සාගරේ තරම් ආදරේ අරන් – හැට වෙනිකොටස

” සීයා තාත්තායි ,ආච්චී අම්මයි ගොඩක් සතුටු උනා …..

” උඹ නැතුව ගේ ගොඩක් පාලුවට ගිහිං තිබුනේ කොල්ලෝ…. දැන් ආයේමත් ගේ පිරෙයි… නේද නෝනේ….

” ගිහිං ටිකක් නිදාගනින් මයේ පුතේ…. උණුවතුර එකක් රත් කරලා දෙන්නද මගේ කොල්ලට ඇග සෝදන්න….

” එපා ආච්චී අම්මා. මං ටිකක් නිදාගන්නම්. ඇගට මහන්සියි. ඊයේ පාටිය නිසා නිදාගන්නේවත් නැතුව මෙහේ ආවා…. එහේ ඉන්න බෑ… මං යනවා උඩට…. ආච්චී අම්මටයි සීයාටයි ගොඩක් දේවල් ගෙනාවා…. පස්සේ ඔක්කොම අදිමු.

” මං එහෙම කියලා මගේ කාමරේට ගිහින් නිදාගත්තා …. ඇහැරිලා බලද්දි උදේ 11යි. එහෙමම දඩ බඩ ගාලා නැගිටලා වොෂ් එකකුත් දාගෙන කෙලින්ම දිව්වේ නිම්ගේ ගෙදර….

” නිම්…. නිම්ම්ම්…. මෝඩයෝ…. නෑ නෑ මෝඩියේ මං ආවා…. කොහෙද ඔයා…..

” මං නිම්ලගේ ගේ ඇතුලට යද්දී රූපා අම්මා කුස්සියේ ඉදන් එනවා….

” දෙයි හාදුරුවනේ චූටී මහත්තයා …. ඇස්වහක් කටවහක් වදින්නෙපා තවත් ලස්සන වෙලා….

” කෝමද රූපා අම්මේ… මං රූපා අම්මට වැන්දා… කෝ ආන්ටීයි, නිමුයි….

” නෝනා නම් වැඩට ගියා…. නිම් දූ පංති ගියා….

” ඉස්කෝලේ යන්නැතුව.

” මේ කාලේ ඉස්කෝලේට වඩා පංතිනේ කෙල්ලෝ, කොල්ලෝ යන්නේ…..

” ඒකත් එහෙමද ….

” දෙයි හාදුරුවනේ  …. වහින්න ඔන්න මෙන්න නේද…. මං කුඩේ අරන් යන්න කියලා වැන්දේ නැති ටික විතරයි. බෑග් එක බරයි කියලා දිව්වා…. දැන් තෙමී තෙමී එයි. කුඩයක් තිබුනත් තෙමී තෙමීනේ එන්නේ.

” කෝ දෙන්න රූපා අම්මේ කුඩයක්. දැන් එන්න කිට්ටුද….. මං මගට යන්නම්…. තාම ඉස්සර පිස්සු වැඩ කරනවද නිම් ඈ රූපා අම්මේ….

” රූපා අම්මා මගේ අතට කුඩයක් දුන්නා…..

” නැතුව… ඒ වගේ නම් කිසිම අඩුවක් නෑ. හැබැයි දැන් ටිකක් හැදිලා….

” මං ගිහින් බලලා එන්නම්කෝ…. මං කුඩේ අරන් පාර දිගට ආවා… දැන් ඉතිං එයි කොන්ඩෙට හෙයා බෑන්ඩ් එකත් දාලා, ඩෙනිමේ සාක්කුවලට අත දාගෙන පාරේ යන ටින් බෙලෙක්ක වලට පයින් ගගහා…. පුරුද්දනි…. මං නිම් ගැනම හිත හිතා හන්දියට යන්න හැරෙද්දි කවුදෝ ගෑනු ලමයෙක් මගේ ඇගේ හැප්පුනා….මං එයාගේ මූණ දැක්කේ නෑ. කෝම හරි කෙල්ලගේ ෆයිල් එකක් බිම වැටුනා….මං කෙල්ලට සොරි කියලා අඩි දහයක් විතර ඉස්සරහට ගිහින් ආයේමත් හැරුනා….. ඒ මට දැනිච්ච නිම්ගේ සුවද නිසා….. මං හැරිලා බලද්දි මං දැක්ක දේ මට හිතාගන්න බෑ….. ඇස් අදහගන්න බැරි තරම්…. වචන  එන්නේ නෑ….  නිම්…. මගේ නිම්…..

” දිග ස්කර්ට් එකට සුදු අත්දිග ටී ශර්ට් එකක් ඇදලා, ශෝල් එක කරෙන් දාලා, අතේ ෆයිල් එකක්. සයිඩ් බෑග් එක කරේ. කොන්ඩේ කඩලා පැත්තකින් ඉස්සරහට දාලා….. මගේ නිම් දේවතාවියක් වගේ….. වල ගැහිච්ච කම්මුල් එයාගේ හිනාව ලස්සන කරා.. පාරෙන් ගල් කැටයක් අරන් , ඇස් වලින් ඉලක්කේ අරන් මගේ නලලට ගහලා මේ හොල්මන දිව්වා… මාත් අතාරියේ නෑ පස්සෙන් පැන්නුවා….. හදිසියේ  කඩා වැටුනු වැස්ස හෝ ගාලා සැර උනා…. දුවගෙන ගිහින් නිම්ව අතින් ඇදලා අරගත්තා….ඒත් එක්කම මගේ ඇගට ඇදිලා ආපු නිම්ගෙයි, මගෙයි ඇස් යා උනා…..වැස්ස, පාරේ යන්නේ එන්නේ කවුද ඒ කිසි දෙයක් අපි දැක්කේ නෑ….

” නිම්…… මගේ නංගී…..

” ඕඕඕඕඕඕඕ…. කතා කරනවලූ…..

” අනේ මෝඩයෝ ඔයාට මා එක්ක දුවන්න බෑ…..

” ඒකලුනේ…. කුඩේ දිගාරිනවකෝ බක තපස්….  පොත් තෙමෙයිලු …

” මං කුඩේ දිගෑරියා….අපි දෙන්නා එක කුඩෙන් යද්දි අපි දෙන්නගේ අත් එකිනෙක ගෑවුනා…. ඒත් එක්කම මගේ ඇගිලි ඒ අතේ පැටලුනා…. නිම් මං දිහා බලලා හිනා උනා…..

” නපුරා….. මාව අමතක කරාලූ නේද.. ..

” පිස්සුද මෝඩයෝ…. ඔයාමනි කිව්වේ කෝල් කරන්නවත් එපා කියලා….

” කිව්ව පලියට කරන්න එපාලූ අනේ… මං බය උනා සුද්දි නෑනා කෙනෙක්වත් ගෙනෙයිලුද කියලා…..

” අනේ මෝඩයෝ….. ඒක නෙවී….. සැබෑ වෙනසක්…. මොකෝ කලිසම් කොට වලට ටටා බයි බායි කිව්වද….

” හ්ම්ම්ම්. ඔව්ලුනේ…. මේම හොදයිලුද..

” ඒ ගැන විස්තර කරන්න වචන නෑ නංගි….

‘ ඒ තරම් ලස්සනලුද….

” හ්ම්ම්ම්ම්. කොච්චරද කිව්වොත් චූටිම චූටි උණුහපුලු පැටික්කියෙක් වගේ. මං එහෙම කියලා නිම්ගේ ගෙදරට කුඩේ විසි කරලා අපේ ගෙදරට දිව්වා…..

” ඉතුරු කරන්නැල්ලූ මිලී ඔයාව…..

” නිම් පොත් ටික පුටුව උඩට දාලා වැස්සෙම මගේ පස්සෙ පැන්නුවා….. අපි දෙන්නා සීයා තාත්තලා ගෙදර වැස්සේ ඇතිතරම් සෙල්ලම් කරා… මඩ වලවල් වලට පැන්නා…. ආච්චී අම්මා ඇවිත් දෙන්නගේම කනෙන් මිරිකන් එක්ක ගිහින් කුස්සියේ වාඩි කරවලා කෝපි හදලා දුන්නා….

” ඔයා නිසාලු ආච්චි අම්මා මගේ කණ මිරිකුවේ….

” ඉතිං හොදයිනේ….

” ඇට ගෙම්බා….

” ඇට ගෙම්බි….

” ඔන්න මිලී මීයෙක්ලූ…. මීයෙක්ලූ… ඔයාගේ පුටුව ඇතුලේ…..

” නිම් හයියෙන් කෑ ගැහුවම උණු කෝපි එක අතේ හැලුනා…. මං පුටුව උඩ.නිම් හිකි හිකි ගගා හිනාවෙවී කුස්සියේ දොරෙන් එලියට පැන්නා….

” නිම්…. ඉතුරු කරන්නෑ…. එයිනේ අල්ලගන්නම්කෝ….. ඌයියියියියියියි රිදෙනවා .. මගේ අත පිච්චිලා කෝපි එකට. දැන් දනවා…..මං දවල්ට  කාලා තෙත ඇදුම් චේන්ජ් කරගෙන ඇදට වැටුනා…. ආයෙමත් නිදි…..

*********************************

හිතුවේ නැති විදිහට දෝණි ඇත්තටම අසනීපෙන්ලූ.. එයාට සනීප වෙයි නේද ෆ්‍රෙන්…..

ලියන්න ආස හිතෙන්න කමෙන්ට් එහෙම ඔනාලු ෆෙන්ස් 


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

6 thoughts on “සාගරේ තරම් ආදරේ අරන් – හැට වෙනිකොටස

  • May 6, 2018 at 6:43 pm
    Permalink

    Lassanaaaaaailu

    Reply
  • May 7, 2018 at 9:37 am
    Permalink

    Ah donita saneepa vei.nimta ashen gaavat a yanna dunna nan hoda nadda.🙄🙄

    Reply
  • May 7, 2018 at 9:41 am
    Permalink

    අනේ ඉතින් මන්නම් ඔයාගෙ කතාවලට බයයිලු

    Reply
  • May 7, 2018 at 3:33 pm
    Permalink

    Lassanama lassanai kathawa donita ikmanata sanipa wawi

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *