සාගරේ තරම් – ආදරේ අරන් – විසි නව වන කොටස

” ටීචර් ….. අපි මෙහේ ….

” මොකෝ මේ අප්පච්චියි  , දෝණියි. ඇයිලුද තාම ගෙදර ගියේ නැත්තේ….

” ටීචර් … මේ ඉලිදට දෝණිට දාම් පාසල් එන්න වෙන්නේ නෑලු….

‘ ඇයිලුද ඒ….

” නිම් බිම දණක් තියන ගමන් ඇහුවා.

” ජූලි 03… දෝණිගේ උපන් දිනේලු…. අපේ ගෙදල දානයක් තීනවලු… ටීචත් එනවලු නේද….

” ඒක ඇහුව ගමන් නිම් නැගිට්ටවුනා….නිම්ගේ ඇස් වලින් කදුලු පැන්නේ ඉබේටම.

” ටීචර් අඩනවලුද…..

” හ්ම්….. මං මේ ලෝකේ ගොඩක් ආදරය කරපු කෙනෙක් ටීචර්ගේ ලෝකේට ආවාලු. ලස්සන සුරංගනාවියක් වගේ….. ඒ දවසෙම ටීචගේ ලෝකෙන් එයා ගියාලු. ඒ දවසෙම. ජූලි 03 පැටියෝ ඒ.

” කවුද ටීචර් ඒ…. නිම් මං ඉන්නවා කියලා ගානක් නැතුව  ඒ දේවල් කිව්වා කියලයි හිතුනේ. මං අහපු ප්‍රශ්නෙන් එයා කලබල උනා.

” ඒ ඒ….බලු පැටියෙක්.

” සුරංගනාවියක් වගේ බලු පැටවුත් ඉන්නවලුද ටීචර් 
..

” ටීචත් ඒ දවසට පුලුවන් උනොත් එන්නම්ලු…. හරිද පැටියා….

” නිම් වීල් එකේ ආවේ මෙලෝ සිහියකින් නෙවෙයි. එයා ලොකු දුකකින් හිටියේ. අපේ දෝණිව පපුවට තුරුල් කරගෙනම ඇවිත් වීල් එකෙන් බැස්සා.

” ටීචර් යන්නම්ලූ දෝණි ….

” බුදු සරණයිලු ටීචට ….

” නිම් ඕම පොඩ්ඩක් ඉන්න…. ඔයාට මට මුකුත් කියන්න තියෙනවද….. ඔයා අනිද්දා අනිවාර්යයෙන් එන්න ඕනි. ආච්චි අම්මා එනවා. එයා ඔයාව දැක්කොත් ගොඩක් සතුටු වෙයි.

” ඔයාගේ අම්මයි, තාත්තායි….

” එයාලා දඹදිව වදින්න ගිහිං ….ඒ ගැන ඔයා බය වෙන්න එපා.

” නිම්…

‘ අශේන්…..

” නිම් ගිහින් අශේන්ට තුරුල් උනා…. මං ගිහිං දෙන්නටම කතා කරා…..

” හෙලෝ අශේන්. කොහොමද ඔයාට…….අනිද්දා දෝණිගේ බර්ත් ඩේ එක. හෙට රෑට පිරිත් කියලා අනිද්දා දානයක් දෙනවා. දෙන්නම එන්න.

” මං හොදින් ….. හ්ම්… ශුවර්….

” අපි ගිහිං එන්නම්.

******************************************************************

” අශේන් …. අශේන්…..

” ඔන්න ඔය නිසාමයි මං ආවේ. ඔයා අනිද්දට හිත හිතනි අඩන්නේ.

” දෝණි මාව දාලා ගිහින් අවුරුදු හයක් වෙනවා අශේන්….. මං කොහොමද දරාගෙන ඉන්නේ.

” බි ස්ට්‍රෝං …. නිම්…. ඔයා ශක්තිමත් … ඒක නෙවෙයි. ඔයාගේ දූ නැති වෙලා අවුරුදු හය ජූලි 03 ට නේද….

” හ්ම්… ඔව්.

” දෝණිගේ හයවෙනි බර්ත් ඩේ එකද අනිද්දට තියෙන්නේ.

” ඔව් අශේන්…. ඔව්….

” දෙන්නම එකම දවසේ ඉපදෙන්නේ කෝමද නිම්….. මං කියන්නේ…. ඔයා ප්‍රෙග්නන්ට් උනාට පස්සෙනේ කෝමත් මිලිගේ වයිෆ් ප්‍රෙග්නන්ට් වෙන්න ඕනි.

” මොකක්ද ඔයා කියන්න හදන්නේ….

” ඔයාලා මිලිගේ සීයලා ගෙදරින් ආවේ මොන මාසේද…

” මං ඒ ලෙවල් කරලා මාස එක හමාරකට විතර පස්සේ…. ඔක්තෝබර් විසි ගණන්වල වගේ.

” එතකොට ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ.. .

” ඇයි අශේන්…. මායි , අම්මයි ගමට ඇවිත් සති දෙකක් යන්න ඇති …. මං ප්‍රෙග්නන්ට් …. බඩට මාස දෙකයි.

” එතකොට මිලී මැරි කරේ….

” ඒක නම් හරියටම දන්නේ නෑ. ඒත් මං එහෙන් යද්දිම එයාව චතූට තීන්දු කරලා තිබුනේ. කෝමත් නොවැම්බර්, දෙසැම්බර් වගේ මැරි කරන්න ඇති.

” අපි කියමු දෙසැම්බර් මැරි කරා කියලා…. ඒ වගේ දෙයක් මුල් කාලේම සිද්ද උනත් ජූලි 03 බබාව ඩිලිවර් කරන්න බෑනි. එතකොට බබාට මාස හතක් වෙයි උපරිම.

” මොකක්ද ඉතිං ඒකේ විශේෂත්වේ….. අශේන් ඔයා කියන්න හදන්නේ දෝණි මිලිගෙයි, චතූගෙයි නෙවෙයි කියලද….

” මං එහෙමම කියන්න යන්නෙ නෑ නිම්….. ඒත් මෙතන මොකක් හරි අවුලක් තියෙනවා….

” ඔයා මේ ගැන මිලීගෙන් නෙවෙයි , චතූගෙන් අහන්න. ඔන්න දෝණි අඩුමාසෙන් ඉපදුනා කිව්වොත් හරි. නැත්තම් මෙතන මොකක්ම හරි තියෙනවා.

” අනේ අශේන්…. ඔයත් යන් මාත් එක්ක.

‘ මං කෝමත් මේ දවස් දෙකේ ඉන්නේ ඔයා එක්ක.

” තෑන්ක්ස් අශේන්…. ඔයා ගොඩක් හොද යාලුවෙක්.

” මේ මේ මං හිටියා වගේ නෙවෙයි. මාව රේප් කරනවා හෙම නෙවෙයි.

” අපෝ වැඩේටමයි. යමු ඇතුලට.


කමෙන්ට් එහෙම දානවානම් වටිනවාලු..


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

7 thoughts on “සාගරේ තරම් – ආදරේ අරන් – විසි නව වන කොටස

  • March 20, 2018 at 11:14 am
    Permalink

    Lassanama lassanai nimita doni munagahaida?????

    Reply
  • March 20, 2018 at 11:44 am
    Permalink

    ලස්සනයි ගොඩාක්

    Reply
  • March 20, 2018 at 12:17 pm
    Permalink

    Kathawa godaak lassanai…anik kotasath ikmaninma danna..balan innawa..????????❤️

    Reply
  • March 20, 2018 at 5:12 pm
    Permalink

    Harima lassanayi .dan thama kathawe hodama hariya

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *