ප්‍රේමය හැදින්නෙමී – 35කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-35කොටස

මන් මුලින්ම නිරංග ට සින්දුවක් යැව්වට පස්සෙ එයත් පුරුදු උනා මට සින්දුවක් එවන්න.උදේ පාන්දරම නැගිටල ෆෝන් එක බලන්නෙ නිරංග අද එවල තියන සින්දුව මොකක් වෙන්නැති ද කියල හිතල.

සින්දු විතරක් නෙවි එයා මට ලස්සන එක එක කන්සෙප්ට්ස් වලට හදපු ඇඩ්වටීස්මන්ට් වීඩියෝස්, එච් ආර් සම්බන්ද ඩොකියුමෙන්ටරි වීඩියෝස් එවනව.සමහර දේශපාලන සිදුවීම් ගැන කියවෙන විස්තර,එෆ්බී එකේ තියෙන ජෝක්ස් වුනත් එවනව.

ඒ හැමදේම අතරමැද්දෙ එයා එවන සින්දුවල එයා එදා කියන්න ගිහින් මන් විරුද්ද වුන නිසා නොකිවුව එයාගෙ වයස්ගත ප්‍රේමය ගැන විස්තරත් තියෙනව කියල මට හිතුනා.

“නෙක උයන් වතු මැදින්
ගලා යයි නව මන්ද මාරුතේ
සොදුර මේ අප පැතුම් සුපිපෙනා
හිත මිතුරු වූ වසත් කාලයයි

…….
නොම තැවෙන් රාත්‍රිය දිගු විනැයි
හෙට දවස මී විතක් සේ දිසෙයි
නිදැල්ලේ ගලා ගිය ජීවිතේ
නිමනයක නතර වී ගිම් නිවයි”

අද එයා එවල තිවුනෙ ඒ සින්දුව.අහල පුරුදු සින්දුවක් වුනත් එයා එව්වට පස්සෙ ඒ සින්දුවේ අමුතුම ලස්සනක් තියනව කියල හිතනව.
කවදාවත් නැති විදියට මම ජීවත් වුනේ අමුතුම හීන ලෝකෙක.ඒ ලෝකෙ ඉදියෙ මමයි නිරංග සර් යි විතරයි.හින්දි චිත්‍රපටියක වගේ කිසිසේත්ම වෙන්න බැරි අහඹු හමුවීම ,වැලදගැනීම්,වෙන්වීම් වගේ ෆැන්ටසි ගැන මන් ඒ ලෝකෙ ඇතුලෙ හිතුවා.

මට ඕනෙ වුනා නිරංග ට කියන්න මන් ආදරෙයි කියල.ඒත් කියාගන්න බැරි තරන් බාදක තිවුනා.මොන දේ මැද්දෙ වුනත් මගේ හිතේ යම් ආකාරයක සන්තෝසෙකුත් නොතිබුනා නෙවි, අවුරුදු විසි හතරක කැම්පස් කෙල්ලෙක් වෙච්ච මට මේ අවුරුදු හතලිහකට ලන් වෙච්ච වයසක් මිනිහෙක් වුනත් සරෙන්ඩර් කරන්න පුලුවන් වීම ගැන.
————————————————-
ඉලියාන අහම්බෙන් වගේ කතාකල හින්ද මට මගේ හිතේ තිවුන කරදර කියාගන්න අවස්තාවක් ලැබුන.
යාලුවො කොයිතරම් ඉදියත් උන්ට මේ ගැන කියල කනිශ්‍යා ට ලැජ්ජාවක් කරන්න උවමනාවක් මට තිවුනෙ නෑ.වෙන කෙල්ලෙක් උනානම් මට එහෙම ගානක් නෑ.ඒත් කනිශ්‍යා ට එහෙම කරන්න මට පුලුවන් කමක් නෑ.

“She might be went to kfc with her friend and forgot to tell you.You better don’t cook up unnecessary imaginations in your mind regarding that.He must be just a friend.She will tell you this later.Don’t worry.Iam with you and kanishya is also a nice peraon.You better ask her about this clearly.It will clean all the mess up”

(එයා කේඑෆ්සී යන්න ඇත්තෙ යාලුවෙක් එක්ක.අමතක් වෙන්න ඇති ඔයාට කියන්න.ඔයා නිකන් බොරුවට එක එක මනස්ගාත හිතන්න එපා.එයා පස්සෙ ඔය ගැන ඔයාට කියාවි .හොදම දේ ඔයා මේගැන එයා එක්ක කතාකරන්න .හැම ප්‍රශ්නෙම විසදේවි ඒකෙන්. අනික කනිශ්‍යා හොද ලමයෙක්)

අපි දෙන්නගෙ චැට් එකෙන් පස්සෙ ඉලියානා මට එහෙම කියල මැසේජ් එකක් එවල තිවුනා.එයා කියන දේත් එකාතකින් ඇත්ත වෙන්නැති.මන් කනිශ්‍යා ගෙන් මේක කෙලින්ම ඇහුවනම් ඔය හැම ප්‍රශ්නෙ ම ඉවරයි.මන් බකපණ්ඩිතයා වගේ තනියම හැමදේම විසදගන්න ගියේ අපරාදෙ

ඔහේ ඕන දෙයක් වුන දෙන් කියල මන් කනිශ්‍යා ගෙන් මේ ගැන අහනව.එයා දැන් කැම්පස් යන දවසට උදේට එයාව ට්‍රේන් එකට දාන්න මන් යනවනෙ.එතකොට එයාගෙන් මේ ගැන අහනව කියල මන් හිතාගත්තා.

“බබා ඔයා හෙට යනවද කැම්පස්?”

මන් එහෙම හිතල කනිශ්‍යා ට මැසේජ් එකක් දැම්මා.

“ඔව් ශෙහා,හෙට යනව.”
“උදේ ට්‍රේන් එකේද යන්නෙ?”
“ඔව් ශෙහා උදේ පහට තියෙන ට්‍රේන් එකේ යනව .ඔයා එනවද මාව දාන්න”?

“ඔව් බබා මම එන්නම්.ඔයා මට කෝල් එකක් දෙන්න උදේ ඔයා නැගිට්ටම.”

“හාහා ඒයි.හරී”

හෙට උදේ එයා එක්ක ස්ටේශන් එකට යන ගමන් මේ ගැන කතාකරන්න ඇහැකිනෙ කියල මන් හිතාගත්ත.එහෙම හිතල ඉලියානට මන විස්තරේ කියල රිප්ලයි එකක් දැම්ම.

“I talked to her.Tomorrow she will return to the university.So Iam going to drop her at the railway station in the morning .At that time I will talk to her.Thanks for your advice honey”

(මම එයාට කතාකලා.හෙට එයා ආයෙ කැම්පස් එකට යනව.උදේ මන් එයාව කෝච්චිය ට දාන්නයනව.එතකොට එයා එක්ක කතාකරනව.ඔයාගෙ උපදෙසට ස්තූතියි පැටියෝ)
————————————————-

ඔෆිස් එකේ කොයිතරම් වැඩ අස්සෙ හිරවෙලා ඉදියත් මගේ හිත තිවුනෙ කනිශ්‍යා ලග.

උදේ පාන්දරම මන් එයාට යවපු සින්දුවට එයා තෑන්ක්ස් කියල මැසේජ් එකක්දාල තිවුනා.

කවදාවත් කෙල්ලෙක් නිසා ඔෆිස් එක ඇතුලෙ චාටර් වෙලා නොතිබුන නිසා ඔෆිස් වෙලාවෙදි එයාට කෝල් කරන්න මට ලැජ්ජ හිතුනා.

ඕක අපේ ඔෆිස් එකේ එකෙක් දැනගත්තොත් මාව ඉතුරු කරන එකක් නෑ.ඒනිසාම මම ඉවසගෙන ඉදියා.මන් මුලු දවසෙම කලේ එක එක ලස්සන සින්දු අහ අහ ඉදපු එක.

“ආදරයක් හැගුමක් සිතෙහී
නොතිබුන කාලෙක පෙර දිනෙහී
මා හට ඔබ හමු වුන විටදී
මතකයි හද කිතිකැවුන හැටි”

විජය කුමාරතුංග මහත්තය එක්ක මාලිනී බුලත්සිංහල කියපු ඒ සින්දු ව කනිශ්‍යා ට යවන්න ඕනෙ කියල මන් හිතුව .ඒ සින්දුව අපි දෙන්නට හොදටම ගැලපෙනව කියල මන් හිතුව.

“are you working or listening to music ?😂”
(සින්දු අහ අහ ඉන්නෙ වැඩ කරන්නෙ නැද්ද?)

“no iam working .But marking time to call you”
(නෑ වැඩ කරනව .ඔයාට කතාකරන්න වෙලාවක් එනකම් බලන් ඉන්නෙ)

“Hmmmmmm.good .work hard”
(,හ්ම්ම්ම්ම් හොදට වැඩ කරන්න)

“I love you darling.”
(මන් ආදරෙයි පැටියෝ)

“Hmmm”
(හ්ම්ම්ම්)

“Can’t you say it just one time please “
(එකපාරක්වත් ආදරෙයි කියන්න බෑද?කරුණාකරල)

“I asked you to have patience😘”
(මන් කිවුවනෙ ඉවසන්න කියල)

“Hmmm”
(හ්ම්ම්ම්)

නොකියුවට එයා ලස්සන ඉමොජි එකක් එවල තිවුනනෙ කියල මන් හිත සනසගත්තා.

තව ලස්සන සින්දුවක් අහමුකෝ……..

“කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හද පායලා…….”
————————————————-

පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න