ප්‍රේමය හැදින්නෙමී – 33 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-33කොටස

“Hi what are you doing?”
(ඔයා මොකද කරන්නෙ?)
“Hi talked to some relatives who visit us,Now Iam free.we can talk”
(ගෙදරට ආව නෑයො කීපදෙනෙක් එක්ක කතාකල.කියන්න ඉතින්”
“Soooo,how are you doing?”
(කොහොමද ඉතින්?)
“Good, from tomorrow have to go for work again neh”
(හෙට ඉදල ඉතින් ආයෙ වැඩට යන්න එපාය.)

ඒ අප්‍රේල් 18 වෙනිදා.මගේ ජීවිතේ අමතකම නොවෙන දවසක්.හිතුවෙවත් නැති විදියට අපි මුනගැහුන.කතාබහ කලා.ලංවුනා.අහම්බයක් විදියට මුනගැහුනත් වෙන්වීම හෝ එක්වීම අහම්බයක් නොවෙයි කියලත් මන් දැනන් ඉදියා. අපි හැමදාම කලේ වෙන්වෙන්න හරි එක්වෙන්න හරි යන්න ඕන පාර කපන්න මහන්සි වෙච්ච එක.

“I have something verbally to tell you, will tell it tomorrow “
(මට ඔයාට දෙයක් කියන්න තියනව.ඒක මට කටින්ම කියන්න ඕනෙ.හෙට කියන්නම්)

හිතුවෙවත් නැති විදියට එකපාරටම් නිරංග සර් එවපු මැසේජ් එක මගෙ හෘද ස්පන්දනය ටිකකට නතරකලා වගේ මට දැනුනෙ.අමුතු කිතියක් එක්ක ,කියාගන්න බැරි වේදනව්ක් හිත කොනිත්තනව වගේ මට දැනුන.දන්නෙ නෑ කියල ඉදියත් කවදහරි නිරංග සර් මෙතනට එනව කියල මන් දැනන් ඉදිය.මට ඕනෙවුනෙත් ,මන් උත්සාහ කලෙත් එයාව මෙතනට ගේන්න නේද කියන එක මට ආයෙ ආයෙ මතක් වුනා.එහෙම නැත්තම් ,එයත් තව එක චරිතයක් වුනානම් මට ලේසියෙන්ම එයාට ශෙහාන් ගැනකියන්න තිවුනා.
එහෙම නොකෙරුවෙ නිරංග සර් ඇත්ත දැනගෙන මාව දාල යාවි කියන සැකේට නේද කියන හැගීමත් එක්කම දැන් මන් මොකද්ද කියන්න් ඕනෙ කියන් ප්‍රශ්නෙ මාව නිරුත්තර කලා.

“If it makes both of us pain ,please dont split it out.I do not want both of us to be unhappy in this bond sir”
(ඒක අපි දෙන්නටම දුකක් ගේනවනම් නොකිය ඉන්න .මන් කැමති නෑ අපිට දුක් වෙන්න දෙයක් මේ සම්බන්දෙ ඇතුලෙ වෙනවට)

“I think It will not give us pain.But okay ,If you say so ,I will keep shut dear”
(මන් හිතන්නෙ නෑ ඒක අපිට දුකක් ගෙනෙවි කියල.කමක් නෑ.මන් එහෙනම් නොකිය ඉන්නම්)

“Time will heal everything sir.We just have to wait.let us wait and see what will happen”
(කාලය ඔක්කොම විසදාවි සර්.අපි ඒ වෙනකම් බලන් ඉමු)

එයාව නැතිකරගන්නත් බැරි ලංකර ගන්නත් බැරි කෙනෙක් විදියට මට තේරුනා.මට ඕනෙ වුනේ නෑ ශෙහාන් ගැන ඇත්ත කියල නිරංග සර් මගෙන් ඈත්කරගන්න.මට ඕනෙ වුනේ දෙන්නවම තියාගන්න .මන් දන්නව ඒක කරන්න බැරි දෙයක් කියල.ඒත්………
————————————————–
උදේම ඇවිත් කනිශ්‍යා ටිකක් දවල් වෙලා තමයි ගියේ.ඔහේ එක එක වල් පල් දොඩව දොඩව ඉදිය මිසක් අපි වැදගත් කියල දෙයක් එහෙමට කතාකලේ නෑ.
කනිශ්‍යා අම්ම එක්ක කතා කර කර ඉද්දි මන් ට්‍රයි කලේ එයාගෙ හැසිරීමෙන්,කතාබහෙන් වෙනසක් තියෙද කියල අල්ලගන්න.ඒත් පොඩිවත් වෙනසක් මට හොයාගන්න බැරිඋනා.

කනිශ්‍යා මාව රවට්ටනවද? මන් එයාව බොරුවට සැක කරනවද කියන එක මටත් ගැටලුවක්.ෆෝන් එක අමතක කරල ආව එක අහම්බයක් වෙන්න පුලුවන් කියල මට වෙලාවකට හිතුන එයා අපේ ගෙදර ඇවිත් හැසිරුනේ සුපුරුදු විදියටම වුන නිසා.ඒත් එයා දැන් වෙනදටවඩා අඩුවෙන් තමා මට කතාකරන්නෙ.

මටත් හොටෙල් එකේ වැඩ නිසා අඩුවෙන් එයාට කතාකෙරෙන්නෙ.නමුත් එයා වෙනද වගේ මට දැන් කතාකරන්නෙවත් ,මැසේජ්,චැට් කරන්නෙවත් නෑ.

හැබැයි එයා ගොඩක් වෙලාවට ඔන්ලයින් ඉන්නව වට්ස් ඇප් එකේ.හැබැයි කිසිම වෙලාවක එයා මට මැසේජ් එකක්වත් දාන්නෙ නැ.කෝකටත් දැන් කෝල් එකක් අරගෙන බලනව.

“ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං”
“ට්‍රීං ට්‍රීං ට්‍රී”

“The number you have tried is busy or not in a service area.Please try again shortly”
(ඔබ අමතක ග්‍රාහකයා කාර්‍යබහුල බැවින් කරුණාකර පසුව අමතන්න)

කීප වතාවක්ම ට්‍රයි කරත් කනිශ්‍යා ගෙ ෆෝන් එක බිසී.මටවත් හිතාගන්න බැරි තරම් වාර ගානක් මන් එයාගෙ ෆෝන් එකට ට්‍රයි කලා.ඒත්…….. ම්ම්හ් .එයාගෙ ෆෝන් එක බිසි.

කවුරු එක්කද එයා මේ තරම් කතාකරන්නෙ? වෙනද කවදාවත් එයා මන් කෝල් කරහම ආන්ස්වර් නොකර ඉදියෙ නෑ.ඒවගේම කවදාවත් එයාගෙ නම්බර් එක මේ තරම් බිසී වුනෙත් නෑ.

කාවිංග කියපු කතාවත් එක්ක කනිශ්‍යා ගැන මගේ හිතේ සැකයක් ගොඩනැගුන නිසාද මන්දා මට එයා කරන හැමදේම පේන්නෙ වැරදියට. මට තේරෙන්නෙ නෑ ඇයි මන් මෙහෙම කනිශ්‍යා ගැන සැක කරන්නෙ කියල.මට තේරෙන්නෙ නෑ ඇයි මට කවදාවත් නැතුව මෙහෙම හිතෙන්නෙ කියල.

ඔහොම හිත හිත ඉද්දි තමයි මට මැසේජ් ඇලර්ට් එකක් ආවෙ.

“Hey, whatsup? What are you doing shehaa?”
(හායි ,කොහොමද ඔයා මොකද කරන්නෙ ශෙහා?”)

කනිශ්‍යා කියල හිතාගෙන දඩබඩ ගාල ෆෝන් එක බැලුවත් මැසේජ් එක එවල තිවුනෙ ඉලියානා.
ඉලියානයි මායි අදුරන්නෙ සෑහෙන කාලෙක ඉදල.එයායි මමයි ඉතාම හොද යාලුවො.
ඉලියාන මට කතාකරන විදියට වගේම මන් ඉලියානට කතාකරන විදියටත් කනිශ්‍යා චුට්ටක්වත් කැමති නෑ.ඒත් ඉලියාන කියන්නෙ මගේ හොද යාලුවෙක් විතරයි.කනිශ්‍යා ට ඒක තේරුන් ගන්න බැරි ඇයි කියන එක මටත් ප්‍රශ්නයක්.

“Hey, Iam just browsing through internet. How are you doing girl?”
(හායි මන් මේ ඉන්‍ටර්නෙට් එකේ ඉදියෙ.කොහොමද ඔයාට?)
————————————————–
හැමදාම මේ විදියට පරක්කු කර කර ඉදියොත් වෙන කොල්ලෙක් කනිශ්‍යා ව අල්ලගනීවි කියන බය වගේම ලෝබකම මගේ හිතේ තිබුනා.
ජීවිතේ කොයි තරම් ගෑනු ලමයි ආශ්‍රය කරල තිබුනත් කනිශ්‍යා වගේ බුද්ධිමත් ලමේක්ව මට කවදාවත් මුනගැහිල තිබුනෙ නෑ.
අවුරුදු විසිහතරක කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි මට්ටමේ බුද්ධිමත් බවක්,පොලොවෙ පයගහල ජීවත් වෙන බවක් කනිශ්‍යා තුලින් දැකීම මට ලොකු සතුටක් වුනා.

අපේ අම්මල තාත්තල වුනත් බොහොම සාමාන්‍ය මිනිස්සු .ඕනෙවට වඩා පොශ් ගති තියෙන ගෑනියෙක් කසාද බැදල මගේ නිස්කාන්සුව වගේම මගේ මව් දෙමව්පියන්ගෙ සැනසීම නැතිකරන්නත් මට උවමනා වුනේ නෑ.
මන් හෙව්වෙ බොහොම සාමානය , සරල,අපේ ගමේ පොඩි ගෙදර සන්තෝසෙන් ජීවත් වෙන්න පුලුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙන කෙල්ලෙක්ව.ඒකට හරියනම කෙනා කනිශ්‍යා කියන එක තමයි මගේ අදහස වුනේ.

ඒත් මගේ වයස හැටියට මේ කෙල්ල කැමති වෙයිද කියල කවුද දන්නෙ? කෙල්ල කැමතිවුනත් කෙල්ලගෙ අම්මල තාත්තලකැමති වෙයිද කියල කවුද දන්නෙ?

එහෙම හිතල නිතරම මගේ හිතේ බයක් ඇතිවුනත් ඔන්න ඔහේ ඕනෙ දෙයක් වෙච්ච දෙන් කියල අද ඒක අහනව කියල මන් හිතුවා.

“I have something verbally to tell you, will tell it tomorrow “
(මට ඔයාට දෙයක් කියන්න තියනව.ඒක මට කටින්ම කියන්න ඕනෙ.හෙට කියන්නම්)

“If it makes both of us pain ,please dont split it out.I do not want both of us to be unhappy in this bond sir”
(ඒක අපි දෙන්නටම දුකක් ගේනවනම් නොකිය ඉන්න .මන් කැමති නෑ අපිට දුක් වෙන්න දෙයක් මේ සම්බන්දෙ ඇතුලෙ වෙනවට)

“I think It will not give us pain.But okay ,If you say so ,I will keep shut dear”
(මන් හිතන්නෙ නෑ ඒක අපිට දුකක් ගෙනෙවි කියල.කමක් නෑ.මන් එහෙනම් නොකිය ඉන්නම්)

“Time will heal everything sir.We just have to wait.let us wait and see what will happen”
(කාලය ඔක්කොම විසදාවි සර්.අපි ඒ වෙනකම් බලන් ඉමු)

කනිශ්‍යා ගෙන් ලැබුනෙ මන් හිතුවෙවත් නැති විදියෙ බලාපොරොත්තු නොවුන විදියෙ ඉතාම ගැඹුරු උත්තරයක් .ඒ උත්තරේ අස්සෙ හැංගිලා තිවුනෙ අප්‍රකාශිත ආදරයක්ද ,කියාගන්න හිතේ හයියක් නැති මන් වගේ වයසක් මනුස්සයෙක් කෙරේ තියෙන අකමැත්තද කියන එක මට හිතාගන්න බැරිඋනා.

“You meant that you don’t love me? Is that the meaning of your answer?”
(ඔයා අදහස් කලේ ඔයා මට ආදරේ නෑ කියන එකද?😪)

“We have to let time solve everything niranga.Time will made us reach the best part of our lives.So let us wait sometime.I wish we both could be happy”

(අපි හැමදේම විසදන්න කාලයට ඉඩදෙමු නිරංග.කාලය අපිව හරිම හොදම තැනට එක්කන් යාවි.අපිට පොඩ්ඩක් ඉවසන්න තමයි තියෙන්නෙ.මන් ප්‍රාර්තනා කරනව අපි දෙන්නටම සතුටුවෙන්න හැකි උත්තරයක් ලැබේවි කියල)

එයා මොක කිවුවත්,එයා නිරංග කියන් වචන පාවිච්චි කරපු නිසා මට තේරුනා එයාගෙ හිතේ මන් ගැන කැමැත්තක් තියෙනව.නමුත් ඒක කියාගන්න බැරි යම් හේතුවක් මෙතන තියෙනව.ඒකයිඑයා නොකියන්නෙ.

මන් ටික වෙලාවක් නිහඩව ඉදපු නිසාද මන්ද කනිශ්‍යා ආයෙමත් මට මැසේජ් එකක් එවල තිවුනා.

“Do you angry with me niranga?”
(ඔයා මාත් එක්ක තරහද නිරංග?)

“No, for what ?”
(නෑ මොකටද?)

“For my answer?”
(මන් දීපු උත්තරේට?)

“No sweetheart ,Iam not angry with you my darling .You said truth.let us wait for sometime”
(නෑ රත්තරන් මන් තරහ නෑ.ඔයා කිවුවදේ ඇත්ත මගෙ පැටියෝ.අපි ටිකක් ඉවසමු)

මගේ හිතේ මේ පුන්චි කෙල්ල ගැන තිවුන ආදරේ ලෝබකම වැඩි හින්දද මන්ද මට එයාට එහෙම කියවුනා.


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න