ප්‍රේමය හැදින්නෙමී – 29 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-29 කොටස

“මන් එන්න පරක්කු වුනාට තරහ නෑ නේද?සොරි කලේගාන ඉදල බස් එකේනෙ ආවෙ.මිනුවන්ගොඩ රේල් ගේට් එක ලග හරියට ට්‍රැෆික් .ඒකයි.සොරි හොදේ”

“අයියෝ නෑ ඒකට කමක් නෑ.පරක්කු වුනේ නෑ”
“ඒවුනාට හොද නෑනෙ ගෑනු ලමේක්ව එහෙම රස්තියාදු කරවන එක”
“පිස්සු එහෙම එකක් වුනේ නෑ🙂🙂🙂”

“දැන් ඔයා මොනවද කන්නෙ බොන්නෙ?මන් වැඩිය කේඑෆ්සී එකට ඇවිත් නම් නෑ”
“ම්ම්ම් මට ලෙමන් ක්‍රශර් එකක් ඇති”
“ඒක රසයිද? “
“ඔව් ලෙමන් රසයි.මන් නම්.ආසයි.බීල බලන්න ඉතින්
ඒකෙ ෆ්ලේවර්ස් දෙකක් තියෙනව.එකක් ලෙමන් අනිත් එක පෝටෙලෝ.කැමති එකක් ගන්න”

“මාත් ලෙමන් එකක්ම ගන්නම්.හරි එතකොට කන්නෙ මොනවද? මන් චිකන් කන්නෙ නම් නෑ පුතා”
“නෑ ඒකට කමක් නෑ සර්.මොනව හරි පොඩි දෙයක් ගන්න.මට නම් ලෙමන් එක ඇති”
“ඕකේ එහෙනම් ඔයා ගිහින් අතනින් වාඩිවෙලා ඉන්න.මන් ඕඩර් කරල එන්නම්”

කේඑෆ්සී එකේ කිඩීස් ඒරියා එක ලගම තිබුන ස්ටූල් එකක වාඩිවෙලා මන් නිරංග සර් දිහා බලාගෙන ඉදියා.එයා හරිම ලස්සනයි .උසයි.මට වඩා සුදුයිත් එක්ක.
කේඑෆ්සී එකේ චිකන් බකට් කන්න මන් හරිම ආසයි.ඒවුනාට සර් චිකන් කන්නෙ නෑ කිවුව නිසා මන් සද්ද නැතුව ඉදියා.හදිසියේ හරි ඔය මනුස්සයා මන් ගැන හිතන් ඉන්න විදිය වෙනස් වුනොත් කියල මන් බයෙන් ඉදියෙ.

ඕඩර් එක දාලා මන් වාඩිවෙලා ඉන්න පැත්තට ඇවිදන් එන නිරංග සර් එක්ක හිනාවෙන ගමන්ම මන් හොරෙන් වගේ වටපිට බැලුව.දන්න කියන කවුරුහරි ඉන්නවද කියල.හදිසියේ හරි ශෙහාන්ගෙ යාලුවෙක්වත් දැකල එයාට ගිහින් කිවුවොත් කියන බය මගේ හිතේ තිවුනා.

“ඉතින් මොකද වෙන්නෙ?පොත් ගත්තද?මොනවද ගත්ත පොත්?”
“ම්ම්ම් ආයෙ පාරක් කියවන්න ආස හිතිලා එමා බොවාරි ගත්තා.අනිත් එක ගත්තෙ ජයකොඩි සෙනෙවිරත්න ගෙ රිදී සේල කියන පොත”

“ඉස්සර මායි අමීනායි එනව ලයිබ්‍රරි එකට”
“අමීනා කිවුවෙ අර මුලින්ම යාලුවෙලා ඉදපු මුස්ලිම් ගර්ල් නේද?”
“ඔව් ඔව්.අපි ඉතින් ඇවිත් පොත් තෝරන ගමන් හොරෙන් කතාකරනව”
“🙂🙂🙂🙂🙂”

“දැන් අම්මල දන්නවද ඔයා මාව මීට් වෙන්න මෙහෙම ආව කියල?”
“ම්හ් නෑ.මොකක් කියල කියන්නද ඉතින්”
“දැන් ඔයා ගෙදර යද්දි අම්මලට ආරංචි වෙලා තිවුනොත් මොකද කරන්නෙ?”
“අනේ මන්ද මන් ඒ ගැන හිතල නෑ”
————————————————–
කොයිතරම් උත්සාහ කලත් මට ඒ කවුද කියල හොයාගන්න අමාරු වුනා.කනිශ්‍යා ආයෙ මාව මීට් වෙන්න ආව දවසක එයාගෙ ෆෝන් එක අරගෙන බලන්න ඕනෙ.එයාට හොරෙන් තමා බලන්න ඕනෙ.

කාවිංග කියපු වචන ඔස්සෙ මන් සෑහෙන දුර හිතුවත් කනිශ්‍යා කිසිම වෙලාවක මට වෙනසක කලේ නැති නිසා මට එයා ගැනසැක කරන්න ඇත්තටම සාදාරණ හේතුවක් තිබුනෙත් නෑ.

සමහරවිට යාලුවෙක් වෙන්න ඇති.මගදි මීට් වෙලා කේඑෆ්සී එකට යන්න ඇති මොනවහරි බොන්න.එහෙම කියල හිතල හිත හදාගන්න හිතුවත් “එහෙනම් ඇයි එයා මට ඒක නොකිවුවෙ ?”
කියන කාරණාව වතුර යට ඔබන්න හදන රබර් බෝලයක් කොච්චර උත්සාහ කලත් උඩට එනව වගේ මගේ හිතේ ලොකු සැකයක් ඇතිකලා.

වෙනදට එයා කාපු බීපුව පවා අකුරක් නෑර කියන කනිශ්‍යාට ඕක අමතක වෙන්න කිසිම හේතුවක් නෑනෙ කියනා කරුණු තමයි මන් මගේ වාසියට තියාගත්තෙ.

මට ඕනෙ වුනා ඉක්මනට මේ ගිනිගන්නව වගේ හිතට දැනෙන වේදනාවෙන් අත්මිදෙන්න.ඒත් මට කනිශ්‍යා ගෙන් මේ ගැන කෙලින්ම අහන්න හැකියාවක් තිබුනෙත් නෑ.

“හෙලෝ “
“හෙලෝ ශෙහා මන් මේ ඔයාට කෝල් කරන්න හැදුවමයි.ඔයා කෑවද ඒයි?මොකෝ කරන්නෙ?”

“මුකුත් නෑ බබා.කෑවෙ නෑ.අද කෑම එච්චර රස නෑ.ඒනිසා කෑවෙ නෑ”
“ඇයි ඒ?නොකා ඉන්න එපා ඒයි.ඔයා ගොඩක් මහන්සි ත් වෙනවනෙ.අන්තිමේ නොකා ඉදල ලෙඩ වේවි”

කනිශ්‍යා වෙනද වගේම මං ගැන හොයල බැලුව.ආදරේ පෙන්නුව.හැමදේකම ඇත්ත දැන ගන්න ඕනෙ නිසාම මන් කිසිම වෙනසක් නොපෙන්වා ,මුකුත් නොදන්න ගානට එයා එක්ක කතාකලා.

————————————————–
“දැන් අම්මල දන්නවද ඔයා මාව මීට් වෙන්න මෙහෙම ආව කියල?”
“ම්හ් නෑ.මොකක් කියල කියන්නද ඉතින්”
“දැන් ඔයා ගෙදර යද්දි අම්මලට ආරංචි වෙලා තිවුනොත් මොකද කරන්නෙ?”
“අනේ මන්ද මන් ඒ ගැන හිතල නෑ”

“බයවෙන්න එපා.එහෙම දෙයක් වුනොත් මන් ඔයාලගෙ ගෙදරට කෝල් කරල හරි ඇවිත් හරි අම්මලට තේරුම් කරල දෙන්නම්.එහෙම නරක දේකට නෙවෙයි නිකන් කතාකරන්න හිතාගෙන තමා කේඑෆ්සී එකට ගියේ කියල”

ඒවෙලාවෙ මන් එහෙම කියද්දි කනිශ්‍යා ගෙ මූනෙ තිබුනෙ මන් ඊට කලින් කිසිම කෙනෙක්ගෙ මූනෙ නොදැක්ක හුරතල් බවකට එක්කාසු වෙච්ච පෙම්වත් බවක්.

මහා ලොකු නිලියකගෙ වගේ ලස්සනක් නොතිබුනාට කනිශ්‍යා හරි හුරුබුහුටි ,හුරතල් පාට ලමේක්.උසෙනුත් ගොඩක් අඩු නිසා මට එයාව දැනුනෙ පොඩි දරුවෙක් වගේ.

මට හිතාගන්න බැරි මට වඩා අවුරුදු දාහතරක් බාල පොඩි කෙල්ලෙක් ගැන මගේ හිත මෙච්චර වද වෙන්නෙ මොකද කියන එක.මට කියාගන්න ඕනෙ වුනා මන් එයාට ආදරෙයි කියල.ඒත් මේ ලමය මාව මීට් වෙන්න ආවෙ මන් ගැන විස්වාස කරල.එකපාර ඔහොම දෙයක් කිවුවොත් ඒ විස්වාසෙ කැඩිලා කනිශ්‍යා මාත් එක්ක කතානොකර ඉදිවි කියන බය නිසාම මන් හැමදේම මගේ හිත ඇතුලෙම හිර කරගෙන ඉදියා.

“ඔන්න මන් ඔයාට රෝස මලක් හදල දෙන්නම්”
“රෝස මලක් ?කොහොමද හදන්නෙ?”
“ඉන්නකෝ🙂”

පේපර් සර්වියට් වලින් රෝසමල් හදන්න මට හොදට පුලුවන්.මන් අමීනටත් ඉස්සර හදලදීල තියෙනව.
වෙනද තරම්ම සාර්ථක විදියට රෝස මල නොහැදුනත් කනිශ්‍යා ඒක බාරගත්තෙ හරිම සතුටෙන් .
එයාට ඒක දෙන ගමනුත් මන් මට කටින් කියන්න බැරි ආදරේ කියන වචනෙ ඇස් වලින්කිවුවා.කනිශ්‍යා ඒක තේරුම් ගත්තද මන්ද?

බිම බලාගෙන හිනාවෙන එයා ලග මගේ හිත හරිම දුර්වලයි කියල මට දැනුනා.
කනිශ්‍යා මන් ආදරෙයි❤


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *