සාගරේ තරම් ආදරේ අරන් – පනස් අට වෙනිකොටස

” චතූ චතූ මේ අහන්න…..

” අල්ලන්නෙපා මහත්තයෝ මාව….. චීහ්…. කිරිකිතයි ඔයාව….. මමයි දෝණිගේ අම්මා… ඒත් දෝණිත් එකතු අර නැහැදිච්ච එකී එක්ක….

” ඇති චතූ නවත්තන්න නිම්ට බනින එක… නිමුයි මමයි මේ දේවල් ඔයාට හංගපු එක වැරදි තමා….. ඒත් එහෙනම් ඔයත් වැරදියි. මං බදින්න බෑ කියද්දිත් ඔයා ඒක ගනන් ගත්තේ නෑ. අඩුම තරමේ මගෙන් ඇහුවද…ඇයි මට අකමැති කියලා… ඔයාට ඕනි උනේ කෝම හරි මාව ලබාගන්න… අම්මලාට ඕනි උනා ඉක්මනට මුණුබුරු, මිණිබිරියෝ දකින්න…. නිම්ට ඕනි උනා මාව පරිත්‍යාග කරන්න. ඒත් මට ඕනි දේ ගැන කවුරුත් හිතුවේ නෑ…. මං මගේ හිතේ තිබුන ආවේගේ පිට කරා…..ඇති චතූ…. ප්ලීස් දෝණි ගැන හිතලවත් අපි මේ රණ්ඩු නවත්තමු. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා….

” හරි…. දැනට මේ දේවල් නවත්තමු. ඒත් මං ඔයාට ලේසියෙන් සමාව දෙන්නෑ. මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ……

” අපි දරුවෙක් අරන් හදාගමු.

” පිස්සුද මිලී ඔයා හිතනවද අවජාතක කෙල්ලක් කියලා මාව ප්‍රතික්ෂේප කරපු ඔයාගේ අම්මයි තාත්තායි ඒකට කැමැත්ත දේවී කියලා…

” නිම් එහෙම කියාගෙන එතනට ආවා….

” මට කියන්න දෙයක් තියෙනවා… මං කැමතියි අම්මා කෙනෙක් වෙන්න.

” මොකක්ද තමුන් කිව්වේ …. මගේ ඉස්සරහම, මගේ මහත්තයා එක්ක ඉන්න ඕනි කියලද කියන්න හදන්නේ….. අනේ ඇත්තටම …..

” චතූ නිම්ට ආයේමත් අත උස්සන්න හදද්දි නිම් ඒක නැවැත්තුවා….

” ටිකක් ප්‍රායෝගික වෙනවා චතූ…. මට ඔහේගේ මහත්තයව මගේ කරගන්න ඕනි නෑ. ඔයාගේ වූම් එක දරුවෙක් හදන්න ශක්තිමත් නැති උනාට මගේ ශක්තිමත් …. IVF තාක්ෂණය යොදාගෙනා ඔයාලා දෙන්නගේ ඩිම්බ ශුක්‍රාණු එකතු කරලා ඒ කලලය මගේ ගර්භාශේ තැන්පත් කරන්න පුලුවන්. ලංකාවෙත් ඩොක්ටර් කෙනෙක් ඉන්නවා…. මට දෝණි මෙහෙම ඉන්නවා බලන්  ඉන්න බෑ චතූ…. ඔයාලා තීරණය කරලා මට කියන්න.

” නිම් එහෙම කියලා යන්න ගියා…

” චතූ දෝණි ගාවට ගියා…. මං දෝණි බලන්න යද්දි චතූ දෝණි දිහා බලාගෙන අඩනවා……

” අඩන එක නවත්තන්නකෝ චතූ…. ඒ හැමදේම අතීතේ චතූ… දැන්වත් අපි අනාගතේ ගැන හිතලා වැඩ කරමු. අපේ නැතත් දෝණි ගැන හිතලා හරි මට සමාව දෙන්න චතූ ප්ලීස්…. චතූ මට තුරුල් උනා….

” මහත්තයෝ ඔයයි දෝණියි මගේ… මගේ විතරමයි … වෙන අය අයිතිවාසිකම් කියද්දි මට දරාගන්න බෑ… 

” හරි චතූ…. නිම් දැන් මට ආදරේ කරන්නෑ…. ඇයි බයවෙන්නේ ඉතිං …

” මහත්තයෝ ඔයා නිම්ට ආදරේද….

” ඒකට මං නිහඩ වෙද්දී …. චතූ ඈත් උනා…

” ඔයාගේ හිතේ තාමත් ඉන්නේ නිම්නා නේද මහත්තයෝ….

” ඇති චතූ.. ඔයා කියන්න නිම්ගේ යෝජනාවට ඔයා කැමතිද…. දරුවෙක් හදාගන්නවට වඩා මේ ක්‍රමේ හොදයි. ඒ අපි දෙන්නගේ දරුවා… වෙනසකට තියෙන්නේ නිම්ගේ කුසේ වැඩෙන එක විතරයි …..

” ඒත් ඇයි නිම්නා ඒ වගේ ලොකූ කැපකිරීමක් කරන්න හදන්නේ…. මොනාද එයාට ලැබෙන්නේ….

” නිම් ගැන ජරා විදිහට හිතන්නෙපා චතූ… එයා, එයා ආදරේ කරන අය දුක් විදිනවට කැමති නෑ. එයා ආදරේ කරන අයගේ හිනාව වෙනුවෙන් ඕනි දෙයක් කරයි.

” හරි මහත්තයෝ … දෝණි වෙනුවෙන් මං කැමැත්ත දෙන්නම්.

” ඔයා තේරුම් ගත්තු එකම ඇති. අපි හෙටම යමු නිම් කියපු ඩොක්ටර් මුන ගැහෙන්න. හ්ම්ම්ම්. හැමදේම හරියයි චතූ. ඔයා දෝණි ගාව ඉන්න. හදිසියක් උනොත් කතා කරන්න. මං ගිහින් කන්න මොනාහරි අරන් එන්නම්.

 

මෙන්න මෙතනින් එකවුන්ට් එකක් හදාගන්න  – REGISTER


කමෙන්ට් එහෙම දානවානම් වටිනවාලු..


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

4 thoughts on “සාගරේ තරම් ආදරේ අරන් – පනස් අට වෙනිකොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *