රූ සිතුවම් – එකොළහ

රෑ සිතුවම් ❤

එකොළහ

සුලෝචනා කල්පනා කරද්දි සිතුවම් රූමන්දනාට කන්න පාන් ලෑස්ති කරා. කිරි එකත් නිමලා ඔක්කොම ට්‍රේ එකක තියාගෙන උඩට අරන් යනවා සුලෝචනා බලාගෙන.

” දෙයියනේ ! මං මේකට මොකද කරන්නේ ? “

සුලෝචනා හිහිල්ලුවා. කාමරේට ආපු සිතුවම් පඩරැලක් වගේ ඉන්න කෙල්ලව කොට්ටයක් ඇද වියලට හේත්තු කරලා පහසුවෙන් තිබ්බා. පාන් පෙත්ත පුංචි කෑලි වලට සිතුවම් කපාගෙනම ආවේ කෙල්ලට පාන් කෑල්ලක් කඩාගන්නවත් ශක්තියක් නෑ කියලා දන්න නිසාමයි.

” සිතුවම් “

” අක්කේ ? “

” අපි නංගිව ඩොක්ටර් කෙනෙකුට පෙන්නමු “

” ඒත් අක්කේ මෙහේ ? “

” සිතුවම් මං කෙල්ලව අපේ ගෙදර එක්කන් යන්නම් “

” ඒත්… අ..ක්..කේ… මේ “

” ඔයාට එයා ළඟ ඉන්න ඕන, එහෙමනේ? අපේ ගෙදර ඒක කරන්න බෑනේ. සිතුවම් මල්ලි ඔයා ඔයාගේ ගෙදරට යන්න “

” නිකිර ගෙදර දන්නවා අක්කේ “

” පොඩ්ඩක් ඉන්න “

ෆෝන් එකේ අංක කිහිපයක් ඔබන ගමන් සුලෝචනා සිතුම්වම්ලාගෙන් ටිකකට ඈත් උනා. නිවිච්ච කිරි එක බීගෙන බීගෙන යන රූමන්දනාව දකිද්දි සිතුවම්ගේ හිත දුකෙන් අනුකම්පාවෙන් මිරිකුනා.

සැමියෙක් බිරිඳට කරන දෙයක්ද ඇයට උනේ. මේ ලොකේ කොච්චර විෂමද? කුරිරුද? ගැහැණියකගේ ඉරණම ලේ බිංදුවකින් මනින්න තරම් අපේ රටේ සමහර දේවල් කොයිතරම් නපුරුද? සුදු රෙද්දේ පතිවත පිරිමියෙකුටත් මැව්වා නම්, කීදෙනෙක් කොහොම අසරණ වෙයිද? නිකිර රූමන්දනාට ගරහන්න එක හේතුව ඒක !

ගැහැණියකගේ ලේ බිංදුවකින් ඇය පතිනියක් කියන්න බෑ. අද වෛද්‍යවරු පවා ඒක පිළිගෙන තියෙනවා. එක එක කෙනාගෙන් කෙනාට අපේ හෝමොන ක්‍රියාකාරිත්වය වෙනස්.

ගැහැණු දරුවෝ ඉන්නවා වැඩිවියට පත් නොවන. ඒ අයට මූසල ගැහැණු කියලා පාච්චල් කරන මිනිස්සු දන්නේ නෑ ඔවුන්ගේ මානසිකව කොයිතරම් විදවදනවාද කියන එක. අපි කවුරුත් සර්ව සම්පූර්ණ මිනිස්සු නෙවෙයි. කාගේ හෝ අඩුපාඩුකම් දැකලා හිනාවෙනවා නම්, අපහාස කරනවා නම්, නින්දිත විදියට ක්‍රියා කරනවා නම් ඒක මිනිස්කමට ගැලපෙන්නෑ.

ස්වාමියා බිරිඳ නොහඳුන බිරිඳ ස්වාමියා නොහදුනන යාන්ත්‍රික සමාජයක අපි හැමෝම ඉන්නේ.

” සිතුවම් මල්ලි “

” අක්කේ ? “

” ඔයා කෙලින්ම යන්න දෙහිවල මේ මං දෙන ඇඩ්‍රස් එකට. ඒ අපාට්මන්ට් එක මං ඔයාලාට බුක් කරලා තියෙන්නේ. පුළුවන් ඉක්මනට මේ කෙල්ල එක්ක එතෙන්ට යන්න. මං හෙට එන්නම්. “

” අක්කාට පිං “

” ඔයා බය වෙන්න එපා පැටියෝ, ඌ මගේ මල්ලි තමා, ඌ වගේ මනුස්සකමක් නැති පාහරයෙක්ට උඹව දුන්නාට මේ අක්කාට සමාවෙයන් නංගියේ “

මූණ අත ගගා ඇස් වල කඳුළු පුරෝගන කියන සුලෝචනා අක්කා දිහා රූමන්දනා බලන් හිටියේ ඇස් ලොකු කරන් පුදුමයෙන්. තමා කවුද කියලාවත් හරි හැටි අඳුරගන්න බැරිව, කෙල්ල ඉන්නේ තදබල මානසික කම්පයකින් කියලා සුලෝචනා මේ වෙද්දි තේරුම් අරන් හිටියේ.

දෙහිවල අපාට්මන්ට් එකට යන්න ඕන බඩු සිතුවම් සුලෝචනා එක්ක ලෑස්ති කරා. රූමන්දනාගේ බඩු නම් ගොඩාක් තාම ගෙනාපු විදියටම තිබ්බා. හැමදේම පිළිවෙලකට හදාගත්තාට පස්සේ සිතුවම්ගේ ජීප් එකට බඩු පුරවගත්තා.

ඒ එක්කම සුලෝචනා අක්කාගේ මහත්තයා උන කවීරත් එතෙන ආවා.

” අපි පොලිසියේ ඇන්ට්‍රි එකක් දාමු නේද ? “

” ඔව් අනිවාර්යයෙන් දාන්න ඕන, ලැජ්ජා උනත් හැමදේම ලියන්න සිතුවම්, ආයේ ලෝකේ මෙහෙම දේවල් නොවෙන්න ඕන කවී “

සිතුවම් සුලෝචනා එක්කම ගිහින් පොලිසියේ ඇන්ට්‍රි එක දැම්මා. නිකිර ජපන් ගිහින් දැනට දවස් දහයක්. දෙහිවල අපාට්මන්ට් එකට එද්දි වාහනයෙම රූමන්දනාට නින්ද ගිහින්. ඔවුන්ගේ අපාට්මන්ට් එක තිබ්බේ හතර වන මහලේ.

සේවකයෙක්ගෙන් උදව් ගත්තු සිතුවම් බඩු ටික ලිෆ්ට් එකට පටවගෙන රූමන්දනා දෝතටම ගත්තා. සේවකයාට අපාට්මන්ට් එකට බඩු ටික ගේන්න කියලා සිතුවම් අපාට්මන්ට් එක ඇතුලට ගියා. ඉතාම පිළිවෙලකට සකස් කරලා තිබ්බ ඇදෙන් පරිස්සමින් රූමන්දනාව නිදි කෙරෙව්වා.

” හෙල්ලෝ මිස්ටර් එදිරිමාන්න ! මට මිසිස් දේශප්‍රිය විස්තරේ කිව්වා. ඔන්න අපි ඉක්මනට ක්ලීන් කරලා තිබ්බා, මෙන්න කී එක. ප්‍රශ්නයක් අඩුපාඩුවක් උනොත් කතා කරන්න මිස්ටර් එදිරිමාන්න “

” නයිස් ටු මීට් යූ මිස්ටර් තෙනුවර, තෑන්ක් යූ වෙරිමච් “

අපාට්මන්ට් එකේ අයිතිකාරයාට ගුඩ් බායි කියලා සිතුවම් අපාට්මන්ට් එකේ තමන්ගේ කොටසට ආවා. සේවකයා හැම බඩුවක්ම ගෙනත් තියලා නිසා සිතුවම් හැමදේම පිළිවෙලකට තියාගත්තා. මහන්සි උන නිසාම දාදිය වැක්කෙරෙන්න ගත්තේ රෑ දහයත් පහුවෙලා උනාට දවල් වගේ.

නාගෙන ෂෝට් එකට කහ පාට ටීෂර්ට් එකක් දාන් එද්දි රූමන්දනා ඇද උඩ දන ගහගෙන ජනේලේන් එහා පැත්තේ පෙනෙන මුහුද දිහා බලාගෙන ඉන්නවා. නැව් කිහිපයක විදුලිය වගේ පෙනෙනවා.

කිසිම කලබලයක් නැති රැළි වගේම මහා රැළිත් වෙරළට ඇවිත් කිසිත් නොවුනා වගේ යනවා පේනවා. අපේ ජීවිතෙත් එහෙමයි නේද? එහෙම හිතුන සිතුවම්ට මහා බර හුස්මක් වැටුනා.

රූමන්දනා සිතුවම් පැත්තට හැරුනේ ඒ හුස්මේ ගැඹුරට. ඇහිපිය නොහෙලා දෙන්නම බලාගෙන ඉන්නවා. රූමන්දනාගේ මහා වෙනසක් සිතුවම් දකින්නේ නෑ. ඇය තාමත් ඉන්නේ කම්පනයකින්, පහුවදා උදේම නැගිටපු සිතුවම් ගෙනාපු දේවල් අස්පස් කරලා ලස්සනට හැදුවා.

උදේට කන්න පුංචි කිරිබතක් හදලා සිතුවම් කාමරේට ගියා. ඒත් ඇදේ රූමන්දනා හිටියේ නෑ. කලබල උන සිතුවම් ඇයව හෙව්වා. නාන කාමරේ පවා ඇය උන්නේ නෑ. බැල්කනි එක දිහා බලද්දි එහි තියෙන සෝෆා එකට වෙලා අරක් තෙරක් නැති මුහුද දිහා බලාගෙන ඉන්නවා.

සිතුවම් රූමන්දනාගේ ඔළුව අතගෑවේ හිතට දැනුන අනුකම්පාව දරාගන්න බැරිව. රූමන්දනාව එක්කන් ඇවිදින් නාවලා රෝස පාට පිජාමා එකක් ඇන්දෙව්වේ ඩොක්ටර් ඇයව බලන්න එන නිසා.

සිතුවම් නාගෙන එද්දි රූමන්දනා සිතුවම්ගේ ෆෝන් එක අරන් ගේම් ගහනවා. සිතුවම්ට මතක් උනේ අවුරුදු පහක් වගේ වෙන සිතුවම්ගේ අක්කාගේ දරුවා. ඔහුගේ හැසිරිම් එක්ක රූමන්දනාගේ හැසිරිම් තිබ්බේ මහා සමානකමක් !

ඒත් වෙනසකට තිබ්බේ රූමන්දනා කතා නොකර එක. ඇය අඳුරන්නේ සිතුවම්ව විතරයි. එකපාරටම ෆෝන් එක පැත්තකට දාපු රූමන්දනා බඩ අතගාලා කනවා පෙන්නුවා. සිතුවම්ගේ ඇස් නතර උනේ ඔරලෝසුවේ.

” දෙයියනේ නමයටත් ළඟයි, බඩගිනි ඇති කෙල්ලට ” සිතුවම් කිරිබත් බෙදාගෙන ඇවිත් රූමන්දනාට කැව්වා. බඩ පිරෙනකල් රූමන්දනා කද්දි කඳුළු පිරුනේ සිතුවම්ගේ ඇස් වල.

ඒ එක්කම දොරේ බෙල් එක වැදුනා. ඇවිත් හිටියේ ඩොක්ටර් හර්ෂාණි, ඇය රූමන්දනා එක්ක හරි හිතවත් විදියට හිනා උනා. රූමන්දනාත් හිනාඋනා, හරියට පොඩි දරුවෙක් වගේ, රූමන්දනාව පුළුවන් උපරිම ඩොක්ටර් හර්ෂාණි පරික්ෂාවට ලක් කරා. ඒත්….

හමුවෙමු අවසාන කොටසින්

#නදී

 

ලංකාවේ අලුත්ම ශෝෂල් මිඩියා සයිට් එකට එකතු වෙලා ඔයාලටත් ප්‍රොෆයිල් එකක් හදාගන්න. ෆේස් බුක් වල තියන දේවල් වගේම තවත් ගොඩක් දේවල් එක්ක ලංකාවටම විශේෂිත වෙබ් අඩවියක්. android app එක මෙතනින්


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “රූ සිතුවම් – එකොළහ

  • November 7, 2018 at 2:25 pm
    Permalink

    Ko ane me kathawe ithuru tikaaaaa?????

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *