සාගරේ තරම් ආදරේ අරන් – හැට දෙවෙනි කොටස

” ආ මැඩම්. බර්ත්ඩේ එකට නේද ආවේ. කෝ මට තෑගි.

” ඕ අමතක උනාලුනේ. මතක් කරපු එක හොඳයිලු….

” නිම් එයාගෙ අතේ තිබුනු අයිසින් ටික ඔක්කොම මගෙ ටී ශර්ට් එකේම පිහදලා එයාගේ සාක්කුව ඇද්දා…..

” ඇත්තටම මිලී. මට ගන්න තෑග්ගක් හිතාගන්න බැරි උනාලු. ඉතිං මං ඔයාට ගත්තලු සිතූ පැතූ සම්පත් ලබාදෙන ෆෙංශුයි මුද්දක්.

” ආ…..

” නිම් මට අත දිගු කරා.

” ගෙනාවා නම් දාන එකයි ඇත්තේ.

” හාකෝ හාකෝ …. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා….

” ඇත්තටම මේකිට පිස්සු. මගේ ඇගිල්ලට මුද්ද දාලා විකාර කරනවා.

” දැන් මිලී ඔයාගේ වාරේලු. කෝ රට ගිය මිලි නිම්ට ගෙනාවේ මොනාලුද…..

” ම්ම්ම්ම්ම්. ඒක දැන්ම දෙන්නේ නෑ. සුදුසු කාලේදි සුදුසු අයුරින් ලබා දෙන්නම්.

” ඔයාගේ ඔය සුදුසු කාලේ කොයි කාලේ වගේ වෙයිලුද මිලී. මං නාකි වෙලා ඉදිලුද…..

” නෑ මෝඩයෝ තව පොඩි කාලේකින් දෙන්නම්. පොඩ්ඩක් ඉවසන්න. ඒක නෙවී මට කියන්න මේ සිතූ පැතූ සම්පත් ලබාදෙන ෆෙංශුයි මුද්ද ඇත්තටම ඒ දේවල් ලබා දෙනවද….

” ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

” දන්නවද මං මොනවද ඉල්ලන්නේ කියලා.

” කියන්නකෝ බලන්නලු.

” අපේ නිම්ට හොද මහත්තයෙක් ලැබේවා…. වැඩි වැඩියෙන් දරු ඵල ලැබේවා.

” ඒ මෝඩයෝ. වැඩි වැඩියෙන් නෙවී තුනක්ලු හොදේ. ඊට වඩා නම් බෑලු. ඉස්සෙල්ලාම දුවෙක්ලු. ඊටපස්සේ ඩබලක්ලු. දුවයි, පුතයි. දෝණිට දාන්නේ මං කැමති නමලු. ශනුදි අහිංසා තිසරණී …. අනිත් දෙන්නට පස්සේ හිතලා ලස්සන නම් දෙකක් කියන්නම්ලු.

” දැන් ඕවා මට කියන්නේ ඇයි … නිම්ගේ වෙන්න හස්බණ්ඩා මං ද….

” නැතුව…. නෑ නෑ…. මං කිව්වේ නෑ කියලලු. ඒ මිලී මට ගොඩාලියක් දොයි මතයිලු. මං යනෝ.

” නිම්. යන්න ගියා. පිස්සි. කරන්නෙම පිස්සු වැඩ.

” මිලී මේ සුප් එක.

” මං පියවි සිහියට ආවේ නිම් සුප් එක හදලා කතා කරාම.

” ආ …. කෝ දෙන්න නිම්. මං ඒකත් අරන් යන්න හැදුවේ.

” ඔයා යන්න එනවද දෝණි බලන්න.

” මං හෙට උදේම එන්නම්. හෙටම අපි ඩොක්ටර්ව මීට් වෙන්න යමු.

” ඔයා මේ දේවල් අශේන්ට කිව්වද…. අම්මට කිව්වද…

” නෑ. එයාලා මේ දේවල් දැනගන්න ඕනි නෑ. මේක මගේ තීරණයක් … දෝණි තමයි මේ වෙලාවේ මට අනිත් හැමෝටම වඩා වටින්නේ.

” ඔයා මොනාද කරන්න හදන්නේ නිම්. ඔයාට පිස්සුද … ඇයි අපි වෙනුවෙන් ජීවිතේ විනාශ කරගන්නේ. අශේන්ව ඔයාට නැත්තටම නැති වෙයි …

” ඒ ගැන වදවෙන්නෙපා. අම්මා දන්නේ මං රට ගියා කියලා. එයාට අනුව මං රට ගිය චරිතයක් වෙයි. අශේන්ට මං කිව්වේ නෑ රට එන කතාව. ගිහින්ම කියන්නයි හිටියේ. එයා හිතාවි මං ලංකාවේ කියලා. මේ දේවල් එලි නොවෙන තාක් මට ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නයක් උනත් මට ඒවා අදාලත් නෑ. දැන් මේ දේවල් ගැන නොහිතා යන්න මිලි. දෝණිට බඩගිනි ඇති.

” නිම් එහෙම කියලා කුස්සියට ගියා.

*********************************


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “සාගරේ තරම් ආදරේ අරන් – හැට දෙවෙනි කොටස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *