ප්‍රේමය හැදින්නෙමී – 24 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-24 කොටස

“කීයටද දැන් සර් අද ගෙදර එන්නෙ?”
“මන් ආව අනේ.උදේම ආව.”

“ආහ් ඒක හොදයි.ඉතින් මොකද අම්මල තාත්තල කියන්නෙ? සාමාන්‍යයෙන් සර් ගෙදර එන්නෙ කොයිතරම් කාලෙකට සැරයක්ද?”

“ම්ම්ම්ම් සති දෙකකට වතාවක්වත් එනව කනිශ්‍යා”
“අයියෝ එහෙමද?මන් හිතුවෙ මේ මාස දෙකතුනකට වතාවක් කියල.මන් නම් මේ වතාවෙ ගෙදර ආවෙ මාස දෙකකට පස්සෙ”

“😐😐😐😐 බුදු අම්මෝ ඒ මොකද?”
” හැමදාම ඉතින් ලෙක්චර්ස්නෙ සර්.සීයට අසූව ඇටෙන්ඩන්ස් බලන නිසා ගෙදර එන්න වෙන්නෙ නෑ.අනික ඉතින් දැන් වීක් එන්ඩ්ස් වල එච් ආර් ක්ලාසස් තියෙන නිසා කොහොමත් ගෙදර එන්න වෙන්නෙ නෑනෙ.පැය ගානක් යන්නත් ඕනෙනෙ.”

“එපා වෙනවනේද ඉතින් අනුරාධපුරේ ඉදල ගාල්ලට එන එකත්?”
“ඔව් ඉතින් මාර මහන්සි සර්”

“දැන් ඉතින් කැවිලි පෙවිලි එහෙම හැදුවද අවුරුද්දට ?”
“අම්මා තමා ඒව හදන්නෙ.ඔයා මොනවද හැදුවෙ?”

“මන් තමා සීනි සම්බල් හදන්නෙ හැමදාම අවුරුද්දට “
“ආහ් එහෙමද?? මන් ආසයි කෑම හදන්න .මන් හදන ඉස්සො කරියක් තියෙනව අපේ පවුලෙ අය අතරෙ සෑහෙන ප්‍රසිද්ධයි. මන් මුලින් වැඩ කලේ ———– එකේනේ.එතනදි මන් ——– ඒකට කලා කිචන් එකක්.තාම ඒක ෆන්ක්ශන් වෙනව.”

“ශා එහෙමද? මාත් ආසයි උයන්න.ගොඩක්ම ආස වෙස්ටර්න් ඩිශස් ඇන්ඩ් පුඩින් කේක් වගේ ඒව.මන් ඕලෙවල් කාලෙදි ඉන්ටර් ස්කූල් චෙෆ් කම්පිටිශන් එකකින් ඕල් අයිලන්ඩ් ෆස්ට් ප්ලේස් ආව”

“වාව්.ඇයි ඉතින් ඒ පැත්තෙන් ඉස්සරහට යන්න හිතුවෙ නැත්තෙ?කලිනරි ආට් සයිඩ් එකෙන්”

“ගෙදරින් වැඩිය ආස වුනේ නෑ සර්.මන් ආසාවෙන් ඉදියෙ ටුවරිසම් සයිඩ් එකට ගිහින් හොටෙල් එකක වැඩට යන්න.ඒවුනාට අන්තිමේ නතර වුනේ මෙතනින්”

“අපරාදෙනෙ.ඔයා දැන් පටන් ගන්න.අයි විල් හෙල්ප් යූ”
————————————————–
කනිශ්‍යා එක්ක හවස් වරුවෙ කොටුවෙ ඇවිදින්න ගියා. එයා හරිම ආසයි දිවුල් අයිස්ක්‍රීම් කන්න.
අයිස් පොප්සිකල් දෙකකුත් අරන් අපි කොටුවෙ ඇතුලෙ ඇවිද ඇවිද කතාකරා.

“දැන් ඔයා එච් ආර් එකට පාඩම් කරල ඉවරද බබා?”
“තාම නෑ අනේ.මට බයයිත් එක්ක.ඒක නෙවි ඔයා එනවනෙ මාව එක්සෑම් එකට එක්ක යන්න? මන් අම්මට කිවුවා මම තනියම යන්නම් කියල. තාත්තා ඉන්න නිසා ඔයා එනව කියල කිවුවෙ නෑ මම”

“දැන් මම කවදද බබා ඇවිත් තාත්ත එක්ක අපි ගැන කතාකරන්න ඕනෙ.අවුරුද්දෙන් පස්සෙ එන්නද?”

“එපා ඒයි.මට බයයි ඔයාට කිවුවට ඇවිත් තාත්තා එක්ක කතාකරන්න කියල.එයා බෑ කියාවි කියල.ඒනිස ඒයා ආයෙ එනවනෙ .නොවැම්බර් වල.ඔයා එතකොට ඇවිත් එයා එක්ක කතාකරන්න”

“ම්ම්ම්ම්ම් මට අකමැති වෙන්න හේතුවක් තාත්තට නෑනෙ බබා.කමක් නෑ ඔයාට බය නම් මන් නොවෙම්බර් වලඇවිත් කතාකරන්නම්කො”

“අයි ලව් යූ”
“අයි ලව් යූ ටූ”

“දැන් ආයෙ කැම්පස් පටන ගන්නෙ කවද්ද බබා?”
“දන්නෙ නෑ ඒයි.මේ ස්ට්‍රයික් එකයි අපේ අර දොලොස් දෙනෙක්ගෙ සස්පෙන්ඩ් එකත් ඉවරවෙනකම් පටන් ගන්න එකක් නෑ කියල තමා ඒයි කියන්නෙ .අනේ මන්ද අපරාදෙ ඉතින්”
————————————————–“ශැල් අයි කෝල් යූ”
“යප් ඕකේ යූ කැන්”

ගෙදර ආවට පස්සෙ අම්මල ඉන්න නිසා ගෙදරදි කනිශ්‍යා එක්ක ෆෝන් එකෙන් කතාකරන්න බෑ.එලියට ගිහින් තමා කතාකරන්න වෙන්නෙ.

“අම්මෙ මන් හන්දියට ගිහින් එන්නම්”
“කොහොමද යන්නෙ?”
“බයිසිකලෙන් ගිහින් එන්නම්.මොනවහරි හන්දියෙන් ගේන්න තියෙනවද?”

“පොල්තෙල් බෝතලයක අරන් එන්න පුතේ.
“හාහා ටිකක් වෙලාව යාවි හැබැයි”

“හාහා”
හන්දිය පැත්තට ආවම හදාගෙන යන අලුත් ගෙදරක් ලග පොඩි ඉඩක් තියෙනව.එතන ඉදන් කනිශ්‍යා එක්ක නිදහසේ කතාකරන්න ඇහැකි.
අපේ ගෙවල් පැත්තත් දැන් ටික ටික ටුවරිසම් වලට බර වෙලා.මේ හදාගෙන යන ගෙදරත් සුද්දෙක්ගෙ .මිනිහා සෑහෙන ලස්සනට හදනව.මේ පැත්තෙ මිනිස්සු කාමර වුනත් සුද්දන්ට දෙනව හොද ගානකට දෙන්න පුලුවන් කම තියෙන නිසාත්,තාම ගමේ පෙනුම ඒ ගතිය ගස්කොලං තියෙන නිසාත සුද්දො ඇවිත් ඉන්න කැමති.

“හෙලෝ “
“හෙලෝ සර් “
“කොහොමද ඉතින්?”
“හොදයි සර්.සර්ට කොහොමද ?”

“හොදයි අනේ.මන් මේ ඔයාට කතාකරන්න පොඩ්ඩක් එලියට ආව.ගෙදරදි අම්මල ඉන්න නිසා කතාකරන්න බෑනෙ .අන්තිමේ බලාවි මන් මේ කසාද බදින්නෙත් නැතිව පොඩි කෙල්ලෙක් එක්ක කයිය ගහනව කියල.”

“ආහ් එහෙම්ද?? ඉතින් අම්මට කියල කතාකර කර ඉන්න කෙනෙක් හොයාගන්නකො සර්.ඉවරනෙ එතකොට .මේ පොඩි කෙල්ලො එක්ක කතා කර කර ඉන්න ඕනෙ නෑනෙ 😁😂😂”

“😁😂😂😂😂😂😂”


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *