ප්‍රේමය හැදින්නෙමී – 32 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-32කොටස

“ලයිබ්‍රරි එකට ගියාද බබා ඔයා?”

ගෙදර ඇවිත් හවස ශෙහාන් එක්ක කතාකරද්දි එයා අහපු ප්‍රශ්නෙන් මන් එකපාරටම තිගැස්සිලා ගියා.
මන් නිරංග සර් එක්ක කේඑෆ්සී ගියපු කතාව ශෙහාන් ට ආරංචි වෙලාද කියන බය නිසා මට දැනුනෙ මාව පණපිටින් ගිනිගන්නව වගේ.
යාලුවෙක් එක්ක කේඑෆ්සී එකට ගියාට ශෙහාන් කවදාවත් මුකුත් කියන්නෙ නෑ කියල දන්නව වුනාට මොකද මට කොන්ද පණ තිවුනෙ නෑ නිරංග සර් ගැන ශෙහාන් එක්ක කියන්න.

ඒකටත් වඩා මට බය හිතුනා ශෙහාන් තහංචි දාවි කියල නිරංග සර්ව හම්බුවෙන්න වෙන්න එපා කියල.

මට ඕනෙ වුනේ නෑ ඒක එහෙම වෙනව දකින්න.ශෙහාන් කියන්නෙ මන් අවුරුදු ගානක් තිස්සෙ දන්න ,අවුරුදු පහ හයක ප්‍රේම සම්බන්දතාවක් පවත්වාගෙන ගියපු පෙම්වතා කියන එකට වඩා මට මේ වෙලාවෙ දැනුනෙ ශෙහාන් කියන්නෙ මායි නිරංග සර්ගෙයි අතරමැදට ආපු නරුමයෙක් විදියට.හතුරෙක් විදියට.
තාමත් අප්‍රකාශිත නිරංග සර් ගැන මගේ හිතේ තියෙන ආදරේට කුඩුකේඩුකම් කරන දුර්ජන මිනිහෙක් විදියට තමයි මන් එදා ශෙහාන් ව දැක්කෙ.

දැක්කෙ කියනවටත් වඩා මට ඕනෙ වුනේ එහෙම දකින්න.මට ඕනෙ වුනෙ අනිත් හැම චරිතෙම අයින් වුන ,මම්ත් නිරංග සරුත් විතරක් තනිවෙච්ච ලෝකයක් දකින්න.බය නැතුව ආදරේ කරන්න.
නිරංග සර්ව මට දැනුනෙ හරිම සෞන්දර්යාත්මක හැගීමක් විදියට.එයාගෙ වයස තත්ත්වය මේ හැමදේම මට එවෙලෙ අමතක වුනා.

“ඔව් ශෙහා,ඉක්මනට පොත් අරන් ආව මන්.මල්ලිගෙ ප්‍රින්ට් අවුට්ස් වගේකුත් ගන්න තිවුනනෙ”
මන් වෙන කොල්ලෙක් එක්ක කේඑෆ්සී එකේ ඉදපු එක ආරංචි වුනානම් කීයටවත් ශෙහාන් කටවහන් ඉන්නෙ නෑනෙ කියල හිතල මන් එහෙම උත්තර දුන්න.කොහොමත් ශෙහාන්ගෙ මුකුත් වෙනසක් පෙනුනෙ නෑ.ආයෙමත් එයා කතාකලේ ඊටපහුවෙනිදා උදේ.

“ඔයා අද එනවද අපේ ගෙදර අක්කගෙ ඇල්බම් එක බලන්න?”
උදේ පාන්දරම ශෙහාන් මැසේජ් එකක් දාල ඇහුව එයාලගෙ ගෙදර එනවද කියල අක්කගෙ වෙඩින් ඇල්බම් එක බලන්න.

“ඔව් ශෙහා මන් එනව.තාම ඇදේ ඉන්නෙ.කම්මැලි මට.මන් එන්නම් නාල කෑම කාල එන්නම්”
“ඔහේ එද්දි අර එදා ගත්ත කොට බ්ලවුස් එක ඇදගෙන එනවද ?”
“නෑ ඒයි එදා අර ලිලී ෆැශන් එකෙන් ගත්ත ගවුම ඇදගෙන එන්නම්.ඒක කොහෙටවත් ඇන්දෙ නෑ තාම.කමක් නෑනෙ?”
“හා හා ඒක ඇදගෙන එනෝ ඉක්මනට.මොකද්ද ඔහේට උදේම නැගිටින්න බෑරිය.හාහා ඉක්මනට ලෑස්තිවෙලා එනොකෝ”

ඉක්මනට ලෑස්තිවෙලා නිරංග සර්ට මැසේජ් එකක් දැම්ම.
“Iam visiting a neighbors place.Will text you after I return” (ලග ගෙදරකට යනව අවුරුද්දට.ඇවිත් කතාකරන්නම්)

“කෝකටත් කියල මන් ෆෝන් එක ගෙදර තියල යනව.”

කෙලින්ම ශෙහාන් ගැන නිරංග සර් එක්ක ඇත්ත කියන්න මට පුලුවන් කමක්තිවුනෙ නෑ.එහෙම වුනොත් අනිවාර්යයෙන්ම එයා මාත් එක්ක කතාකරන එක නවත්තනව කියල දන්න නිසා මන් බොරුවක් කිවුව.හැම පැත්තටම බොරු කියල,ඒ බොරු අහුවෙන දවසක් ඒවි කියල දැනගෙන ඉදියත්.හොරෙන් අෆෙයාර් එකක් ගෙනියද්දි,බොරුවක් දෙකක් කියද්දි දැනෙන බයංකාර හැගීමට යටින් පොඩි ජොලියකුත් මට දැනුනා.
————————————————–
ගේට්ටුව සද්ද වෙනව ඇහිල බලද්දි කනිශ්‍යා .පොඩ්ඩක් වැහි පොදයක් වැටුන නිසා අරන් ආපු කුඩෙයි ,තව මොකද්ද පාර්සලේකුයි උස්සගෙන තනි අතෙන් ගේට් එක අරින්න එයා මහන්සි වෙන හැටි දැකල හිනාගියත් මන් ටක්ගාල ශර්ට් එකක් දාගෙන ගේට් එක අරින්න ගියා .

“ඔහේට බැරිය මන් එද්දි ගේට් එක ඇරල තියන්න?”
හුරතල් විදියට එයා කතාකරද්දි හිතේ තිවුන ඔක්කොම අමනාපකම් මොහොතකට නැතිවෙලා ගියා
.ඒත් එක්කම ආයෙමත් මතක්වුනේ කනිශ්‍යා වෙන කොල්ලෙක් එක්ක යාලුවුනොත් මේ හුරතල් හුරුබුහුටි ගති පැවතුම් ඔක්කොම මට නැතිවෙනව කියන හැගීම.
ඒ හැගිම දරාගන්න අමාරු වුන හින්දම වැරදි දෙයක් කටින් පිටවෙල කනිශ්‍යා ගෙ හිත රිදේවි කියල හිතල මන් සද්ද නැතුව ගේට් එක වැහුව.

ගේට් එකේ සද්දෙ ඇහිල අම්මත් එලියට ඇවිත්.
“මන් මේ බැලුව ඒත් කවුද ආවෙ කියල?එන්න දෝණි ඇතුලට.වැස්සනේ.කුඩයක් අරගෙනද ආවෙ?”
“ඔව් අම්ම, මන් ගෙදරින් එද්දිත් වැස්ස තිවුන නිසා කුඩේ අරගෙනමයි ආවෙ”

කියල කියනගමන්ම කනිශ්‍යා අම්මට එයා උස්සන් ඉදපු තෑගි පාර්සලේ දුන්න.
කන්න මොනවහරිද දන්නෙ නෑ ඒකෙ තියෙන්නෙ?

“ඒ ගවුම හරි ලස්සනයි.කොහෙන්ද දූ ඒක ගත්තෙ?”
“මේ දවසක් මෙයා එක්කම ගිහින් ගත්තෙ අම්මෙ.මෙයාතමයි තේරුවෙ.මේකෙම තව ඩිසයින් තිවුන.මේකෙ රෙද්දෙ මෝස්තරේ වෙනස් නිසා මේක ගත්ත.ලිලී ෆැශන් කියල අලුත් කඩයක් දාල තිවුන කෝපරේටිව් එක ලග .අන්න ඒකෙන් ගත්තෙ”

මාත් එක්කම දවසක් ගිහින් ගත්ත ගවුම ගැන අම්ම එක්ක කතාකරද්දි මන් හෙමින් සැරේ බැලුව එයාගෙ ෆෝන් එක කොහෙද කියල .කුඩෙයි අර තෑගි පාර්සලෙයි ඇරුනම එයා වෙන මුකුත් ගෙනත් තිවුනෙ නෑ.

“ඒකියන්නෙ මෙයා ෆෝන් එක ගෙනත් නැද්ද? ශික් අපරාදෙ දැන් කොහොමද ඊයෙ මොනවද වුනේ කියල දැනගන්නෙ?”

ඇල්බම් එකත් අතට දීල අම්ම කුස්සිය පැත්තට ගියා.හෙමින් සැරේ ඇල්බම් එක බලන කනිශ්‍යාගෙ කම්මුලක් මන් හෙමින් සැරේ කිස් කලේ මොක උනත් කමක් නෑ මන් කනිශ්‍යාව කාටවත් දෙන්නෙ නෑ කියල හිතන ගමන්.

“අයි ලව් යූ”
“අයි ලව් යූ ටූ”
එහෙම කියපු මන් අම්ම එනවද කියල බලල තප්පරේකට කනිශ්‍යා ගෙ ලිප්ස් කිස් කලා.
————————————————–
Iam visiting a neighbors place.Will text you after I return” (ලග ගෙදරකට යනව අවුරුද්දට.ඇවිත් කතාකරන්නම්)

උදේ පාන්දරම කනිශ්‍යා එවපු මැසේජ් එකට තමා මන් ඇහැරුනේ.ඊයෙ ශාන් ලගෙ ගෙදර ගිහින් එද්දි රෑ වුන නිසා කනිශ්‍යා එක්ක කතාකරන්න වුනෙත් නෑ.

අද කොහොමහරි එයා එක්ක කතාකරනව කියල මන් හිතුව .හිතේ හංගන් ඉන්නවට වඩා මේ හැගීම කනිශ්‍යා ට කියල දාල හිත නිදහස් කරගන්නයි මට ඕනෙ වුනේ.
ඔන්න ඔහේ ඕන එකක් වුන දෙන් කියල කියල දානව.හෙට ඉදල ආපහු වැඩට යන්නත් තියනව.ඒගියාම මේ දවස් වල වගේ කනිශ්‍යා එක්ක චැට් කරන්න වෙන්නෙ නෑ දවස තිස්සෙම.
හැබැයි කාමරේ කවුරුවත් නැති නිසා කාටවත් ඇහෙන්නෙත් නැතිනිසා මට එයාට බය නැතිව කෝල් කරන්න ඇහැකි.

උදේ වරුවෙ ගෙදරට ආපු නෑයො කීපදෙනෙක් එක්ක කතාකර කර ඉදියා
හැමෝටම දැන් තියෙන එකම ප්‍රශ්නෙ අවුරුදු හතලිහකට ලන්වෙලත් ඇයි මන් මේ කසාද බදින්නෙ නැත්තෙ කියන එක.

“හැබෑවටම සුදු පුතේ දැන් පිලිවෙලක් වුනොත් නරකද?
ඒ අපේ අම්මගෙ අයියා.කොයිතරම් ඒ මිනිස්සු මට ආදරේ උනත් කසාදෙ ගැන අහද්දි මට ඉස්සර පුදුම විදියට තරහ ගියේ කේන්ති ගියේ.ඒත් පුදුමෙකටත් වගේ අද මට හිනාගියා,කනිශ්‍යා ව මතක්වෙලා.
“කනිශ්‍යා කැමති වෙයිද දන්නෙ නෑ මාව බදින්න ” කියන සොදුරු හැගීම තමයි මගේ හිතේ තිවුනෙ.

“බදින්න ඕනෙ මාමෙ.”
එහෙම ශේප් න්‍යායෙන් උත්තර දීලඅන් හෙමින් සැරේ ලිස්සලගියා.

“අනේ අයියෙ ඔය ලමයට කියල වැඩක් නෑ.දැන් කොයිකාලෙ ඉදලද ඕව කියන්නෙ.කට කැඩෙනකම් කිවුව.කීයක්නම් කියල බලන්න ගියාද.කොහෙද මෙයා කැමතිවෙන්නෙම නෑනෙ.මන් ඒත් කිවුව අන්තිමේ බලද්දි මුල ඉදලම අපිට සැනසීමක් කියල දෙයක් දීල තියෙන්නෙ පොඩි පුතා විතරයි”

නෑයො ටික වටකරගෙන අම්ම මට් බනිද්දි මන් හෙමින් සැරේ එලියට ආව.ෆෝන් එක වයිබ්‍රේට් වෙන්ව ඇහිල බලද්දි තමා කනිශ්‍යා මැසේජ් එකක් එවල තියෙනව දැක්කෙ.

“Hi I came? Are you free?what are you doing ? Can we chat?”
(මොකද කරන්නෙ? ඔයා ෆ්‍රී ද? චැට් කරන්න ඇහැකිද?)


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *