සාගරේ තරම් ආදරේ අරන් – හැට හතරවන කොටස

නිම් එක්ක මං බෙන්ච් එකක වාඩි උනා… අඹ අච්චාරුව කන ගමන් නිම් සුපුරුදු විදිහට බලාගෙන හිටියේ අහස දිහා. මං ඉමක් කොණක් නොපෙනෙන සයුර දිහා බලාගෙන හිස් හැගීමකින් හිටියේ. වෙන දේවල් හරි විකාරයක් …මටම තේරුම් ගන්න බෑ. නිම් එක පාරම බිම බලලා සුසුමක් හෙලුවා….

” මොනාද මතක් උනේ.

” මුකුත් නෑ.

” බොරු …

” නෑ නෑ

” කියනවද නැද්ද……

” ඒ දවස මතකද අයියා,  අර අහස දිහා බලාගෙන ඔයා මට ලස්සන දෙයක් කිව්වා…

” අමතක වෙන්න මැරිලා ඉපදුනේ නෑ නිම්…. මට කවදාවත් අපේ අතීතේ අමතක කරන්න බෑ. ඇයි නංගි අපිට මෙහෙම උනේ. ඔයා, මම, චතූ, දෝණි , අශේන් අපි ඉන්නේ තැන් තැන්වල. මොකක්ද මේ…. ඔයා පව්ව් නිම්. මගේ හිතේ ඔයා ගැන ලොකූ දුකක් තියෙන්නේ … මං නිම්ට කිට්ටු උනා. ඉස්සර වගේම පුංචි එකෙක් වගේ මගේ පපුවට ගුලිවෙලා හිටියා. නෑ මං වචනයක්වත් කතා කරේ නෑ. එයාගේ හිතට දුකක් ආපු හැමවෙලේම නිම්ට ඕනි උනේ මගේ පපුවට තුරුල් වෙන්න.

” මට දුක හිතුනම මාව තුරුල් කරන් මගේ ඔලුව අතගාන්න ඕනිලූ මිලී මේම මේම. හැබැයි වචනයක්වත් කතා කරන්න බෑලූ. හාලුද…. නිම් කියන්නේ එහෙම.

” ඔහොම හිටියට කමක් නෑ ඇඩුවොත් නම් ඔලුව පලනවා නංගි.

” පුංචි උන් සරුංගල් හදාගෙන ඇවිත් සරුංගල් යවනවා. මගේ හිතත් අතීතෙට ගියේ ඒ අත්දැකීම අපිටත් හුරු නිසා.

” මං රට ගිහින් ආවාට පස්සේ මං එහේදි එකතු කරපු සල්ලි වලින් බයික් එකකුත් ගත්තා. නිම් නම් ඒකට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. නිම් කියන්නේ මං බයික් එක අතට ගත්තම ඔයාට ඔයා කවුද කියලා මතක නෑ කියලා. එදා පෙබරවාරි 14. කොටින්ම කිව්වොත් වැලන්ටයින්. ඒ වගේම නිම්ට මගේ මැජික් වර්ඩ්ස් ටික කියන දවස. එදා බ්‍රහස්පතින්දා දවසක්.නිම්ගේ අම්මා වැඩට ගියාම මං එහේට පැන්නා.

” කෝ රූපා අම්මා නිම්.

” ක්ලාස් යන්න ලෑස්ති වෙනවා මිලී මහත්තයෝ ….

” මං කාමරේට යද්දිම නිම් ලොකූ මල්ලකට මොනවද දා ගත්තා. මං යද්දිම නිම් බය උනා.

” මං බය උනාලූ මෝඩයෝ. මැනර්ස් දන්නැල්ලුද දොරට තට්ටු කරලා එන්න. මං  ඇදුම් නැතුව හිටියා නම් එහෙම…. පිස්සා..

” ඉතිං ශෝක්… කෝමත් මමනි දකින්නේ.

” මොකක්ලුද…

” මුකුත් නෑ. ඒවා අදාල නෑ. හංගපු දේවල් පෙන්නනවා ….

” මුකුත් නෑ …. මං බීච්…. නෑ මේ ක්ලාස් යන්නලු හදන්නේ. බායිලු.

” නවතිනවා නිම්. මෙච්චර කල් ඔයා මට කිසි දෙයක් හංගලා නෑ. ක්ලාස් යනවා කියලා කොහේද යන්නේ.

” ෂ්ස්ස්ස්ස්ස්… සද්දේ කරන්න එපා.. මෝඩයා…. රූපා අම්මට ඇහුනොත් ඉවරයි. අද පානදුර බීච් එකේ සරුංගල් ෆස්ටිවල් එක. ක්ලාස් කට් කරලා අම්මලාට හොරෙන් එහේ යනවලු.

” විභාගේ අත ලග …
පාඩම් නොකර බීච් යන්න හදන්නෙ. ඉන්නවා කියන්න රූපා අම්මට.

” රූපා අම්මාආආආආආ…..

*********************************

මිඩ් එක්සෑම් අත ලග ෆ්‍රෙන්. පාඩම් වැඩ ගොඩක් එක්ක ගොඩක්ම බිසි. මෙච්චර අමාරුකම් තියාන ලියන්නේ ඔයාලා නිසා ෆ්‍රෙන් … වචනයකින් හරි දෙන සප් එක අපිට වටිනවා…. ජයවේවා.


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

3 thoughts on “සාගරේ තරම් ආදරේ අරන් – හැට හතරවන කොටස

  • May 15, 2018 at 5:38 pm
    Permalink

    Godak lassanai kathawa…. api wenuwen chuttak hari dapu ekata thanks… puluwan widiyata podi kotasak hari hemadama danna… exam iwara una gaman diga kotasak danna… good luke….

    Reply
  • May 15, 2018 at 5:38 pm
    Permalink

    Kathawa superb..👌lassanai👍 exam hodata liyanna…wish your all the best.🙂😊❤️💙💛💜🙇

    Reply
  • May 15, 2018 at 6:27 pm
    Permalink

    Kathawa godak asawen kiyawanne ❤padam weda athapasu karaganna epa kathwa aduwen liwata kamak ne puluwan welawaka danna.budusarani!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *