ප්‍රේමය හැදින්නෙමී – 30 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-30 කොටස

“දැන් අම්මල දන්නවද ඔයා මාව මීට් වෙන්න මෙහෙම ආව කියල?”
“ම්හ් නෑ.මොකක් කියල කියන්නද ඉතින්”
“දැන් ඔයා ගෙදර යද්දි අම්මලට ආරංචි වෙලා තිවුනොත් මොකද කරන්නෙ?”
“අනේ මන්ද මන් ඒ ගැන හිතල නෑ”

“බයවෙන්න එපා.එහෙම දෙයක් වුනොත් මන් ඔයාලගෙ ගෙදරට කෝල් කරල හරි ඇවිත් හරි අම්මලට තේරුම් කරල දෙන්නම්.එහෙම නරක දේකට නෙවෙයි නිකන් කතාකරන්න හිතාගෙන තමා කේඑෆ්සී එකට ගියේ කියල”

නිරංග සර් මන් හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති ප්‍රශ්නයක් අහල එයාම දුන්න උත්තරේ මාව නිකන් කරකවල අතෑරිය වගේ වුනා.
“ඔන්න ඔහොමම මාව බදින්න කැමතියි කියලත් කියන්න අනේ”
ඒ වෙලාවෙ එයා කියපු දේවල් එක්ක,එයා කතාකරන විදිය,එයාගෙ කඩවසම් පෙනුම එක්ක මට අනිත් හැමදේම අමතක වෙලා තිබුනෙ.මගේ වටේ ඉදියෙ කවුද,මන් ශෙහාන් එක්ක යාලුයි නේද ? අදුරන කෙනෙක් දකීවිද කියන හැමදේම මට අමතක වුනා.මට දැනුනෙ මමයි එයයි වෙන කිසිම කෙනෙක් නැති ලෝකෙක තනිවෙලා වගේ.

මට හිතාගන්න බැරි හේතුව වුනේ මන් ඇයි ශෙහාන් වගේ හොද කොල්ලෙක් ඉද්දි මේ මට වඩා අවුරුදු දාහතරක් වැඩිමල් මිනිහෙක් වෙනුවෙන් මෙහෙම මගේ නම කැත වෙන විදියට හැසිරෙන්නෙ කියන එක.
මගේ තියෙන වල් කමද? නැත්තම් ලව් ඉන් ෆස්ට් සයිට් (දුටු ගමන් ඇතිවෙන ප්‍රේමය) වගේ එකක්ද්?
මොනව උනත් මට තේරුනා මේහැමදේටම නිරංග සර්ගෙ ලස්සන පෙනුම ,එයාගෙ ආකර්ශනය කතාවත් හේතුවෙලා තියෙනව කියන එක.

“ඔන්න මන් ඔයාට රෝස මලක් හදල දෙන්නම්”
“රෝස මලක් ?කොහොමද හදන්නෙ?”
“ඉන්නකෝ🙂”

කේඑෆ්සී එකෙන් දීපු පේපර් සර්වියට් එකකින් ලස්සන රෝස මලක් හදපු නිරංග සර් ඒක මට දුන්නෙ හරියට අර හින්දි චිත්‍රපටයක නලුව නිලිය ලග දනගහල ආදරේ ප්‍රකාශ කරනව වගේ බැල්මක් එයාගෙ ඇස් දෙකේ තියාගෙන.මාත් බොරුවට කවදාවත් වෙන කොල්ලෙක් දිහා ඇහැක් ඇරල බැලුවෙ නැති ගානට ලස්සනර බිම බලාගත්ත.හරියට හෙනම ලැජ්ජාවෙන් වගේ.මට දැන් ඒව කල්පනා වෙද්දි මන් ඒ කරපු දේවල් කොයිතරම් නරකද ,අසංවර හැසිරීමක්ද කියල හිතෙද්දි ලැජ්ජ හිතුනත් එදා මට ඕනෙ වුනේ නිරංග සර්ගෙ කටින්ම එයා මට කැමතියි කියන් වචනෙ අහගන්න.එයාව අල්ලගන්න.

ලෝකෙ හැම කෙනාම තමන්ගෙ පලවෙනි පෙම්වතාවම කසාද බදින්නෙ නෑ.නොගැලපෙනවනම් අතාරිනව.ඒත් මන් කලේ එහෙම දෙයක් නෙවි.ඊටත් වඩා පහත් විදියකට මන් ශෙහාන් වගේම නිරංග සර්වත් රැවට්ටුව කියල තේරුම් යද්දි මන් රැවටිලා ඉවරයි.

“ඇත්තටම ඇයි කසාද බැන්දෙ නැත්තෙ මේතරම් වයසට යනකම්?”
“ම්ම් අනේ මන්දා ඉතින්.දැන් ඉතින් බදින්න බැනෙ පුතා.වයසයිනෙ මන්”
“පිස්සු එහෙම එකක් නෑ.වයස වුනාට වයස පෙනුමක් නෑනෙ.අනික ඉතින් අවුරුදු තිස් අටක් කියන්නෙ පිරිමියෙක්ට මහ ලොකු වයසකුත් නෙවිනෙ.”
“අම්මල එක එක ඒව ගේනව.ඒවුනාට මන් හොයන්නෙ අර රාජා ජුවෙලර්ස් ඇඩ් එකේ පූජා වගේ කෙල්ලෙක්ව”
————————————————–
කෙලින්ම කනිශ්‍යා ගෙන් මේ ගැන අහන්න බැරි කමට මම කට පියාගෙන ඉදියත් මගේ හිතේ ලොකු නොසන්සුන් කමක් තිවුනෙ.කනිශ්‍යා පිටින් යවන්න ඕනෙ ඒ තරහ මම යැව්වෙ අපේ ගෙදර මිනිස්සු ,හොටෙල් එකේ අය පිටින්.

බොහොම පොඩි දේවල් වලට මට ගොඩක් තරහ ගියා.රණ්ඩු වුනා,කෑගැහුව.මට කනිශ්‍යා ගෙන් මේ ගැන අහන්න උවමනාව තිබුනත් එයා මට බොරුවක් කියාවි කියන බය වගේම ,මන් එයාව සැක කරනව කියල එයා දුක් වේවි කියන කාරණාවත් මගේ හිතේ පෙරලි කලා.

අක්කගෙ වෙඩින් එකේ බ්‍රයිඩ්ස්මේඩ් කෙනෙක්ට ඉදියෙ කනිශ්‍යා .අක්කලගෙ වෙඩින්ග් ඇල්බම් එක ලගදි තමා හදල ගෙනාවෙ.ඒක බලන්න කනිශ්‍යා හෙට දවල්ට එනව කිවුවා .එයා අපේ අම්ම එක්ක කතා කර කර ඉද්දි එයාට හොරෙන් ෆෝන් එක අරගෙන බලන්න තමයි මන් ප්ලෑන් කලේ.

එයා හොරයක් බොරුවක් කරන්නෙ නැත්තම් ෆෝන් එක මට නොදී ඉන්න එකක් නෑනෙ කියන සිතුවිල්ල තමා මට පොඩි හරි සහනයක් දුන්නෙ.

එක්සෑම් ,හොටෙල් එකේ වැඩ අස්සෙ ඔලුවට අලුතෙන් එකතු වෙච්ච මේ ප්‍රශ්නෙ තමා මට ලොකුවටම බලපෑවෙ.

කනිශ්‍යාට මට කියාගන්න බැරි තරම් ආදරෙයි.ඔහොම දෙයක් නෙවෙයි එයා වෙන මිනිහෙක් එක්ක යාලුවෙලා ඒ මිනිහගෙන් එයාට ලමයෙක් ඉදල ඌ මෙයාව අතෑරල දැම්මත් එයාව බාරගන්න තරම් මන් කනිශ්‍යා ට ආදරෙයි.ඒත් මන් නිතරම ආදරේ පෙන්නන බොරුවට එෆ් බී එකේ පෝස්‍ට් දාන කෙනෙක් නෙවෙයි .

ඒත් කනිශ්‍යා දන්නව මන් එයාට ආදරේ කියන එක.මන් එයාගෙ හැමදේකදිම එයා එක්ක ඉන්නව කියන එක.
කනිශ්‍යා නැතිවෙයි කියන බය මාව සෑහෙන්න දුර්වල කලා.කොයිතරම් ලෝකෙ ඉස්සරහ පොර ටෝක්දුන්නත් තමන්ගෙ කෙල්ල වෙන කොල්ලෙක් ගැන් ඉන්ටරස්ට් කියල දැනගත්තම ඕනෙ සිංහයෙක්ගෙ රැස්පට් බහිනව කියල මට දැන් තමා තේරෙන්නෙ.

————————————————–

“ඇත්තටම ඇයි කසාද බැන්දෙ නැත්තෙ මේතරම් වයසට යනකම්?”

මන් ඇත්තටම කසාද බැන්දෙ නැත්තෙ ඔයාවගේ හුරුබුහුටි බුද්ධිමත්ද කතාකරන ලමේක් මුනගැහෙනකම් කියල කියන්න ඕනෙ වුනත් ඕනෙවට වඩා පැනි හලන්න ගිහින් මේකි තරහවෙයි , මන් ගැන වැරදියට හිතාවි කියල බයටම බොරුවක් කිවුවා.

“ම්ම් අනේ මන්දා ඉතින්.දැන් ඉතින් බදින්න බැනෙ පුතා.වයසයිනෙ මන්”
කොයිතරම් වයසට ගියත් මන් යන යන තැන කොහෙන් හරි ගෑනියෙක් මට ලයින් එක දානවම තමයි.ඒකට හේතුව සමහරවිට මන් අනිත් මොන දේ ගැන නොසැලකුවත් මගේ පෙනුම ගැන හිතන නිසා වෙන්න ඇති.මොනතරම් වැඩ තිබුනත් මන් වෙලාවට කොන්ඩෙ කපාගන්න , රැව්ල ශේව් කරගන්න සැලෝන් එකට ගියා.ඇන්දෙ ඔක්කොම බ්‍රෑන්ඩඩ් ඇදුම්.මන් දාන පර්ෆියුම් එකත් රුපියල් දොලොස් දාස් ගානක් වෙන ඩොල්චි ඇන්ඩ් ගබ්බානා එකක්.

“පිස්සු එහෙම එකක් නෑ.වයස වුනාට වයස පෙනුමක් නෑනෙ.අනික ඉතින් අවුරුදු තිස් අටක් කියන්නෙ පිරිමියෙක්ට මහ ලොකු වයසකුත් නෙවිනෙ.”

දැක්කනෙ මන් කිවුවෙ.මගේ පෙනුම හැම නිතරම ගෑනු මගේ පස්සෙ ගෙන්න ගන්න උදව් වුනා.හැබැයි කනිශ්‍යා නම් එහෙම ලේසියෙන් අල්ලගන්න පුලුවන් කෙනෙක් නෙවෙයි කියල මට තේරුම් ගියා.

හිතල නොකරත් ගෑනු ඉස්සරහ පොඩි ෆ්ලර්ට් කරන ගතියක් මගේ නොතිබුනා නෙවෙයි.නමුත් මන් අනිත් උන් වගේ ඇග පුරාම ගාගෙන පැනි හලන්න ගියේ නෑ.ගානට මිම්මට ඒක සෙට් කලේ.ඒත් මේ වතාවෙ ඒක වෙනස් කියල මට නොතේරුනා නෙවෙයි.මන් කවදාවත් මෙහෙම කෙල්ලෙක් වෙනුවෙන් කරපු කෙනෙක් නෙවෙයි.මෙතනදි එහෙම කරන්න වුනේ කනිශ්‍යා මට හම්බුන අනිත් හැම කෙල්ලටම වඩා වෙනස් ප්‍රැක්ටිකල් බුද්ධිමත් කෙල්ලෙක් වෙච්ච නිසා.

ඔහොම පැය ගානක් කතාකර කර ඉද්දි වෙලාව යනව දැනුනෙත් නෑ.ඒත් ශාන් ලගෙ ගෙදර යන්න හයිවේ බස් එක ගන්න තියෙන නිසා අපි කේඑෆ්සී එකෙන් එලියටආව. ප්‍රින්ට් අවුට්ස් වගයක් ගන්න තියෙනව.අවුරුදු නිසා අනිත් කඩවල් වහල,ලයිබ්‍රරි එකෙන් ප්‍රින්ට් අවුට්ස් ගන්න ඇහැකි කියල කනිශ්‍යා ආයෙ ලයිබ්‍රරි එකට ගියා.මන් පාර දිගේ හයිවේ බස් නවත්තන තැනට එනකම්ම කල්පනා කලේ කනිශ්‍යා ගැන.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *