ප්‍රේමය හැදින්නෙමී – 27 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-27 කොටස

“ශැල් අයි කම් ටු ද ලයිබ්‍රරි ටුඩේ?”
“සුවර් .බට් වයි?”
“අයි හෑව් ටු මීට් අ වෙරි ස්පෙශල් ෆ්‍රෙන්ඩ් ඔෆ් මයින් “
“ඕහ් රියලි.හූ ඊස් දැට් ස්පෙශල් ෆ්‍රෙන්ඩ් ?”
“ශී ඊස් අ වෙරි බියුටිෆුල් ,කල්චර්ඩ් යන්ග් ලේඩි හූස් නේම් ඊස් කනිශ්‍යා “

“ඕ රියලි.ඕකේ දෙන් යූ කැන් කම්.අයි විල් ලීව් හෝම් බයි එයිට් ඔ ක්ලොක් ඉන් ද මෝර්නිංග්.යූ කැන් කම් දෙයාර් ඇන්ඩ් ගිව් මී අ කෝල් වෙන් යූ ආ අරවුන්ඩ්”

“ඕකේ අයි විල් .අයි හෑව් ටු ගෝ ටු කලේගාන ෆස්ට් .අයි හෑව් අ රිලේශන් දෙයාර් ඇන්ඩ් හෑව් ටු විසිට් දෙම් ෆොර් නිව් ඉයර්”

“ආ ඕකේ.නෝ ප්‍රොබ්ලම්”

“ඕකේ දෙන් සී යූ සූන්”

නිරංග සර් මාව මීට් වෙන්න ලයිබ්‍රරි එකට එනව කිවුව එක මට මාර ලොකු සතුටක් වුනා. එදා අනුරාධපුරේදි දැක්කට පස්සෙ මට නිරංග සර්ව දකින්න වුනේ එෆ් බී ෆොටෝස් වලින් විතරයි .ඒනිසා එයාව දකින්න මට ලොකු ආසාවක් වගේම උවමනාවක් තිබුනා.මුලින්ම එයාව දැක්ක දවසෙ වුනත් එයා එක්ක කතා කරන්න වුනේ නැති නිසා එයා එක්ක කතාකරන්නත් ලොකු ආසාවක් මට තිබුනා.

“දැන් මොකද්ද ඇදගෙන යන්නෙ?”
ඒකතමා මට ආව ලොකුම ගැටලුව.ලස්සන වෙන්නත් ඕනෙ.මගේ තියෙන ක්ලාසි ගතිය පේන්නත් ඕනෙ.කොහොමත් නිරංග සර් කැමති ක්ලාසි ලුකින් ,සරල ,චාමින් පෙනුමක් තියෙන අයට නිසා මට ඕනෙ වුනේ මාත් එහෙම කෙනෙක් කියල පෙන්නන්න.
කබඩ් එකේ තිබුන ඔක්කොම ඇදුන් බිමට ඇදල දාලා අන්තිමට තෝරගත්තෙ නිල් පාට ලේස් ටයිට් ස්කර්ට් එකකුයි සුදුයි නිල් පාටයි බ්ලවුස් එකකුයි.

නිල් පාට නිරංග සර්ගෙ ෆේවරිට්ම කලර් එක නිසා ඒ ඇදුම ඇදන් යනව කියල තීරණය කලා.ඉක්මනට වොශ් එකක් දාල කොන්ඩෙත් පීරන් ආව.කොණ්ඩෙ පීරද්දි තමා දැක්කෙ නලල උඩ තඩි පිම්පල් එකක් ඇවිත් කියල.
“මේ මගුලටත් අදම පේන්න එන්න ඕනෙ වුනානෙ”

හිතෙන් බැන බැන කාමරෙන් එලියට ඇවිත් බලද්දි වෙලාව හත හමාරයි.ටක්ගාල ගෙදරින් එලියට ආවෙ හන්දියට ගිහින් ත්‍රීවීල් එකක යනව කියල හිතාගෙන.

“බබා කාල යන්න”
“ඇවිත් කන්නම් අම්මෙ”
————————————————–
කොයිතරම් කනිශ්‍යා ගැන විශ්වාස කලත් මගේ හිතේ නිතරම කාවිංග කෝල් කරල කිවුව දේ රැව්පිලිරැව් දුන්න.

“නෑ බන් හදිසියක් නෑ.කනිශ්‍යාව දැක්ක.කේඑෆ්සී එකේදි.කොල්ලෙකුත් එක්ක.උඹ ඉන්නව ඇති කියල හිතල කෝල් කලේ.”

කවුද ඒ?කාත් එක්කද කනිශ්‍යා කේඑෆ්සී ගියේ?
කනිශ්‍යා වැඩිය යාලුවො ආශ්‍රය කරන කෙනෙක් නෙවෙයි.එයාට වැඩිය යාලුවොත් නෑ.එහෙම එකේ කවුද මේ කියන කොල්ලා?

කේඑෆ්සී එක ලගට ගිහින් බලන්න හිතුනත් හොටෙල් එකේ නීති රීති එක්ක එහෙම එලියට යන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.

මොනතරම් හිත නොසන්සුන් වුනත් මන් හිත තද කරගෙන හොටෙල් එකේ වැඩ කලා.හවසට ගෙදර ගියාම කනිශ්‍යා කියාවිනෙ අද මොකද වුනේ කියල.එයා මට කිසිම දෙයක් හංගල නැති නිසා මේකත් කියාවිනෙ.
කාවිංග කියපු දේ නිතරම මතක් වුනත් මන් එහෙම හිතල හිත හදාගත්තා.

කනිශ්‍යා මට ආදරේ බව මන් දන්නව.මට තිබුන ලොකුම ගැටලුව කනිශ්‍යා ලස්සන නිසාත් කතාකරද්දි එයාගෙ තියෙන චතුර බව හුරතල් බව නිසාම ඕනෙම කෙනෙක්ගෙ හිත දිනාගන්න එයාට තිබුන අසාමාන්‍ය හැකියාව.
එයත් එක්ක කතාකරන ඕනෙම වයසක කෙනෙක් තමන්ගෙ තත්වෙ තරාතිරම අමතක කරල එයා ගැන හිතන්න තරම් කොලිටියක් කනිශ්‍යා ලග තිබුනා.

මොඩල් කෙනෙක් වගේ ලුක් එකක් නොතිබුනත් මහ ලොකු ෆැශන් නොකරත් කනිශ්‍යා ලග තිබුන ඒ කොලිටිය,කියුට් ගතිය මන් වෙන කිසිම කෙල්ලෙක් ලග දැකල තිබුනෙ නෑ.

————————————————–
“ශැල් අයි කම් ටු ද ලයිබ්‍රරි ටුඩේ?”
“සුවර් .බට් වයි?”
“අයි හෑව් ටු මීට් අ වෙරි ස්පෙශල් ෆ්‍රෙන්ඩ් ඔෆ් මයින් “
“ඕහ් රියලි.හූ ඊස් දැට් ස්පෙශල් ෆ්‍රෙන්ඩ් ?”
“ශී ඊස් අ වෙරි බියුටිෆුල් ,කල්චර්ඩ් යන්ග් ලේඩි හූස් නේම් ඊස් කනිශ්‍යා “

“ඕ රියලි.ඕකේ දෙන් යූ කැන් කම්.අයි විල් ලීව් හෝම් බයි එයිට් ඔ ක්ලොක් ඉන් ද මෝර්නිංග්.යූ කැන් කම් දෙයාර් ඇන්ඩ් ගිව් මී අ කෝල් වෙන් යූ ආ අරවුන්ඩ්”

“ඕකේ අයි විල් .අයි හෑව් ටු ගෝ ටු කලේගාන ෆස්ට් .අයි හෑව් අ රිලේශන් දෙයාර් ඇන්ඩ් හෑව් ටු විසිට් දෙම් ෆොර් නිව් ඉයර්”

“ආ ඕකේ.නෝ ප්‍රොබ්ලම්”

“ඕකේ දෙන් සී යූ සූන්”

කනිශ්‍යා මට ලයිබ්‍රරි එකට එන්න කියල කිවුව එක මට මාර ලොකු සතුටක් වුනා.මන්වත් තාම තේරුම් නොගත්ත හැගීමක් මගේ හිතේ කනිශ්‍යා ගැන තිබුනා.මගෙයි ඒ ලමයගෙයි අතර තිබුන අවුරුදු පහලවක වයස ගැප් එක නිසාම වෙලාවකට මට මගේ මේ තියෙන බොලද සිතුවිලි ගැන ලැජ්ජ වුනත් ඒ ලමයගෙ තිබුන කොලිටියට මගේ හිත මාරම එයාට ඇදිල ගියා.

ඒ ලමයගෙ තිබුන කතාකරන විදිය,බුද්ධිමත් බව, මානුශීය බව මාව සෑහෙන ඒ ලමය ගැන හිතන්න පෙලඹෙව්වා.

මට ඊලගට ආව ලොකුම ගැටලුව වුනේ දැම් මොකද්ද ඇදන් යන්නෙ කියල.ඔක්කොම හොද ඇදුම් තියෙන්නෙ කොලඹ නිසා මට ඇදන් යන්න කියල තෝරන්න ඇදුමක් තිබුනෙ නෑ.ඒනිසා ඔන්න ඔහේ ඕනෙ දෙයක් වෙච්ච දෙන් කියල නිල් පාට පරණ ශර්ට් එකක් එක්ක ඩෙනිමක් ඇන්දා.
හවසට කඩවත ශාන් ලගෙ ගෙදර පාර්ටි එකක පෆෝම් කරන්න යන්න තියෙන නිසා මවුත් ඕගන් එකත් ගත්තා.ගෙනියන්න තියෙන තෑගි පාර්සලෙත් අරන් ඉක්මනට එලියට ආවෙ කලේගාන ලොකු අම්මව බලල කනිශ්‍යා මීට් වෙන්න ලයිබ්‍රරි එක ලගට එන්න හිතාගෙන.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *