සාගරේ තරම් ආදරේ අරන් – පනස් පස්වෙනි කොටස

මෙන්න මෙතනින් bukiya.lk එකවුන්ට් එකක් හදාගන්න  – REGISTER

” නිම්නා…..

” ඕඕඕඕඕඕඕඕ… ඇයි අම්මා…

” දූ අශේන් පුතාට නොකියා යන එක හරි මදි නේද….

” ම්ම්ම්ම්ම්. මේක සප්‍රයිස් එකක් අම්මා…..මං ගිහින් එයාව පුදුම කරවනවා…. ටීචිං අතෑරියා කියලා පොඩ්ඩක් විතර බැනුම් අහන්න වෙයි. ඒත් එයා මාව තේරුම් ගනියි.

” තාත්තාත් නැතුව මං උඹව ලොකු මහත් කරේ මගේ ඇස් දෙක වගේ දුවේ…. උඹ පරිස්සමින් …
නන්නාදුනන රටකට යන පලවෙනි වතාව…

” අම්මා බයවෙන්නෙපා …. මට අම්මව දාලා යන්න ගොඩක් දුකයි. අම්මට එන්න බැරිද යන්න… පොඩිකාලේ ඉදන් මං නිසා අම්මා ගොඩක් දුක් වින්දා….. මං නිසා ගොඩක් කයි කතන්දර ඇහුවා… අනේ මට සමාවෙන්න අම්මා.. මගේ අම්මා මට සමාව දෙනවා නේද….

” අම්මා මාව බදාගත්තා ….

” මට උඹට ආදරේ පෙන්නන්න බැරිවෙන්න ඇති මගේ දුවේ.. ඒත් තාත්තා නමින් උඹ මගේ බඩට ආපු දවසේ මං ඇඩුවේ නෑ…. මං මගේ කෙල්ලව ඉස්සෙල්ලාම දැකලා හිතුවේ කවදාහරි හොඳ තැනකට ගේනවා කියලා.

” අම්මා ඒ දේ කලා අම්මා…. මටයි හැමදේම රැකගන්න බැරි උනේ… මට සමාවෙන්න ….

” ඉස්සර වැරදුනා තමයි අපි දෙන්නටම. ඒත් ඒ වැටිච්ච් වැටිල්ලත් එක්ක නැගිටින්න තරම් අපි ශක්තිමත් උනා දුවේ… ඒ හයියත් එක්ක ජීවිතේ අලුතින් පටන්ගනින්…. මගේ ආශිර්වාදේ හැමවෙලේම  උඹත් එක්ක තියෙනවා මගේ දුවේ..

” අනේ අම්මා…. මං අම්මව බදාගෙන ගොඩක් වෙලා ඇඩුවා… ගොඩක් රෑ වෙනකන් මට නින්දේ ගියේ නෑ. හෙටින් පස්සේ මට ඉන්න වෙන්නේ ගොඩක් පාලුවෙන් … අම්මා, දෝණි පැටියා … හ්ම්ම්ම්ම් …. මේ තමා ජීවිතේ හැටි. දෝණිව තව එක පාරක් හරි දකින්න තියෙනවා නම්. නෑ…. ඒක හොඳ දෙයක් නෙවි….

” පස්සේ දවසේ උදේ පාන්දර තුනට අපි බදුල්ලෙන් පිටත් උනා…. මගේ ෆ්ලයිට් එක තිබුනේ දවල් දෙකට. අම්මයි, රූපා අම්මයි දෙන්නත් මාත් එක්ක ආවා…. අපි උදේ දහය වෙද්දි කටුනායක එයාපෝට් එකේ.

‘ අම්මා… ඔයාලා දැන්ම පිටත් උනොත් රෑ නවය වෙද්දි වගේ බදුල්ලට යන්න පුලුවන්.

” නෑ දූ ඔයාව ගෙනත් ඇරලවන්න ආපු එකේ,  ඔයා පිටත් උනාම යන්නම්. මට මගේ දූ එක්ක ඉන්න ඕනි.

” මං අම්මට තුරුල් වෙලා හිටියා.දවල් 12 විතර වෙද්දි මං  අම්මලාට කිව්වා ගෙදර යන්න කියලා….. කලම්බු වල අම්මලා දන්න තැනකුත් නෑ, නවතින්නවත්…..

‘ ඇති දරුවෝ…. නවත්තන්නකෝ දැන් ඔය අඩන එක.

” අනේ අම්මා ඔයත් එන්නකෝ….. එනවා නේද….

” හරි දරුවෝ…. අපි බලමුකෝ….. අපි තව ටිකක් වෙලා ඉදලා යන්නම් එහෙනම්.

” එපා එපා…. තවත් හිටියොත් අම්මලාට යන්න රෑ වෙනවා….  ඒ නිසා අම්මලා දැන් යන්න. මං ඉක්මනට අම්මවත් ගෙන්නගන්නවාමයි.

” මං අම්මටයි රූපා අම්මටයි දෙන්නටම වැන්දා….. රූපා අම්මා මගේ අම්මව හොදට බලාගන්න … බෙහෙත් හරි වෙලාවට ගන්න අම්මා…. තෙල් ජාති කන්නෙපා ගොඩක් … පරිස්සමින් ඉන්න අම්මා…..

” අම්මා කරේ හැමදාම කදුලු හංගපු එක…. හැම අම්මම ඒ වගේ. මං අඩාවි කියලයි අපේ අම්මා ඇඩුවේ නැත්තේ. ඒ තමා අම්මගේ ආදරේ…. පොඩිකාලේ ඉදන් මං වෙනුවෙන් ලොකූ ආදරයක් අම්මා හිතේ තිබුනත් අපේ අම්මා කිසිම වෙලාවක ඒක පෙන්නුවේ නෑ….. ගොඩක් දරදඩු විදිහට හිටියා… ඒත් ඒ දරදඩු ගතිය අස්සේ තිබුනු ලස්සන ආදරේ මං හැමදාම දැක්කා….මං ඒ ආදරේට ගොඩක් ආදරෙයි.

” එයාර්පෝට් එකෙන් මං පිටත් වෙන වෙලාව එන්න එන්නම කිට්ටු උනා…… මං පෝලීමේ ඉස්සරහට ගියා…. පාස්පෝට් චෙක් කරන නිසා මං ඩයරි එක ගත්තා…. මොකද පාස් පෝට් එක දාලා තිබුනේ ඩයරි එකේ. ඩයරි එක එක පාර බිමට වැටුනේ මං හෑන්ඩ් බෑග් එක අවුස්සපු නිසා….ඒත් එක්කම ඒකේ තිබුනු ලියුම් කවරයක් බිමට වැටුනා…. මං පාස්පෝට් එකයි, ඩයරි එකයි බෑග් එකට දාලා ලියුම් කවරේ අතට ගත්තේ සැකයෙන්….

” මේ මොකක්ද මේ….

” මං ලියුම් කවරේ දිග ඇරියා….  ඒකේ තිබුනේ බර්ත් සර්ටිෆිකේට් එකක්. එතකොටයි මතක් උනේ චතූ නදී මිස්ට දෙන්න කියපු දෝණිගේ බර්ත් සර්ටිෆිකේට් එක නේද කියලා…..

” ශනුදි අහිංසා තිසරණි…… අනේ මගේ පැටියව සතුටින් තියන්න දෙයියනේ. බර්ත් සර්ටිෆිකේට් එක පහළට බලන් යද්දි මගේ ඇස් එක තැනක නැවතුනා …. උපන් ස්ථානය ….. බ… බ… බදුල්ල මහා රෝහල….  මං බිම ඉන්දවුනා…..

*********************************(මේ දවස් වල ගොඩක් බිසි ෆ්‍රෙන්. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා

මෙන්න මෙතනින් එකවුන්ට් එකක් හදාගන්න  – REGISTER


කමෙන්ට් එහෙම දානවානම් වටිනවාලු..


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

5 thoughts on “සාගරේ තරම් ආදරේ අරන් – පනස් පස්වෙනි කොටස

  • April 27, 2018 at 2:40 pm
    Permalink

    Godak lassanai kathawa…nimna pau….oyata puluwan welawata kathawa danna..kathawa danakam api balan innawa

    Reply
  • April 27, 2018 at 4:51 pm
    Permalink

    Kathawa superb👌niyamai👍lassanai😍..doni nimge duwa wenna oni neda e kiyanne…🙂ilaga kotasath ikmaninma danna..😊asawen balan innawa..🙇
    💜❤️💙💛

    Reply
  • April 27, 2018 at 5:05 pm
    Permalink

    Anee puluwn ikmnta elga kotasa dnna.. ktawa lssnai.. digatama lyna

    Reply
  • April 28, 2018 at 11:13 am
    Permalink

    Lassanama lassanai godaak kathawa

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *