ප්‍රේමය හැදින්නෙමී – 25 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-25 කොටස

“පිනි බිංදු ඉහිරෙන ලන්ද මුදුනට හොරෙන්
ඉර එන්න ආයෙම එන්න ආයෙම හෙමින්
හිත කීරි ගැහෙනා හීන කන්දට උඩින්
පායන්න ඉර මන් ඉන්න ආසයි ලගින්”

“ඔය කියන්න බෑ කිවුවට ලස්සනට සිංදු කියන්නෙ.කවුද ඒ සින්දුව කියන්නෙ? මං මීට කලින් අහල නෑනෙ”

“අපෝ මට සින්දු කියන්න බෑ.ඕක ටිකක් කියන්න ඇහැකි.මේක සර් ඉස්සර ගියා කතාවක් ඉදුවරී කියල.ඒකෙ ගර්ල් නිතරම කියනව ඒ සින්දුව.මන් ආස නිසා කටපාඩම් කරගත්තා”

“ආහ් ඒක තමා.මන් අහල නෑ ඒක.ඒක යූටියුබ් එකේ නෑද?”
“මාත් හෙව්ව සම්පූර්ණ සිංදුවක් තියෙනවද කියල.යූටියුබ් එකේ නෑ සර්”

“තව සින්දුවක් කියන්න බලන්න.”
“අනේ මට සිංදු කියන්න බෑ සර්.”

“හරී ඔයා කියන්න බලන්නකො.”
“ම්ම්ම්ම්ම්ම්
සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා.
සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා
නිල් අහස පුරා රංචු ගැසී පක්ශී පියඹන්නා…….”

“ශා අන්න ඒක නම් ශෘතියටම කිව්වා හොදේ.ඔයා අහල තියෙනවදා ඕක කියනව මාර ලස්සනට…”

“මීනා ප්‍රසාදිනී සිරස සුපර් ස්ටාර් එකේ?”
“ඔව් ඔව් දැක්කනෙ මන් කියන්න යනදේ ඔයා කියනව .වී හෑව් මෙනි තින්ග්ස් ඉන් කොමන්”

“හ්ම්ම්ම්ම්ම්”
“ඔයා ඒක ලස්සනට කිවුවා.මන් අද ඉදන් ඔයාට මීනා කියල තමා කතාකරන්නෙ.”

“අයියෝ සර් මීනා දැනගත්තොත් වහ කාවි.සර් ඇහුවද සුමිත්‍රා පීරිස් ගෙ අලුත් ෆිල්ම් එකක් එනව වෛශ්නාවී කියල.ඒකෙ ලස්සන සින්දුවක් තියෙනව.
“ඔබ නොදනී කැලඹුම මායාවේ
නොහැගේ ජීවිතයේ ගිම්හානේ “කියල.
මට ඒකෙ තාලෙ අල්ලගන්න බෑ.මන් එවන්නම්කො ලින්ක් එක සර් අහල බලන්න මාරම ලස්සනයි සර්.”

“එහෙම්ද? කවුද රගපාන්නෙ ෆිල්ම් එකේ?”
“ම්ම්ම් යශෝදා විමලධර්ම ඉන්නව.තව ඉන්නව ජෙහාන් දන්නවනෙ ?කූඹියෝ එකේ? අන්න එයා .”
————————————————–
“පුතේ දැන් ඔය ජොබ් එකෙන් අස්වෙලා වෙන එකකට යන්න හිතන් ඉන්නවනම් දැම්ම එකක් හොයන්න මහන්සි වෙන්න වෙයි නේද?

“දැන්ම නෙවි ඉතින් තව ටික දවසකින් බලනව.ට්‍රේනිං ලෙටර් එක ගන්නත් ඕනෙනෙ මෙතනින්.ඒක ගත්තට පස්සෙ තමා යන්න ඕනෙ.නැත්තම් අපරාදෙනෙ”

“මං අයියටත් කිවුවා .එයාත් හොයල දේවි.අර හරියටම අස්වෙන දවසක් තාම නැතිනිසා එයාටත් බලන්න බෑනෙ රස්සාවක්.”

“නෑ එහෙම අමාරු වෙන එකක් නෑ වෙන තැනක් හොයාගන්න.ඒ වෙද්දි ට්‍රේනිං එකත් කම්ප්ලීට් ,ඩිග්‍රී එකත් ඉවර නිසා හොද හොටෙල් එකක වැඩට යන්න පුලුවන් වෙයි”

“සංදීප අස්වුනා කිවුවා නේද හොටෙල් එකෙන්?ඒ මොකද එකපාර අස්වුනේ?දැන් එයා කොහෙද වැඩ කරන්නෙ?”

“එයාට සැලරි මදි කියල අස්වුනේ.දැන් වැඩ කරන්නෙ අපේ හොටෙල් එක ලගම තියෙන වෙන රෙස්ටුරන්ට් එකක.ඒකෙ සැලරි හොදයි ස්ටාෆ් එකත් හොදයි කිවුවා.අපේ ඉන්න අර මැනේජර් කාරය එක්කනෙ බැරි.මන් ගහනව ඕකට වෙලාවක”

“පුතේ කොහේ ගියත් එහෙම මිනිස්සු මුනගැහෙනවා.අපි වගේම මිනිස්සු හැම තැනම නෑනෙ.ඉන්න ටික දවසෙ ප්‍රශ්න දාගන්නෙ නැතුව ඉන්න.අනිත් එක ඔහොම තරහ අරන් කොහොමද වැඩකරන්නෙ.”
————————————————–
“ඔයා කූඹියෝ බැලුවද?සුපිරිනේ.මන් හිතුවෙ නෑ කෙල්ලො කැමති ඇති කියල ඒ වගේ ටෙලිඩ්‍රාමා වලට.”
“ඇයි ඒ එහෙම කිවුවෙ?’

“නෑ ඉතින් ඔයාලගෙ වයසෙ ගොඩක් අය එහෙමනෙ.ගොඩක් කැමති ඔය ෆැන්ටසි කතාවලටනෙ.සින්දු වක් ඇහුවත් ෆිල්ම් එකක් බැලුවත්,පොතක් කියෙව්වත් බලන්නෙ අර ආතල් එකක් ගන්නනෙ.”

“අනේ නෑ සර් දන්නවනෙ මන් ගැන.මන් කොහොමත් අනිත් අය වගේ නෙවි.ඔඩ් චරිතයක් කියල.මන් කූඹියෝ බැලුව.මට ඔය කම්මැලි හිතුනමත් මන් ආයෙ ආයෙ එක එක එපිසෝඩ්ස් බලනව.මන් ඒ කතාවෙ කැමතිම දේ ඒක හරිම යතාර්ථවාදි.අනික අද්‍යක්ශකගෙ දක්ශතාවය අපි වෙනද අර කොටට ඇදල මේක් අප් දාල ෆැන්ටසි වගේ ඉදපු යුරේනි කියන වෙස්ටර්න් කෙල්ල ඇතුලෙ ජීවත් වුන දක්ශ නිලිය එලියට ගත්තඑක.”

“ඔව් ඒක හරි.ඒ හිරුනි චරිතෙ සුපිරියටම යුරේනි කරනව.ඇදුම් වුනත් බලන්නකො.එකම ඇදුම දෙතුන් ගමනක් වුනත් අදිනව.ඇත්තටම වෙන්නෙත් ඒකනෙ.ඒවුනාට අපේ ගොඩක් කතාවල මොකද්ද පෙන්නන්නෙ ,එකපාරක් අදින එක ආයෙ කවදාවත් අදින්නෙ නෑ.මේක් අප් දාගෙන නිදාගන්නෙ.”

“අනික කූඹියෝ එකේ කිසිම චරිතයක් ප්‍රධාන කියල නෑනෙ.හැම චරිතෙම මාර වැදගත්.අනික ඩිරෙක්ටර් හොදට ස්ටඩි කරල තමා කතාව හදල තියෙන්නෙ.දැන් බලන්න අර මහඋල්පතගම ? මිනිහා අර ගමේ ඉදල කොළඹ ආපු අහිංසක නූගත් මිනිහෙක් කියන එක ,මිනිහගෙ කුලෑටි කම ලස්සනට පෙන්නල තියෙනව.අනිත් එක අර මනුශ්‍ය ස්වබාවය ලස්සනට මතුකරල අරන් තියෙනව.”

“ඔව් මන් ඔස්ටින් අයියටත් මාරම කැමති”

“ඔව් සර් දැන් ඔස්ටින් අයියා වුනත් බලන්නකො.ඕනෙම මිනිහෙක් ඇතුලෙ හොද නරක දෙකම තියෙනව සර්.ඔස්ටින් අයියාමැරය වුනත් ඒ මිනිහගෙ තියෙන මනුස්සකමත් පෙන්නුම් කරනව. ඇත්ත කතාවත් ඒකනෙ සර්.අපි කිසිම කෙනෙක් සම්පූර්ණයෙන් නරක හෝ හොද වෙන්නෙ නෑනෙ.කූඹියෝ සාර්ථක ඒකයි”


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *