ප්‍රේමය හැදින්නෙමී – 34 කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-34කොටස

“Do you angry with me niranga?”
(ඔයා මාත් එක්ක තරහද නිරංග?)
“No, for what ?”
(නෑ මොකටද?)
“For my answer?”
(මන් දීපු උත්තරේට?)
“No sweetheart ,Iam not angry with you my darling .You said truth.let us wait for sometime”
(නෑ රත්තරන් මන් තරහ නෑ.ඔයා කිවුවදේ ඇත්ත මගෙ පැටියෝ.අපි ටිකක් ඉවසමු)

කවදාවත් කිසිම කෙනෙක් මට ඒ වගේ ආදරෙන් කතා කරල තිවුනෙ නෑ.ශෙහාන් වුනත් බබා කියනව ඇරෙන්න කවමදාවත් මට රත්තරන් ,මගෙ පැටියො,darlingකියල කතාකරල තිවුනෙ නෑ.
ජීවිතේ පලවෙනි වතාවට අහපු නිසාද මන්ද නිරංග හැමෝටම වඩා මට ආදරෙයි කියක සිතුවිල්ලක් මගේ හිතේ පැලපැදියම් වුනා.

යාලුවන්ගෙ වුනත් කොල්ලො එයාලට රත්තරන්,sweetheart කියල කතාකරද්දි මට දැනුනේ ඒක මහ ලාබ ගොන් වචනයක් කියල.මැසේජ් එකකින් වුනත් නිරංග එවපු ඒ වචන අස්සෙ මන් කවදාවත් අත් නොවින්ද විදියෙ ආදරයක් හැංගිලා තියෙනව කියල මට හිතුනා.
මට ඕනෙ වුනා නිරංග ට කියන්න මාත් එයාට ආදරෙයි කියල.එයාව නැතිකරගත්තොත් මට දුක් විදින්න වෙයි කියලබයක් මට ඇතිවුනා.

ඒත් ශෙහාන් ඉද්දි තව කෙනෙක් එක්ක කොහොමද මන් යාලුවෙන්නෙ?මට තිවුන ප්‍රශ්නෙ වුනේ ඒක.මට දැනුනෙ ඉතාම වටින දෙයක් ලැබෙන්න ගිහින් පොඩි අත්වැරදීමකින් ඒ වටින දේ මගෙන් ගිලිහුනා වගේ අසරණ හැගීමක්.

හැමදේම නිරංග ට කියල එයාගෙ පපුවෙන් ඔලුව තියන් අඩන්න ඕනෙ කියන හැගීම වගේම ,ඉලියානාගෙ ප්‍රශ්නෙ ඇරෙන්න ශෙහාන් එක්ක මට කිසිම හිත රිදීමක් තිවුනෙ නෑනෙ කියන එකාමට මතක් වුනා.

මොන පැත්තද තෝරගන්නෙ? කවුරු ලගද නතරවෙන්නෙ? කොතනද මගෙ සතුට රැදිල තියෙන්නෙ කියන ප්‍රශ්න කන්දරාව වගේම මගේ චපල හිත ගැන ලැජ්ජාවකුත් මට නොතිබුනා නෙවෙයි.

අවසානයේ මට එලඹෙන්න වුනේ මන් මේ දෙන්නටම ආදරෙයි.මේ දෙන්න වම මට ඕනෙ කියන අදහසට.නමුත් කොහොමද ඒක කරන්නෙ? දෙන්නවම තියාගන්න මන් කැමති උනත් තමන්ගෙ ආදරේ තව කෙනෙක් එක්ක බෙදාගන්න මොන මිනිහද කැමති?

අවසානයේ කවුරුවත්ම නොහිතන විදියෙ තීරණයක් ගන්න,ස්වාදීන වෙන්න මගේ චපල හිත කරපු මේ පෙරලිය හේතුවක් උනා.මට ඕනෙ උනේ ඒ දෙන්නටම අසාදාරනයක් නොකරන්න.

මුලු රෑවෙනකම්ම මන්කලේ කල්පනා කරපු එක.කොයිතරම් කල්පනා කරත් මට විසදුමක් ලැබුනෙ නෑ.ශෙහාන්ගෙ හිත රිදවන්න බෑ වගේම නිරංග නැතිකරගෙනත් බෑ කියන අසරණ වීම ලග මන්වත් දන්නෙ නැතුව තමා මගේ ඇස් වලර කදුලු ආවෙ.

කියන්න කෙනෙක් නැති හින්දත් ,ශෙහාන් එක්ක මේ ප්‍රශ්නෙ කතාකරන්න එයා මේ ගැන හාංකවිසියක්වත් නොදන්න නිසාත් අවසානයේ මට සිද්දවුනේ නිරංග ට කෝල් කරන්න.

රෑ 12.38 .ඕනෙ දෙයක් වුන දෙන් කියල මන් කෝල් එකක් ගත්ත.දෙපාරක් රින් කරාට පස්සෙ තමා නිරංග ආන්ස්වර් කලේ.

“ඇයි මගෙ මැණික?මොකක් හරි ප්‍රශ්නයක්ද?”

නිදිමත බේරෙද්දි වුනත් එයා කතාකරපු ආදරණීය ස්වරය මාව තවත් දුර්වල කලා.

නිරංග,මාව අසරණ කරන්න එපා.
————————————————–

“You did not talk to me last couple of weeks? Are you okay shehaa?”
(ඔයා පහුගිය සති කීපයේම මට කතාකරේ නෑ.ඔයා හොදින්ද ශෙහා?”

“Yeap,Iam okay.Just going through a bad phase these days”
(ඔව් වරදක් නෑ.මේ ටිකක් කරදර දවස්)

“Why what happened ? Busy with work or stuck in exams?”
(ඇයි මොකද්ද ප්‍රශ්නෙ? වැඩ නිසා කාර්‍යබහුලද?නැත්තම් එක්සෑම් නිසා වැඩද?)

“No I feel like Iam mentally ill.”
(නෑ මගේ ඔලුව විකාරයි වගේ)

“Hope you are okay shehaa.what has happened ? Tellme”
(ඔයා හොදින් කියල හිතනද.මට කියන්න මොකද්ද වුනේ)

“No actually this is regarding kanishya.she think that we two share an ex love affair.I tried to make her understand that there is no such thing.Now she is talking to someone else,I hope.
one of my friends saw her at KFC with a guy.she did not tell me anything about that”

(නෑ ඇත්තටම මේක කනිශ්‍යා සම්බන්ද දෙයක්.එයා හිතන්නෙ ඔයයි මමයි යාලුයි කියල.මන් සෑහෙන උත්සාහ කලා එයාට තේරුම් කරන්න අපි අතර එහෙම දෙයක් නෑ කියල.ඒත් එයා පිලිගන්නෙ නෑ.දැන් එයා වෙන කාත් එක්ක හරි කතාකරනව කියල් මට හිතෙනව.මගේ යාලුවෙක් කනිශ්‍යා ව දැකල තිවුන කොල්ලෙක් එක්ක කේඑෆ්සී එකේදි.ඒත් එයා මට ඒ ගැන කිවුවෙ නෑ)

“Okay.But why she think that we are lovers? Why cant she understand that there is no such thing in between us.shall I stop talking to you sheha?”
(හරි.ඒත් ඇයිඑයා අපි යාලුයි කියල හිතන්නෙ? එහෙම දෙයක් අපි අතර නෑ කියල එයාට තේරුන් ගන්න බෑද?මන් ඔයාට කතාකරන එක නවතන්නද ශෙහා?)

“No my girl.Are you mad? Why do you want to stop talking to me? We cannot change someone else attitudes. We are friends from long time.”

(නෑ මගෙ කෙල්ලේ.ඔයාට පිස්සුද? ඔයා මොකටද මට කතා කරන එක නවතන්නෙ? ඔයා හිතනවද ඒකෙන් අපිට එයා හිතන විදිය වෙනස් කරන්න පුලුවන් කියල.අපිට කාගෙවත් ආකල්ප වෙනස් කරන්න බෑ.අනික අපි කොයිතරම් කාලෙක ඉදල යාලුවොද?)

“But what if she ia angry with you and you are sad?I do not want you to be sad because of me.You were by myside in everything”
(ඒත් මන් නිසා එයා ඔයා එක්ක තරහ වුනාම ඔයා දුකෙන්නම් මන් ඒකට කැමති නෑ.ඔයා මාත් එක්ක හැම දේකදිම ඉදියා)

“I know my girl.you are not the problem.You are the only one I can share my sorrows .So don’t leave me please”
(මන් දන්නව කෙල්ලේ.ඔයා නෙවි ප්‍රශ්නෙ.ඔයාතමා මගේ හැම දුකක්ම අහන්නෙ.මාව දාල යන්න එපා.කරුණාකරලා)

“No Iam not.But please ve happy.Be the guy you were before”
(නෑ මන් යන්නෙ නෑ.ඒත් සතුටෙන් ඉන්න.ඉස්සර ඉදියා වගේ ඉන්න)

“I will”
(හරී)
————————————————–
” This is for you”
(මේක ඔයා වෙනුවෙන්)

උදේ පාන්දරම ඇහැරිල ෆෝන් එක බලද්දි කනිශ්‍යා වට්ස් ඇප් එකේ සින්දුවක් එවල තිවුන.ඔෆිස් යන්න ඇදුම් ඇදගන්න ගමන්ම ඒකත් ඇහුවා.

“මේ නිහඩ බව බිදින්න
තව මොනවහරි කියන්න
ඔය නෙත් අගින් සිනාසී
මාදිහා දැන් බලන්න.
………………………………

දැන් ලගයි හිරු නැගෙන්න
තව වරක් මා සිඹින්න
මට ආදරේයැයි එක වරක්වත් කියන්න”

ඒපද පේලිය ඇහුව විතරයි මට හැමදේම අමතක වුනා.ශර්ට් එකේ බොත්තම් දාන ගමන් ඉදියෙ.මොහොතකට ඒ වැඩෙත් නැවතුන.
කනිශ්‍යා මට ආදරේද? නොකිය කියන්නෙ ඒකද කියන ප්‍රශ්නෙත් එක්ක හීනියට සතුටකුත් මගේ හිත් පුරා ඇතිවුනා.

හනික ශර්ට් එක ඇදල ෆෝන් එක ගත්ත ගමන් ම්න් රිප්ලයි එකක් දැම්ම.
“This is what I exactly wanna tell you my love”
“I love you ❤ ”

(මටත් ඔයාට කියාගන්න ඕන මේකමයි රත්තරන් .මන් ආදරෙයි ඔයාට)

“I know lets wait for sometime.will you change in that time ?”
(මන් දන්නව.අපි ටිකක් ඉවසමු.ඔයා වෙනස් වෙන්නෙ නෑ නේද?)

“I will never baba”
(නෑ බබා කවදාවත් නෑ)

” Hmmm”
(හ්ම්ම්)

“Iam leaving for work now.will talk to you when iam free”
(මන් දැන් වැඩට යනව.මන් ඔයාට කතාකරන්නම්.)

“Okay.go safe.budusaranai”
(හරි පරිස්සමෙන් යන්න.බුදුසරණයි)

කෝච්චියේ වැඩට යන ගමනුත් මන් කල්පනා කලෙව් කනිශ්‍යා ගැන.එයා මට ආදරෙයි කියල මට දැනෙනව.ඒත් මොකක් හෝ හේතුවක් නිසා එයා ඒක කියන්නෙ නෑ.

කමක් නෑ.මන් හිතුව එයා වෙනුවෙන් ඕන කාලයක් බලන් ඉන්න.එයා වගේ කෙනෙක් ලේසියෙන් ලැබෙන්නෙ නෑ.ආදරයක් වගේම එයා අයිතිකරගන්න ලෝබකමකුත් හිතේ කොනක මගේ තියනව.

දැන් ලගයි හිරු නැගෙන්න
තව වරක් මා සිඹින්න
මට ආදරේයැයි එක වරක්වත් කියන්න”

එයා එවපු සින්දුව මා නිතරම හිතෙන් කියව කියව තමා ඉදියෙ.

මොනව කරන්නද ,මොකද්ද කරන්න ඕනෙ කියන දහසක් කල්පනා අස්සෙ මන් එද්දි තමයි කෝච්චිය මන් බහින්න ඕනෙ ස්ටේශන් එකේ නැවැත්තුවෙ.

පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න