ප්‍රේමය හැදින්නෙමී – 26 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-26 කොටස

නිරංග සර්ගෙයි මගෙයි අතර ගොඩක් දේවල් සම්බන්දව තිබුනෙ සෑහෙන සමාන අදහස්.
සංගීතය,සමාජය,දේශපාලනය,ටෙලිනාට්‍ය ,චිත්‍රපටි වගේ ගොඩක් ඒව ගැන නිරංග සර්ටයි මටයි කතා කරන්න සෑහෙන දේවල් තිබුනා.
හැමදාම හවස පැය දෙක තුනක් ෆෝන් කෝල් එකක එල්ලිලා අපි අනන්ත දේවල් ගැන කතාකලා.
ඒවගේම  මමයි එයයි දෙන්නම ඉදියෙ නිවාඩුවට ගෙදර ඇවිත්.අපි දෙන්නට කරන්න විශේශ වැඩක් නොතිබුන නිසාත් අපිත් නොදන්න සිතුවිලි රැහැනක් අපිව ලං කරන්න උත්සාහ කරපු නිසාත් අපි මුලු දවසෙම වගේ වට්ස් ඇප් එකෙන් චැට් කලා.
කතාකරන්න මේ තරම් දේවල් අපිට තිබුනද කියල හිතන්න තරම් අපි කතාකලා.නිරංග සර්ගෙ හිතත් මන් සම්බන්දව වෙනස් විදියකට හිතන්න පටන් අරන් කියල එයා කියන දේවල් වලින්  මට තේරුනත් මන් කිසිම දෙයක් නොතේරුන ගානට ඉදියා.

සමහර දේවල් ගැන මේ මොහොතෙදි හිතද්දි ඇයි මන් එහෙම කලේ කියල හිතුනත් එදා හිතේ තිබුන හැගීම් එක්ක මට හිතුනෙ නිරංග සර් තරම් මනුස්සයෙක් මේ තුන් ලෝකෙම නෑ කියල.
එයා වගේ සිතන පතන ,ප්‍රේමණීය,කඩවසම්,සින්දු කියන්න පුලුවන් කෙනෙක් මට කතා කරන එක ගැන මන් සෑහෙන සතුටු වුනා.ආඩම්බර වුනා.

මුලු දවසෙම මගේ හිත තිබුනෙ නිරංග සර් ලග කිවුවොත් නිවැරදි.ශෙහාන්ව මට දැනුනෙ මගේ ඒ හැගීමට තියෙන බාදාවක් විදියට.වෙනද වැකේශන් එකට ගෙදර ආවම මන් වැඩිපුරම කලේ ශෙහාන් එක්ක එහේ මෙහේ යන එක.මේ වතාවෙ ඇත්තටම මට ඕනෙ වුනේ මුලු දවසෙම හැම තප්පරේම නිරංග සර් එක්ක කතා කර කර ඉන්න.ඒනිසාම තාත්තා ඉන්න නිසා වැඩිය මීට් වෙන්න එන්න විදියක් නෑ කියල මන් ශෙහාන්ට බොරු කිවුවා.
————————————————-

අවුරුද්ද කියල නිවාඩුවක් ලැබුනෙම නෑ.හොටෙල් එකේ වැඩ පිරිලා. හැම මොහොතෙම කස්ටමර්ස්ලා පිරිලා ඉදපු නිසා හුස්මක් කටක් ගන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ.

මේ හැමදේම අතරෙ මට කනිශ්‍යා මීට් වෙන්න ලැබුනෙත් බොහොම සීමිත කාලයක්.ඒ මොක උනත් කනිශ්‍යා කියන්නෙ රණ්ඩු වෙන කෑගහන කෙනෙක් නොවෙන එක මට සෑහෙන ලොකු සැනසීමක් වුනා.
එයා නිතරම මගේ බිසී ශෙඩූල් එක තේරුම් ගත්තා.නිතරම හොදට පාඩම් කරන්න.මහන්සි වෙලා ට්‍රේනිං එක කරගන්න කියන එයාගෙ වචන හැම නිතරම මාව දිරිමත් කලා.

මේ දවස්වල එයාලගෙ තාත්තා නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්න නිසා එයාට වැඩිය මාව මීට් වෙන්නත් එන්න බැරි වුනා. මට ඒක දුකක් වුනත් තාත්තා ඉදියෙ නැත්තම් එයා අනිවාර්යයෙන්ම මාව මීට් වෙන්න එනව කියල දන්න නිසා මුකුත් කිවුවෙ නෑ.

කනිශ්‍යා හැමදේම මට කියන කිසිම දෙයක් මගෙන් හන්ගන්නෙ නැති කෙනෙක් කියල මගේ හිතේ එයා ගැන තිබුනෙ ලොකු හැගීමක්.සෑහෙන ආදරයක්.ඒත් ඒ හැමදේම වෙනස් වෙලා ගියේ දවසක් කාවිංග කතාකරල මට කිවුව දේකින්.

“හෙලෝ”
“හෙලෝ ශෙහාන් උඹ කොහෙද මචන් ඉන්නෙ?”

“හොටෙල් එකේ බන් ඉන්නෙ ? මොකෝ හදිසියක්ද?”

“නෑ බන් හදිසියක් නෑ.කනිශ්‍යාව දැක්ක.කේඑෆ්සී එකේදි.කොල්ලෙකුත් එක්ක.උඹ ඉන්නව ඇති කියල හිතල කෝල් කලේ.”

“ආ නෑ බන් මන් හොටෙල් එකේ ඉන්නෙ.කනිශ්‍යාගෙ කසින් කෙනෙක් අද කොලඹ ඉදන් ආව බන්.ඒ අයියා එක්ක කේඑෆ්සී යනව කියල කිවුවා.මන් ගියේ නෑ බන්”
“ආ හරි බන් ශේප්.උඹ ෆ්‍රි වෙලාවක කෝල් කරපන්”

“හරි කොල්ලො හරි”

කනිශ්‍යා ලයිබ්‍රරි යනව කියලනෙ උදේ ආවෙ.දැන් කොහෙද කේඑෆ්සී එකේ ඉන්නෙ?
යාලුවෙක් මීට් වෙන්න ඇති.අනික කේඑෆ්සී එක තියෙන්නෙත් ලයිබ්‍රරි එක ලගමනෙ.

————————————————-
“අයෑම් ගොඉන් ටු ද ලයිබ්‍රරි ටුමෝරෝ මෝර්නිංග් .විල් ටෝක් ටු යූ වෙන් අයෑම් බැක්”

අවුරුද්දෙන් ටික දවසකට පස්සෙ රෑ වෙලාවක නිදාගන්න් යන්න කලින් කනිශ්‍යා එහෙම මැසේජ් එකක් එව්වා. පෙරේදා අපේ ගෙදර කුඹුරු වැඩ තිබුනා.මන් මඩ ගාගෙන කුඹුරෙ වැඩ කරනව දැකල,අස්වැන්න පුරවපු වී මලු කර තියන් එන මන් යවපු ෆොටෝ දැකල කනිශ්‍යාට මාව එපා වේවි ,ආයෙ කතා කරන එකක් නෑ කියල හිතුනත් ඒකි කතාකරපු විදියට මට මාර සතුටක් සැනසීමක් දැනුනේ.

“පොලොවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්”

මන් මුලින් යාලුවෙලා ඉදපු කෙල්ලන්ගෙන් නිමේශා කොලඹ හැදුන වැඩුන ක්‍රිස්තියානි කෙල්ලෙක්.මන් ඉස්සර කැම්පස් ඉදල කුඹුරු වැඩ කාලෙට ගෙදර ආවම නිමේශා නිතරම එක එක ඒව කිවුවා.

“මඩ ගාගෙන ඉන්න ඔයාට ලැජ්ජ නැද්ද නිරංග .”
“මොකද්ද ලැජ්ජාව?”
“අනේ මේ මාව බැන්දට පස්සෙනම් ඕව තියාගන්න ලෑස්ති වෙන්න එපා.ඊයා”

“ඔයාලට බත් කන්න හොදයි.කුඹුරු වල බැහැල වැඩක් කලාම තමා අප්පිරිය.ඔය විදියට ඉතින් මගේ තාත්තා ගොවියෙක් කියන්නත් ඔයාට ලැජ්ජ හිතේවිනෙ”

එයා කොලඹ විදියට හැදුන,ක්‍රිස්තියානි ආගමේ කෙනෙක් නිසාත් මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙනෙක් නිසාත් අපේ අම්මා ඒ සම්බන්දෙට දැඩිව විරුද්ධ වුනා.ඒනිසාම ඒ සම්බන්දය කැඩිලා ගියාට නිමේශාල රේණු ලා එක්ක බලද්දි කනිශ්‍යා කොයිතරම් පොලොවෙ පය ගහල ඉන්න බුද්ධිමත් කෙල්ලෙක්ද කියල මට පුදුම හිතුන වාර අනන්තයි.

ඒ හැගීම නිසාම තමයි කනිශ්‍යාව මීට් වෙන්න මන් යන්න ඕනෙ කියන තීරණේට මන් ආවෙ.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *