ප්‍රේමය හැදින්නෙමී – 36කොටස

“ප්‍රේමය හැදින්නෙමි”-36කොටස

“හෙට මන් කැම්පස් යනව.අනිද්ද ඉදල ආයෙ කැම්පස් පටන් ගන්නවලු”

“ම්ම්ම් කොහොමද ඔයා යන්නෙ හෙට?”

“උදේ පහට තියන ට්‍රේන් එකේ පිටකොටුවට ඇවිත් කොටුවෙන් බස් එකක් ගන්නව යන්න”

“හාහා shall I come to see you?”
(මන් ඔයාව බලන්න් එන්නද?)

“🌹😌😌😌 හා”

“Okay then let me know when you reach fort.Then I will come there.”
(හරි එහෙනම් මට හෙට ඔයා කොටුවට එන වෙලාව කියන්නකො හරියටම)

“I will be there at around 8 o’clock”
(මන් එද්දි අට විතර වෙනව)

“Okay I will come.Iam going to take my train now.Will call you when I reach the boarding house”
(හරි මන් එන්නම්.මන් දැන් බෝඩිමට යන්න හදන්නෙ.ගිහින් ගන්නම්)

“Okay go safe”
(හරී පරිස්සමෙන් යන්න)

හෙට නිරංග ස්ටේශන් එකට එනව කිවුව නිසා මට මාරම සතුටක් දැනුනෙ.තාත්ත ගෙදර ඉන්න නිසා එයා මාව උදේ කෝච්චිය ට ඇරලවන්නම් කියල කිවුව.ඒනිසා ශෙහාන්ට කියන්න ඕනෙ එන්න එපා කියල.

“ට්‍රීන් ට්‍රීං ට්‍රීං “
“හෙලෝ “
“හෙලෝ ශෙහා, මොකෝ කරන්නෙ?”

“මුකුත් නෑ බබා මන් මේ ගේම් එකක් ප්ලේ කර කර ඉදියෙ”

“ආහ් ඒයි මේ මන් කියන්න ගියේ හෙට තාත්තා මාව ස්ටේශන් එකට ඇරලවන්නම් කිවුවා.ඔයා එන්න එපා ඒයි ඒ නිසා”

“ඇයි ඒ?😥 ඉතින් මන් එන්නම්.කමක් නෑ.තාත්තට කියන්න මන් එක්ක යන්නම් කියල ඔයාව.”

“එපා ඒයි තාත්තා මට බනිවී.ඒනිසා ඔයා එන්න එපා.අනිකා ආයෙමත් මට ලබන සතියෙ ගෙදර එන්න වෙනව.සිකුරාදා නිවාඩුනේ.”

“හාහා හරි කමක් නෑ.මොනව කරන්නද?එහෙනම් ඔයා තාත්තා එක්ක යන්න ඒයි”

“ඔයා තරහ නෑ නේද ?”

“නෑ බබා මම තරහ නෑ.”
“හරී එහෙනම් මන් බෑග් එක ලෑස්ති කරක හෙට ගෙනියන්න ඔයාට කතකරන්නම් ඒයි”

“හරී බුදුසරණයි i love you”

————————————————–
“ට්‍රීන් ට්‍රීං ට්‍රීං “
“හෙලෝ “
“හෙලෝ ශෙහා, මොකෝ කරන්නෙ?”

“මුකුත් නෑ බබා මන් මේ ගේම් එකක් ප්ලේ කර කර ඉදියෙ”

“ආහ් ඒයි මේ මන් කියන්න ගියේ හෙට තාත්තා මාව ස්ටේශන් එකට ඇරලවන්නම් කිවුවා.ඔයා එන්න එපා ඒයි ඒ නිසා”

කනිශ්‍යා හවස කෝල් කරල කියපු කතාවෙන් මට සෑහෙන අප්සෙට් ගියා.මන් හිතන් ඉදියෙ හෙට එයා එක්ක මේ ගැන කතා කරල ඉවරයක් කරන්න.

ඒවුනාට තාත්තා එයාව හෙට ස්ටේශන් එකට ඇරලවන්නම් කිවුව නිසා මගේ ඔක්කොම බලාපොරොත්තු වතුරෙ ගියා වගේ තමා මට දැනුනෙ.කමක් නෑ මොනව කරන්න්ද? එයා නෙක්ස්ට් වීක් ආවම එදාට කතාකරනව.

කොයිතරම් හිත පාලනය කරගන්න හැදුවත් නිතරන කාවිංග කියපු දේ මතක් වෙලා මට සෑහෙන අප්සෙට් යනව.

ගේට් එක ලග හෝන් එක ගහන සද්දයක ඇහිල තමයි මන් කල්පනාව පැත්තක තියල එලියට ගියෙ.

“කෝල් කරාම ආන්ස්වර් කරන්න බෑද බල්ලෝ?”

“උඹ කෝල් කරැයි? මන් දැක්කෙ නෑ”

ඇවිත් තිවුනෙ සංදීප්.මිනිහට අද ෆ්‍රී නිසා හවසට කොහේ හරි යමුද කියල අහන්න තමයි කෝල් කරල තියෙන්නෙ.කනිශ්‍යා ට කෝල් එක අරන් ඉවරවෙලා මන් කල්පනා කර කර ඉදපු නිසාඩ මන්ද මන් ඌ කතාකරපු එක දැක්කෙ නෑ.

“හවස ෆ්‍රී නම් කොටුවෙ යන්ද කියල අහන්න කෝල් කලේ?”

“යන් .ඉදපන් මන් ශර්ට් එකක් දාන් එන්නම්”

ඔලුවත් ටිකක් විකාර වෙලා වගේ නිසා වෙනසකටත් එක්ක කොටුවෙ ගිහින් මොනවහරි කාල එනව කියල හිතුවා.
“අම්මේ, මන් සංදීප් එක්ක කොටුවට ගිහින් එන්නම්” කියාගෙනම මන් ගෙදරින් එලියට පැනගත්තා.

” උඹ මොකක් හරි අවුලකද බන් ඉන්නෙ?”
“ඇයි උබ එහෙම ඇහුවෙ?”

“එහෙම ඇහුවෙ කියන්නෙ බන් ,උඹේ මූණ දැක්කම ඕනෙ එකෙක්න්ට කියන්න ඇහැකි උඹ මොකක් හරි අවුලක ඉන්නෙ කියල”

“එහෙම දෙයක් නෑ බන්”

“මොකක් හරි අවුලක් නම් කියපන් බන්.හොටෙල් එකේ අවුලක්ද?”

“නෑ බන් හොටෙල් එකේ වැඩ වැඩි.මහන්සි ඉතින්.ඒකයි.වෙන ප්‍රශ්නයක් නෑ බන්.”

ඇත්ත කියන්න බැරි කම හින්ද ම්න් එහෙම දෙයක් කියල ශේප් වුනත් හිත ඇතුලෙන් මන් සෑහෙන අප්සෙට් එකේ ඉදියේ.

කනිශ්‍යා ගැන වැරදි දෙයක් යාලුවන්ගෙ ඔලුවට දාන්න උවමනා නෑ වගේම තාම හරියටම කතාව මොකද්ද කියන් එක මන් වත් නොදන්න නිසා මන් සද්ද නැතුව ඉදියා.
————————————————–
හෙට කැම්පස් යන ගමන් කනිශ්‍යා මාව මීට් වෙන්න කොටුව ස්ටේශන් එකට එනව කියල කිවුව නිසා මට සෑහෙන සතුටක් ඇතිවුනා.

කේඑෆ්සී එකේද මුනගැහුනට පස්සෙ කොයිතරම් දේවල් කතාකරත් අපිට මුනගැහෙන්න අවස්තාවක් ලැබුනෙ නෑ.හෙට ඉතින් එයාව ආයෙමත් දකින්න අවස්තාවක් ලැබෙන නිසා ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක් වගේ මගේ හිතත් කිතිකැවෙන්න ගත්තා.

වැඩ ඇරිල යන ගමන් එයාට ගිහින් දෙන්න මොනවහරි ගන්න ඕනෙ.මට මතකයි එයා දවසක් කිවුව එයා කන්න කැමති කියල ෆෙරෙරෝ රොචර් චොකලට්ස්.එයින් පෙට්ටියක් ගිහින් දෙන්න ඕනෙ කියල අන්තිමේ මන් තීරණයක් ගත්තා.

ඔෆිස් ඉවරවෙලා එන ගමන්ම මන් කීල්ස් එකට ගිහින් චොකලට් එකකුත් ගත්තා.ඒකත් ඔෆිස් බෑග් එකේ දාගෙන හෙට ඇදන් යන්න ඕනෙ මොකද්ද කියල ඇදුම් කබර්ඩ් එක ඇරගෙන මන් කල්පනා කලා.

හමීඩියාස් එකෙන් ගත්ත් සුදු පාට ශර්ට් එක් හොදයි කියල හිතල ඒකයි තද නිල් පාට කලිසමයි අයන් කරල වොශ් එකක් දාගෙන තමයි මම කනිශ්‍යා ට කෝල් එකක් ගත්තේ.

“හෙලෝ මගේ පුංචි රෝස මල ඔයා මොකද කරන්නෙ?”

“😂😂😂”

කිසිම දෙයක් නොකිය කනිශ්‍යා එකපාරම ලස්සන සිලි සිලි හිනාවක් දැම්ම.
මට නිකන් දැනෙන්නෙ මන් ආයෙමත් ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක් වගේ කියල.

කනිශ්‍යාආආආආආ….. I Love You
මන් හිත ඇතුලෙන් කෑගහල වගේ කිවුව.

“මොකද හිනාවෙන්නෙ ? ම්ම්ම්…”

“මුකුත් නෑ.😊😊”

ආයෙත් සිලි සිලි හිනා සද්දෙ.

“ඉතින් දැන් හෙට යන්න ඕනෙ නේද?”
“ඔව් අනේ නිකන් කම්මැලිත් වගේ ආයෙ ගිහින් ලෙක්චර්ස් යන්න වෙනව කියල මතක් වුනාම”

“එහෙම තමා ඉතින්.තව කොයිතරම් කල් තියෙනවද ඩිග්‍රී එක ඉවර වෙන්න?”

“තව අවුරුද්දක් තියෙනව.”

” ඉක්මනට ඉවර උනොත් හොදයිනෙ.ඔයාල දැනටම පරක්කුයිනෙ චූටි”

චූටි… කොහෙන් කටට එන වචනද මන්ද😊
මන් කරන කියන ඒවට මටම තනියෙන් හිනා

“බොරුවක් කියන්නද?”
මන් කනිශ්‍යා ගෙන් ඇහුවා.

“බොරුවක්???”
එයා උත්තර දුන්නෙ නිකන් තුෂ්නිම්භූත වෙලා වගේ.පුදුම හිතෙන්නෙ නැද්ද ඉතින් මොලේ තියෙන මිනිහෙක් කියන කතාවක්ද මන් කිවුවෙ.

“ඔව් බොරුවක් කියන්නද?”
“ම්ම්ම්ම් හා කියන්නකො “

“මන් ඔයාට ආදරේ නෑ”

ටික වෙලාවක් යනකම් කනිශ්‍යා හුස්ම ගන්න සද්දෙ විතරයි මට ඇහුනෙ.

“😂😂😂😂😂”
එකපාරම ඒ නිහඩතාවය බිදුනෙ එයාගෙ සිලි සිලි හිනාවෙන්.

කෙල්ලට මගේ විහිලුව තේරිලා වගේ.

මට ලැජ්ජත් හිතුනා.සතුටුත් හිතුනා.

කනිශ්‍යා මන් ආදරෙයි .මන් ආදරෙයි ආදරෙයි ආදරෙයි .

————————————————-

පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න