සාගරේ තරම් ආදරේ අරන් – හැට තුන්වන කොටස

දවස් තුන හතරකට පස්සේ දෝණිගේ ටිකට් කැපුවා…. ඇත්තටම ඒක ලොකූ සැනසීමක් ….. අම්මා දන්නේ මං රට ගියා කියලා. මේ දවස් ටිකේ මට අම්මට කතා කරන්නත් බැර් උනා. කෝම කතා කරන්නද, ලංකාවේ නම්බර් එකකින් අම්මගේ හෑන්ඩ් ෆෝන් එකට ගත්තොත් අම්මා දැනගන්නවා…. අම්මලාගේ ලෑන්ඩ් ලයින් එකේ නම්බර් වීව් වෙන්නේ නෑනි. ඒ නිසා ලෑන්ඩ් ලයින් එකට ගත්තා… අම්මා සෑහෙන්න බයවෙලා.. අම්මලා එහෙමයි. පුංචි දේටත් මහා ගොඩක් බයවෙනවා…. හරියටම මං දෝණි ගැන බය උනෙත් ඒමනි. අම්මා අශේන්ට කතා කරන්න හැදුවලු. ඒත් අශේන් පරණ සිම් එක මාරු කරා කියලා අම්මා දන්නැති නිසා හොදට ගියා. අම්මට අශේන්ට කතා කරන්න ඕනි කිව්වම මං බොරුවක් කියලා මග ඇරියා…. දවසට එක වතාවක් හරි අම්මට කතා කරන්න ඕනි. සමාවෙන්න අම්මේ…. ඔයා පව්…. ඒත් ඔයා කවදාහරි මේ දේවල් දැනගත්තම මාව තේරුම්ගනී. අම්මා කෙනෙක්ගේ වේදනාව හොදින්ම තේරුම්ගන්නේ තවත් අම්මා කෙනෙක් විතරයිනි. අශේන්ටත් කතා කරලා එයාවත් ශේප් කරලා මං ඩොක්ටර්ව මීට් වෙන්න යන්න ලෑස්ති උනා… මිලියි, චතුයි එනවා කිව්වා…. අපි තුන්දෙනාම ඩොක්ටර්ව මීට් වෙන්න ගියා…. එතනට යනකන් අපි තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් කතා කලේ නෑ.

” අපි ගිහින් ඩොක්ටර්ට තත්වේ පැහැදිලි කරා…

” මෙහෙමයි මිස්ටර් වීරසේකර …. IVF ටෙච්නොලොජි එකෙන් දරුවෙක් හදද්දි ඩිම්බ, ශුක්‍රාණු සංසේවනයකින් කලලයක් හදන්නේ ලැබ් එකකදි…. ඒකට අපිට මිසිස් වීරසේකරට හෝමෝන වර්ධක පෙති වගයක් දෙනවා… හරියටම ඒ ටික වෙලාවට බොන්න. නීරෝගි දරුවෙක් හදන්න ඩිම්බ වගේම ශුක්‍රාණු සරු වෙන්න ඕනි. එතකොට මිසිස් වීරසේකරට වූම් එකේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා කිව්වා නේද….

” ඔව් ඩොක්ටර් … දරුවෙක් දරාගන්න තරම් මගේ වූම් එක ශක්තිමත් නෑ.

” ඒ නිසා දරුගැබ මිස් නිම්නාගේ කුසේ තියන්නයි ඕනි. එහෙමද …..

” ඔව් ඩොක්ටර් ….

” මිස් නිම්නාගේ ප්‍රෙශර්,සුගර්, කොලෙස්ටෙරෝල් ලෙවල් එක බලලා තමා ඒක තීරණය කරන්න වෙන්නේ.

” ඕකේ ඩොක්ටර් ….

” මගේ ටෙස්ට් හැම එකකින්ම පස්සේ මං නෝමල් කියලා ඩොක්ටර්ස්ලා කිව්වා… චතූටත් මෙඩිසින් වගයක් දුන්නා. පුලුවන් තරම් ඉක්මනින්ම මේ දේවල් සිද්ද වෙන එක ගොඩක් හොඳයි …. පහුවෙන්න පහුවෙන්න මොනා වෙයිද කියන්න අපි දන්නෑනි.

” චතූටයි,  මිලීටයි යන්න ඇරලා මං පානදුර බීච් එක පැත්තට ආවා….. කෝච්චී පාර දිගේ ස්ටේෂන් එකට ඇවිත් බංකුවක වාඩි වෙලා හොඳ හුස්මක් ගත්තා…..

” කෝච්චී යන එන දිහා ඔහේ බලාගෙන ඉද්දි මං ලගින් ඇවිත් කෙනෙක් ඉදගත්තා….

” මිලී……

” මං හිතුවා ඔයා මෙතන ඇති කියලා….

” වැඩට යන්නැද්ද ….

” යන්න කියලා තමා ආවේ. තව වෙලාව තියෙනවා….පැය දෙකක් විතර….

” චතූට බොරු කියලද ආවේ..

” නෑ. වැඩට යනවා කියලා.

” හ්ම්ම්ම්.

” මොනාද කල්පනා කරන්නේ.

” ජීවිතේ ගැන.

” ජීවිතේ ගැන මොනවද ……

” සතුටයි, දුකයි එන්නේ අපි නොහිතන වෙලාවට. ඒ දේවල් ජීවිතේ කොච්චර සංකීර්ණ කරනවද කියලා.

” ඔය බහුභූත හිතන එක නවත්තලා අපි යමු බීච් එක පැත්තට …. අඹ අච්චාරුවක් කන්නවත්….

” බෑ මිලී…. ඒක හරි නෑ.

” දැන් කෑවොත් තමා නිම්. ඔයා අම්මා කෙනෙක් වෙන්න යද්දි ඇඹුල් කන්න හොද නෑ ගොඩක්.

” ඒමත් එකක් තියෙනවා නේද…… යමු යමු…..

” මායි, මිලියි, බීච් එකයි අපි තුන්දෙනා ඉස්සර එක්කෙනෙක්. ඒ තරම් ලස්සන මතක ගොඩාක් තිබුනා. ඒවා මතක් වෙලා මං හිනා උනා.

” ඇයි හිනාවෙන්නේ….

” උගුරේ කොයිලා හිරවෙලානි. ඒක කිතිකැවෙන හැමවෙලේම මටත් හිනා යනවා.

” කෝ ඉන්න අරන් දාන්න. කෝ ආ කියනවා….

” ආආආආආආ

” අපෝ පෙරේති. ඉස්සර වගේමයි.

” අපි දෙන්නම හිනා උනා….


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

3 thoughts on “සාගරේ තරම් ආදරේ අරන් – හැට තුන්වන කොටස

  • May 14, 2018 at 8:39 am
    Permalink

    Kathawa niyamai…👌lassanai…👍😍me dawas tikeema kathawa danakal thama balan hitiye…ilaga kotasath ikmaninma danna…balan innawa..💛💙❤️💜🙇🙂😊

    Reply
  • May 15, 2018 at 2:07 am
    Permalink

    Godak lassanai kathawa …. dan katha danne aduwen neda…ai ane e…. katha danakan hemadama balan innawa….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *