ප්‍රේමය හැදින්නෙමී – 31 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-31කොටස

“දැන් ඔයා මෙහෙම ගෑනු ලමේක් එක්ක යනව ඔයාගෙ ගෙදර කෙනෙක් දැක්කොත් මොකද කරන්නෙ?”
“ම්ම්ම් එහෙම දකින එකක් නෑ කියල හිතමු නේ”
“නෑ දැන් ඔයාගෙ අම්ම හරි නංගි හරි ටවුන් ඇවිත් ඔයා මාත් එක්ක මෙහෙම යනව දැක්කොත් මන් ඔයාගෙ අතේ එල්ලිල යනෝ අම්මට පේන්න😂😂😂😂”
“මේ පිස්සු නටන්න එපා හොදේ😂😂මට අන්තිමේ ඔයාලගෙ ගෙදර තමා ඇවිත් නතර වෙන්න වෙන්නෙ”

කඩවත යාලුවෙක්ගෙ ගෙදර යන්න තියෙන නිසා නිරංග සර් කේඑෆ්සී එකේ ඉදල කෙලින්ම බස් ස්ටෑන්ඩ් එකට ගියා.මල්ලිගෙ අසයින්මන්ට් එකක ප්‍රින්ට් අවුට්ස් වගයක් ගන්න තිබුන නිසා මට ආයෙමත් ලයිබ්‍රරි එකට එන්න වුනා.අවුරුද්ද දවස් නිසා අනිත් කඩවල් වහල නිසා ලයිබ්‍රරි එකෙන් විතරයි ප්‍රින්ට් අවුට්ස් ගන්න පුලුවන් කම තිබුනෙ.ඒ වැඩේ තිබුනෙ නැත්තම් නිරංග සර් එක්ක තව ටිකක් කතා කර කර මට බස් ස්ටෑන්ඩ් එක පැත්තට යන්න තිබුන නේද කියල කල්පනා වෙද්දි මට දුකත් හිතුනා .

ලයිබ්‍රරි එකෙන් ප්‍රින්ට් අවුට්ස් ගන්න පුලුවන් කමක් තිවුනේ නෑ කියල ගෙදර ගිහින් බොරුවක් කියන්න හිතුනත් මල්ලිගෙ කන්කරච්චලේ ඊට වඩා මල කරදරයක් නිසා මන් ආයෙ ලයිබ්‍රරි එකට ගියා.

ප්‍රින්ට් අවුට් ටික ටක්ගාල අරගෙන මන් ඉක්මනට ඉක්මනට බස් එක පැත්තට ගියා.මන් යද්දිත් හයිවේ බස් එකක් නවත්තල තිබුනා .කරාපිටිය බස් එකට නැගල කෝකටත් කියප නිරංග සර්ට මැසේජ් එකක් දැම්ම.

“ගෝ සේෆ්.බුදුසරණයි ”
(පරිස්සමින් යන්න .බුදුසරණයි)

“තෑන්ක්ස්.අයි විල්.ඉට් වෝස් අ ප්ලෙශර් ටු මීට් යූ.යූ ආර් අ කයින්ඩ් යන්ග් ප්‍රිටී ලිට්ල් ලේඩි”

(ස්තූතියි .මම පරිස්සමෙන් යන්නම්.ඔයාව මුනගැසීම සතුටක්.ඔයා හරිම හොද ලස්සන හුරතල් පුංචි කෙල්ලෙක්)

නිරංග සර් එවපු රිප්ලයි එකට මට මාර ගැම්මක් ආවෙ.එච්චර වෙලා හිතේ වැඩකරේ මන් කතාකරපු විදිය අවුල්ද? ඇදන් ආපු විදිය අවුල්ද කියල බයක්.ඒත් නිරංග සර් එවපු ඒ උත්තරෙන් මගේ හිතේ තිබුන ඔක්කොම බය හේදිලා ගියා.

“සේම් හියර්.ඉට් වෝස් අ ප්ලෙශර් ටු මීට් අ හැන්ඩ්සම් ගයි ලයික් යූ”
(මටත් එහෙමයි.ඔයා වගේ කඩවසම් පුද්ගලයෙක් අදුරගන්න ලැබීම ගැන සතුටුයි)
————————————————–

“ඔයා අද එනවද අපේ ගෙදර අක්කගෙ ඇල්බම් එක බලන්න?”
උදේම මන් කනිශ්‍යා ට මැසේජ් එකක් දැම්ම.උදේ නැගිටල කෝල් දෙක තුනක් දුන්නත් කනිශ්‍යා ආන්ස්වර් කලේ නැති නිසා එයා නිදි ඇති කියල හිතල තමයි මන් මැසේජ් එකක් දැම්මෙ.

“ඔව් ශෙහා මන් එනව.තාම ඇදේ ඉන්නෙ.කම්මැලි මට.මන් එන්නම් නාල කෑම කාල එන්නම්”
“ඔහේ එද්දි අර එදා ගත්ත කොට බ්ලවුස් එක ඇදගෙන එනවද ?”
“නෑ ඒයි එදා අර ලිලී ෆැශන් එකෙන් ගත්ත ගවුම ඇදගෙන එන්නම්.ඒක කොහෙටවත් ඇන්දෙ නෑ තාම.කමක් නෑනෙ?”
“හා හා ඒක ඇදගෙන එනෝ ඉක්මනට.මොකද්ද ඔහේට උදේම නැගිටින්න බෑරිය.හාහා ඉක්මනට ලෑස්තිවෙලා එනොකෝ”

වෙන්ද වගේම මන් කිසි වෙනසක් නැතුව කනිශ්‍යා එක්ක කතා කරාට මගේ හිතේ වැඩකලේ එයා ආවම ෆෝන් එක අරගෙන බලන්න ඕනෙ කියල අදහසමයි.ඒකෙන් එයා මේ කාත් එක්කද කතාකරන්නෙ? මොන වගේ සම්බන්දයක්ද එයාලා අතරෙ තියෙන්නෙ කියල මට හොයාගන්න ඇහැකි කියල මන් හිතුවා.

මට කොහොමත් ඉස්සර ඉදලම කම්පියුටර් සම්බන්ධ වැඩ හොදට පුලුවන්.ෆෝන් හැක් කරන ඒව, වගේ ඒව මට නතිං.ඒනිසාම මේක හොයාගන්න එක මට මහ ලොකු ගේමක් නොවුනත් ඒ හොයාගන්න දේ මාව කොයි වගේ වාතාවරණයයකට ඇදල දාවිද කියන බය,සැක දෙකම මගේ හිතේ නැතිවුනා නෙවි.ඒත් කිසිම දෙයක් නොදැන ඉන්නවට වඩා හිත රිදෙන දෙයක් වුනත් ඇත්ත දැනගන්න එක හොදයි කියල මන් අන්තිමේ හිතුවා.

“මන් දැන් එන ගමන්.ගේට් එක ඇරල තියනවයි?”
කනිශ්‍යා එනව කියල මැසේජ් එකක් එවල තිබුනා .
“ඕකේ බබා මන් ගේට් එකඇරල තියන්නම්.ඔහේ මොනවයි මට අරන් එන්නෙ?”
“ඔහේට මුකුත් අරන් එන්නෙ නෑ ඕයි.මට කන්න මොනවහරි හදල තියෙනෝ”
“😐😐😫😔😡”

————————————————–

“ගෝ සේෆ්.බුදුසරණයි ”
(පරිස්සමින් යන්න .බුදුසරණයි)

“තෑන්ක්ස්.අයි විල්.ඉට් වෝස් අ ප්ලෙශර් ටු මීට් යූ.යූ ආර් අ කයින්ඩ් යන්ග් ප්‍රිටී ලිට්ල් ලේඩි”

(ස්තූතියි .මම පරිස්සමෙන් යන්නම්.ඔයාව මුනගැසීම සතුටක්.ඔයා හරිම හොද ලස්සන හුරතල් පුංචි කෙල්ලෙක්)

හයි වේ බස් එකේ ඉද්දි තමා කනිශ්‍යා මට ඒ මැසේජ් එක එවල තිවුනේ.එයා මට එහෙම මැසේජ් එකක් එව්වෙ මන් ගැන හිත හිත ඉදල නිසා නේද කියල කල්පනා වෙද්දි මට මාරම සතුටක් තමා දැනුනේ.ඔහොම යන් කනිශ්‍යා, ඔහොම යන්.

“සේම් හියර්.ඉට් වෝස් අ ප්ලෙශර් ටු මීට් අ හැන්ඩ්සම් ගයි ලයික් යූ”
(මටත් එහෙමයි.ඔයා වගේ කඩවසම් පුද්ගලයෙක් අදුරගන්න ලැබීම ගැන සතුටුයි)

මන් යවපු රිප්ලයි එකට කනිශ්‍යා එවපු මැසේජ් එක නිසා මන් හෙන සතුටෙන් ඉදියෙ.මන් පරණ ශර්ට් එකක් ඇදගෙන ආවත් කනිශ්‍යාට මාව ලස්සනට පෙනිලා නිසා මට සැනසීමක් දැනුනෙ.

බස් එකේ යද්දි එහා පැත්තෙ වාඩිවෙලා ඉදියෙ කෙල්ලෙක්.ඉස්සරහ සීට් එකක ඉදපු පොඩි ලමේක්ට කැස්සක් ඇවිත් වතුර හොයද්දි ඒ ගර්ල් තමයි වතුර බෝතලේ දුන්නෙ. ඒ පොඩි ලමය සෑහෙන අමාරුවකින් ඉදපු නිසා මුලි බස් එකම ඒගැන තමා කතා කර කර ඉදියෙ.

“පව් නේද අයියෙ.?”
එහා පැත්තෙ වාඩිවෙලා ඉදපු කෙල්ල එකපාර මාත් එක්ක කතාකරා.
“ඒකතමා මාත් බැලුවෙ.පව්.ඔයා වතුර බෝතලේ දීපු එක හොදයි”

කොහොමහරි කඩවතට යනකම්ම ඒ ගර්ල් මාත් එක්ක කතා කර කර ගියා.

පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *