් ,මට මගේ හිතේ තිබුන උනන්දුව අඩු කරගෙන එයාට කතානොකර ඉන්න ඒක හේතුවක් වුනේ නෑ.
නිරංග සර් මගේ මුලු හදවතේම පැතිරුනා කිවුවොත් හරි.

එහෙමයි කියල මං ශෙහාන්ට අඩුපාඩුව කරෙත් නෑ.එයාට කතාකලා,එයාව මුනගැහෙන්න ගියා,කෑම කන්න ,කොටුව ඇතුලෙ ඇවිදින්නත් වැකේශන් ලැබිල ගෙදර ආවට පස්සෙ දවසෙ ඉදලම මන් වෙලාව වෙන් කලා.

ඒත් කිසිම වෙලාවක මං ශෙහාන්ට ,නිරංග සර්ට මං කතාකරා කියල කිවුවෙ නෑ.මංවත් නොදන්න වරදකාරී හැගීමක් මගේ හිතේ ඇතිවෙලයි තිබුනේ.ඒ වරදකාරී හැගීමෙන් මිදෙන්නද මන්දා මන් වෙනදාටත් වඩා ශෙහාන්ට කෝල් කරා.හෙව්ව බැලුවා.

ඒත් මට නිරංග සර්ව අමතක වුනෙත් නෑ.අමතක කරන්න මන් කැමති වුනෙත් නෑ.එයා මගේ එෆ්බී රික්වෙස්ට් එක ඇක්සෙප්ට් නොකලත් අනිත් හැමදාම එෆ් බී ගිහින් එයාගෙ ප්‍රොෆයිල් එක පීර පීර හොයපු දෙයක් තිබුනා.

ඒ එයා කසාද බැදපු කෙනෙක්ද කියන එක.

—————————————————————————-
වෙනදට වඩා මන් සෑහෙන සතුටෙන් මේ දවස් වල මන් ඉන්නෙ.හොටෙල් එකෙ මොනතරම් රාජකාරි තිබුනත් ,කොයිතම් මහන්සි දැනුනත් හිත නිවන කාරණාවක් මගේ ලග තිබුනා.

ඒ කනිශ්‍යා.එයා වැකේශන් එකට ගෙදර ආව දවසෙ ඉදල අපි දෙන්න සෑහෙන මුන ගැහුන. එයා කැමතිම දිවුල් අයිස්ක්‍රීම් දෙකකුත් අරගෙන පරණ කොටු දොරකඩ පාරෙන් කොටුව ඇතුලට ගිහින් ඩච් හොස්පිටල් එක ලග බංකු උඩ වාඩිවෙලා ගොඩක් දේවල් කතාකරා. එතනින් යන මිනිස්සු දිහා බලන් ඉදියා. ප්‍රී ශූට්ස් වලට , වෙඩින්ග් ෆොටෝස් ගන්න ආපු කපල්ස් දිහා බල බල අපිටත් එහෙම දවසක් ඒවි කියල හීන මැවුවා.

මන් ආසයි කනිශ්‍යා කතාකරනව බලන් ඉන්න.එක එක විදියෙ ඇක්ශන් දදා එයා කතාකරද්දි හරිම ලස්සනයි ,හරිම හුරතල් .කනිශ්‍යා වගේ කෙල්ලෙක් ලබන්න මං කොයිතරම් වාසනාවන්තද කියල මන් නිතරම හිතුවා.

මන් දන්නවා එයා මට ආදරෙයි , ඒවගේම කවදාවත් මාව දාල යන්නෙත් නෑ කියල.

—————————————————————————–
අප්‍රේල් අට වෙනිදා තමා 2018 අවුරුද්දෙ සර්ටිෆිකට් ලෙවෙල් කෝස් එකේ එක්සෑම් එක තිබුනේ.

ඔෆිස් එකේ එඩියුකේශන් ඩිවිශන් එක උදේම ඒකට යන්න ලෑස්තිවෙන්න ඇති කියල හිතන ගමන්ම මම පහුගිය දවස් වල එක එක උදවු ඉල්ලගෙන කතාකරපු ගර්ල්ට එක්සෑම් එකට විශ් කරල මැසේජ් එකක් දාන්න හිතුවා.

ඒ ලමයගෙ නම මට අමතක නිසා මන් සේව් කරන් ඉදියෙ “රජරට ස්ටුඩන්ට්” කියල.

“විශ් යූ ඕල් ද බෙස්ට් ෆොර් යුර් එක්සෑම්.අයෑම් ශුවර් දැට් යූ විල් ගෝ තෲ ඊසීලි”

“තෑන්ක් යූ වෙරි මච් සර් ,දිස් මීන්ස් අ ලොට් ටු මී.තෑන්ක්ස් අගේන්”

තප්පර ගානක් යන්න කලින් ආව රිප්ලයි එක දැකල මට පුදුමත් හිතුනා.එක්සෑම් එකට බයයි කියල එක්කො මේකි කියල තියෙන්නෙ බොරු, නැත්තම් මේකිට එක්සෑම් ගැන කිසි ගානක් නැති එකියක් කියල තමා මට හිතුනෙ.නැත්තම් මේ එක්සෑම් එකට පැය ගානක් තියාගෙන ෆෝන් එක ඔබ ඔබ ඉදීවිද??

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “ප්‍රේමය හැදින්නෙමී -15 කොටස

  • August 21, 2018 at 12:45 am
    Permalink

    Kathawanun lassaani ilaga kotasath ikmanata denna

    Reply
  • August 21, 2018 at 12:46 am
    Permalink

    Kathawanun lassaani ilaga kotasath ikmanata denna Balanna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *