ප්‍රේමය හැදින්නෙමී – 28 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-28 කොටස

පොත් තෝර තෝර ඉදිය වුනත් හිත තිබුනෙ නිරංග සර් ලග.එයා කොයි වෙලේ හරි කතාකරාවි කියන බලාපොරොත්තු ඇතුව මන් ෆෝන් එක වයිබ්‍රේට් දාගෙන ඉදියා.
එකපාර ෆෝන් එකට වයිබ්‍රේට් වුනා.මැසේජ් එකක් ඇවිත්.

“අයෑම් ඔන් මයි වේ ටු ද ලයිබ්‍රරි .නවු ඇට් මිනුවන්ගොඩ ජන්ක්ශන්”

නිරංග සර් එවපු මැසේජ් එක දැකල මට මාර සතුටක් දැනුනෙ.ඒ සතුට අතරින්ම ඇග දිගේ නිකන් කරන්ට් එකක් යනව වගේ අමුතුම හැගීමකුත් තිබුනා.හරියට අර පොඩිකාලෙ අම්මලට හොරෙන් මොකක් හරි හොර වැඩක් කරන්න යද්දි දැනෙන තිගැස්ම වගේ එකක්.

ඉක්මනට අතට අහුවෙච්ච පොත් දෙකකුත් අරන් කවුන්ටර් එක ලගට දිවුවෙ ලයිබ්‍රරි කාඩ් එක මාර්ක් කරල එලියට යන්න හිතාගෙන.අවුරුද්ද දවස් වුනත් තරමක සෙනගක් ලයිබ්‍රරි එකේ ඉදියා.මිනිත්තු කීපයකින් මන් ඉදියෙ රිචඩ් පතිරන පුස්තකාලෙ ඉස්සරහ දොර ලග.

“අයෑම් ඇට් ද ලයිබ්‍රරි මේන් ඩෝ.කෝල් මී වෙන් යූ ආ හියර්”
“අයි විල්.කමින් බයි බස්.සෝ ඉට් විල් ටේක් සම් ටයිම්.හියුජ් ට්‍රැෆික් ඇට් මිනුවන්ගොඩ”

“කම් සේෆ්.අයිල් බී දෙයා”

නිරංග සර් එන්න ටික වෙලාවක් ගියත් මට ඒක ගානක් වුනේ නෑ.මන් කොහොමත් එහෙම කවුරුහරි එනව කියල පරක්කු වුනාට වැඩිය තරහ යන කෙනෙක් නෙවි.ශෙහාන් වුනත් මාව මීට් වෙන්න එන්න පරක්කු වුනාට මන් කවදාවත් තරහා අරගෙන නෑ.අපි හැමෝම මිනිස්සුනෙ.මොකෝ පියාඹල එන්නද?

විනාඩි පහක් දහයක් එහෙම ලයිබ්‍රරි එකේ දොර ලග මට ඉන්න වුනා.නිරංග සර් ගැන හිතේ පිරිල තියෙන සුන්දර හැගීම් නිසා මට ඉබේම හිනා යනව.ඒත් මිනිස්සු ඉන්න නිසා හිනාව නවත්තගන්න මන් බිම බලාගෙන ඉදල ඔලුව උස්සල බලද්දි තමා නිරංග සර් පාර පැනල ලයිබ්‍රරි එක පැත්තට එනව දැක්කෙ.මාව දැකල එයා හිනාවුනා.
මිනිහා මාව අදුරගෙන.අව්ව නිසා සන්ග්ලාසස් දෙකකුත් දාගෙන ඉදපු නිරංග සර් හරිම හැන්ඩ්සම්.එයා ඇවිත් මාත් එක්ක හිනාවෙල ටික වෙලාවක් මූන දිහා බලන් ඉදල “යමු”කියල කිවුවා.

කොහේද කින්ද මන්ද කියල අහන්නෙත් නැතුව මන් එයාගෙ පිටිපස්සෙන් කේඑෆ්සී එක පැත්තට ගියා.මට වඩා කැපී පෙනෙන උසක් තියෙන නිරංග සර් දිහා බලාගෙනම එයා පිටිපස්ස හැරිල අහන ප්‍රශ්න වලට උත්තර දිදීම මම ගියා.
————————————————–

හවස ගෙදර ඇවිත් මන් මුලින්ම කලේ කනිශ්‍යා ට කෝල් කරපු එක.එයාගෙ ෆෝන් එක බිසී.වෙන කවරදාවත්ම නැතිව පැයක් විතර බිසී වුන එයාගෙ ෆෝන් එක කාවිංග මට කියපු දේවල් එක්ක එකතුවෙලා කනිශ්‍යා ගැන සැකයක් වගේම තරහකුත් මගේ හිතේ ඇතිකලා.ආයෙ පැයකට විතර පස්සෙ තමා කනිශ්‍යා මට කෝල් කලේ.

“අනේ සොරි ශෙහාන් මාමා කෝල් කලා.ඔයා කෝල් කරපු වෙලේ ගන්න බැරිවුනේ ඒකයි.සොරි තරහද?

“නෑ බබා ඒකට කමක් නෑ.මාමා මොකද කියන්නෙ?”

“එයාලා ආයෙ නොවෙම්බර් වල එන්න හිතාගෙන ඉන්නව කියල කිවුවා.කොහොම වෙයිද දන්නෙ නෑ.ඔයා කෑවද ශෙහා?”
“ඔව් බබා මන් කෑව.ඔයා අද මොකද කලේ?”

“මුකුත් නෑ අනේ.උදේ ලයිබ්‍රරි එකට ගියා.ඊටපස්සෙ අර මල්ලිගෙ අසයින්මන්ට් එකකට පොතක් හදන්න දීල තියෙනවනෙ.ඒකෙ ප්‍රින්ට් අවුට් ගන්න ගියා.ගෙදර ඇවිත් ටිකක් නිදාගත්තා ඒයි.කම්මැලි හොදටම”

කනිශ්‍යා වෙනද හැමදේම කියන කෙනා මේක මට හැංගුවෙ එයා කේඑෆ්සී එකේදි මීට් වෙලා තියෙන්නෙ යාලුවෙක් නෙවිනෙ කියන මතයට එන්න මට අන්තිමේ සිද්ද වුනා.

ඇයි කනිශ්‍යා මට ඒක නොකිවුවෙ?කවුද ඒ මනුස්සයා? මොකද්ද එයාට කනිශ්‍යා එක්ක තියෙන සම්බන්දෙ? ඇයි කනිශ්‍යා මට ඒක ගැන නොකිවුවෙ ? වගේ ප්‍රශ්න කෝටියක් මගේ හිතේ පෙරලි කරත් මන් කිසිම දෙයක් නොදන්න ගානට එයා එක්ක කතාකලා.

මන් එයාගෙන් කෙලින්ම ඒක අහල එයා බොරුවක් කිවුවොත් රැවටෙන්නෙ මන් නිසා තනියම කොහොමහරි ඒක හොයාගන්නව කියල මන් හිතුවා.

“නෑ බන් හදිසියක් නෑ.කනිශ්‍යාව දැක්ක.කේඑෆ්සී එකේදි.කොල්ලෙකුත් එක්ක.උඹ ඉන්නව ඇති කියල හිතල කෝල් කලේ.”

කාවිංග කියපු කතාව නිතරම වගේ මට මතක් වෙලා ලොකු බයක් වේදනාවක් වගේම සැකයක් මගේ හිතේ මුල් අදිද්දි කොහොම හරි මේක හොයාගන්න ඕනෙ කියන මතේට මන් ආව.

මන් ආස වුනේ නෑ මාව රවට්ටනවට.කනිශ්‍යා මාව රවට්ටන එකක් නෑ,එහෙම කරන්න එයාට හේතුවක් නෑ කියල වෙලාවකට මට හිතුන.

“ඒත් එහෙනම් ඇයි එයා මට ඒක නොකිවුවෙ ?
————————————————–
කලේගාන ලොකු අම්මලගෙ ගෙදර ඉදල ගාල්ලට එන්න හිතාගෙන පාරට එද්දිම බස් එකක් ආව.වැඩිය සෙනග ඉදියෙත් නැතිනිසා බස් ඒකේ එන ගමන් මට කල්පනා වුනේ මගේ අතීතය.
කැම්පස් එකෙන් සස්පෙන්ඩ් වෙලා ගෙදර ඉද්දි තාත්තගෙත් කකුල කැඩිලා එයාට කුඹුරු වැඩ මුකුත්ම කරගන්න විදියක් නැතුව අපි හරි අමාරු තත්වෙක ඉදියෙ.

ඒ දවස්වල මම පොඩි සේල්ස් ජොබ් එකක් කරා.එක එක ප්‍රඩක්ට්ස් අරගෙන අපි මේ කලේගාන,ගිංතොට ,ලැන්දෑව වගේ පැතිවල කඩවල් වලට දාගෙන ගියා.මට ලැබිල තිබුනෙ ඒ රූට් එක.ඒ ජොබ් එකෙන් ලැබුන සල්ලි වලට අමතරව ගෙදර යෝගට් විකුනල ,ඕවිටේ වැවෙන පලා එලවලු විකුනල තමා ගෙදර වැඩවලට,තාත්තගෙ බෙහෙත් වලට,වියදම් කරගෙන අපි බොහොම අමාරුවෙන් ජීවත් වුනේ.

ෆෝන් එක රින්ග් වෙන සද්දෙට තමා මන් ඒ මතකෙන් මිදුනෙ.

“අයෑම් ඇට් ද ලයිබ්‍රරි මේන් ඩෝ.කෝල් මී වෙන් යූ ආ හියර්”
“අයි විල්.කමින් බයි බස්.සෝ ඉට් විල් ටේක් සම් ටයිම්.හියුජ් ට්‍රැෆික් ඇට් මිනුවන්ගොඩ”

“කම් සේෆ්.අයිල් බී දෙයා”

කනිශ්‍යා තමා මැසේජ් එක එවල තිබුනෙ.ඉක්මනට ගිහන් කනිශ්‍යා මීට් වෙන්න ලොකු උවමනාවක් තිබුනත් ට්‍රැෆික් නිසා බස් එක ඉස්සරහට ගියේ හරිම හෙමින්.

බස් එක නැවත්තුවෙ විද්‍යාලෝකෙ ලග .එතන ඉදල ලයිබ්‍රරි එක ලගට යන්න ගතවුනේ මට තප්පර ගානක්.කනිශ්‍යා දොරට හේත්තුවෙලා බිම බලාගෙන ඉන්නව.එයා එකපාර ඔලුව උස්සල බලද්දි මන් පාර පනින ගමන්න හිනාවුනා.එයත් හිනාවුනා.

එයා එක්ක කේඑෆ්සී එකට ගිහින නිදහසේ කතාකරන්න ඕනෙ කියන අදහස හිතේ තියාගෙන මන් එයාට යමු කියල කිවුවා.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *