සාගරේ තරම් ආදරේ අරන් – හැට පස් වන කොටස

” මෝඩයා…..

” නිම් මගේ කට වැහුවා.

” මොකක්ලුද මිලී. කට වහගෙන ඉන්නවකෝ. මං ආසාවටනේ යන්නේ.

” කවුද දන්නේ සරුංගල් ෆස්ටිවල් එකටද නැත්තම් වැලන්ටයින් සමරන්නද යන්නේ කියලා.

” මොකක්ලු. අද වැලන්ටයින්ලුද…. ඉතිං මිලී මට වද නොදි අරයට වද දෙනවකෝ.

” කොරයටද…

” වෙන්න නෑනට.

” එයාට තමා, නෑ මං කිව්වේ එක කොන්දේසියක් උඩ යන්න දෙනවා. නැත්තම් රූපා අම්මට කියනවා.

” මොකක්ද ….

” මාත් එනවා ඔයත් එක්ක.

” ලැජ්ජා වෙන්න වෙයිලූ මිලී. මං යන්නේ කෙම් පෙලින්න නෙවීලු. සරුංගල් අරින්න. ඒකත් පොඩි උන් ටිකක් එක්කලු. කැමතිලුද….

” අනේ මේ. මෙච්චර කල් ඔහේගේ පිස්සු වැඩ බලන් හිටපු මට ඕකත් කජ්ජක්ද .

” හාකෝ….

” ඇයි මිලී මහත්තයෝ මට කතා කලේ.

” රූපා අම්මා එහෙම අහගෙන එතනට ආවා.

” නෑ රූපා අම්මා…. මේ හොල්මන මට ගැහුවා. ඒකයි කෑ ගැහුවේ.

” ඒක මිසක්. ඉන්න මං තේ එකක් හදාගෙන එන්නම්.

” එපා රූපා අම්මා පරක්කු වෙනවලු නි.

” මං කිව්වේ මිලි මහත්තයට.

” ඒක තමා රූපා අම්මා. මිලී බොන්නේ දැන් නිකන් තේ නෙවේලූ. ග්‍රීන් ටීලු. තව තවත් කැහැටු වීමේ පරමාර්ථයක් සහිතවලු කියන්නේ.

” ඒමත් එකක්ද… ගෑස් එක ගහලා ආවේ මං යනවා.

” මිලී නොමිලේ අවවාදයක් දෙන්නලුද….

” මොකක්ද

” ඇගේ සයිස් එකට හරියන කෙල්ලෙක් හොයාගන්නලු. මහත කෙනෙක් බදින්න එපාලූ. ඔයාට එයාව උස්සන්න බෑලුනි. ආන්න ඒ නිසා.

” අනේ පලයං කෙල්ලෙ යන්න. මේ මං ටක් ගාලා ලෑස්ති වෙලා එන්නම්ම්. හංදියට එනවා , බයික් එකේ යමු.

” අඩු කඩාගන්න, අකාලේ මැරෙන්න කිසී ආසාවක් නැල්ලු මිලී. අනාගත සාමී පුරුෂයා පව්ලුනේ. මං යන්නේ කෝච්චියේ දොර ගාව හිටගෙනලු. ඔයත් එනවා නම් එන්නලු. මං නම් ඔයාගේ දඩු මොණරේ එල්ලිලා යන්න එන්නේ නෑ නෑ නෑමයි.

” අපෝ…. හරි හරි , මං එන්නම්.

” නිමුයි, මමයි කෝච්චී ස්ටේශන් එකට ඇවිත් කෝච්චියක් එනකන් හිටියා. හෙමින් සැරේ මං නිම්ගේ අත අල්ලගත්තා ….

” අයියා…. ඇයිලුද…. කවුරුත් මාව පැහැරගෙන යන්නෑ …. මං බරයිලුනි.

” අන්න කෝච්චිය එනවා…… අපි දෙන්නම කෝච්චියට නැගලා, දොර ගාව හිටගත්තා. මං ආයෙමත් නිම්ගේ අත අල්ලගත්තා.

‘ මොකෝ මේ.

” ආසාවට ඇල්ලුවේ නෑ. සාත්තරයක් කියන්න යන්නේ.

” ඈහ්…. අහ…අහ… දැන් සාත්තරත් කියනවලුද අයියා…. හා හා කියමු බලන්න.

” නිම් මට අත දික් කරා….

” හස්ත රේඛා වලට අනුව නිම්ට අද විශේෂ දවසක්.

” හරියටම හරිලූ. අද කයිට් ෆස්ටිවල් නේ. තව

” නෑ මෝඩයෝ. අද ඔයාට විශේස කෙනෙක් ජීවිතේට ලං වෙනවා.

” හැමදාම එහෙම වෙනවලු අයියා.  මං කෝමත් බීච් ගියාම සිප්පි බෙල්ලෝ ගොඩ ගොඩාක් හම්බෙනවලු.

” මෝඩයෝ ටිකක් සීරියස් හිතනවකෝ… මං කිව්වේ එහෙම කෙනෙක් ගැන.

” කොහොම කෙනෙක්ලුද

” අර අරම….

” අර අරම….. ආ….. බීච් එක ගාව තියෙන රන්කොත් වෙහෙර අරමද

” ආච්චීට හාල් ගරන්න. මෝඩයා. මං නිම්ගේ අත අතෑරලා අනිත් පැත්ත දොර ගාවට ගියා. ටික වෙලාවකින් නිම් ඇවිත් මට පිටට තට්ටු කරා.

” අයියා…. අර අරයා කොයි වගේ කෙනෙක් වෙයිලුද….

” මං දන්නෑ….

” අනේ කියනවකෝ මගුල….

” එයා ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක් වෙයි. මට විශ්වාසයි.

‘ නිම් හරි ලස්සනට හිනා උනා. මොකෝ මේ කෝච්චී පෙට්ටියේ එල්ලිලා යන්න ඕනි කිව්වේ.

” නෑ නෑ භාගි මූවී එකේ වගේ එයාව මට මෙන්න මේම කෝච්චී පෙට්ටියේදි හම්බවෙයිලුද කියලා බැලුවේ.

” පිස්සි…..

” මං ආසයි බයික් එකේ යනවට වඩා මේ වගේ ලස්සන අත්දැකිම් විදින්නලු …. ඔයා දන්නවනි අයියා මං හරි වෙනස්.

” ස්මාර්ට් ෆෝන් එකක්, හොද ජොබ් එකක්, එක්ක බයික් එකක්වත් තියෙන කොල්ලෙක් නම් හා කියන කෙල්ලෝ අතරේ නිම් කියන්නේ මගේ ජීවිතේට මැණිකක්. ආදරෙයි නංගි. මගේ ඇස් කියපු දේ එයා තේරුම්ගත්තා …. එයාට හිනා ගියා.

” මොකෝ…

” නෑ නෑ. බහින්න කිට්ටුලු මිලී. අපි දෙන්නා කෝච්චියෙන් බැහැලා කෝච්චී පාර දිගේ ඇවිත් බීච් එකට ගියා. අපි බෑග්ස් ටික මං අදුරන කඩේක තිබ්බා. පුංචි එකියක් වගේ නිම් සරුංගලෙත් අරන් පොඩි උන්ට එකතු වෙලා හරි හරියට සරුංගල් යවනවා. මං පැත්තකට වෙලා බලන් හිටියා …..

” දිගට දිග සායකුත් ඇදලා, අත්දිග ටී ශර්ට් එකක් ඇදලා, එහාට මෙහාට වෙවී සරුංගල් යවද්දි එක පාරම කකුල පැටලිලා වැටුනා. සරුංගලේ අතෑරුනා….

” මිලී….. ආයි අම්මා….. කකුල…..

” හිතුවා … හිතුවා විතරයි අනිත් පැත්තට වැටුනා. වයසේ විදිහට ඕනි වැඩ කරන්න. ආවා සරුංගල් අරින්න. මං නිම් වැටිලා ඉද්දි ගිහිල්ලා තවත් බැන්නා.

” කකුල් උලුක් වෙලාද කොහෙද, ඇස්වල කදුලු පිරිලා.

” ඇඩුවොත් නම් නිම් කරනවා හොද වැඩක්. කෝ එනවා. මං අත දුන්නා නැගිටින්න … කකුල් උලුක්වෙලා අමාරුවෙන් නැගිටින්න හදද්දි, ආයේමත් ඇස්වල තිබුනු කදුලු කැට පැන්නේ වේදනාවට. පස්සේ මං තැන නොතැන බලලා නිම්ව අත් දෙකින් උස්සගත්තා .

” නිම් ඇසුත් ලොකු කරන් මගේ මූණ දිහා බලන් කරට අත දාගෙන හිටියා. කියලා තියෙනවා බඩජාරිකමට කන්න එපා කියලා. උස්සන්න බෑ බර. ඒකට නම් කෙල්ලට හිනා… වැටකෙයියා පදුරු වලින් ආවරණය වෙච්ච ගලක් තිබ්බ තැනක මං නිම්ව වාඩි කෙරෙව්වා.

” කෝ කකුල….

” නිම් ඔලුව වැනෙව්වා.

” දෙනවද නැද්ද…..

” මං නිම්ගේ කකුල අරන් බැලුවා. ආයේ ඇස්වල කදුලු පුරවගෙන ඉන්නවා. මං කතාව වෙන පැත්තකට හැරෙව්වා.

” කොහොමද හාල්මැස්සගේ වැඩ. මට බර උස්සන්න බෑ කිව්වා නේද.තරමට ගැලපෙන කෙනෙක් හොයාගන්න කිව්වා.

” කවුද දන්නේ මෙයා පිටරට ගියේ කෝස් එකකටද, සුද්දියොන්ගේ බර බලන්නලුද කියලා… හ…

” නිම් නාහෙන් අඩද්දි මට තරහා ගිහින් රිදෙන්නම කකුල ඇඹරුවා….

” අනේ අම්මාආආආආආආ….

” නිම් හයියෙන් කෑ ගැහුවා. නපුරු මිලී.

” මට උවමනාවක් නෑ ඔය එක එකාගේ බර බලන්න. තමුන්ගේ දැනගත්තම ඇති.

” නිම් ඇස් ලොකු කරලා බැලුවා.

” කියන්න දෙයක් තියෙනවා…. මං රට යන්න කලින් , ඔයාට ගිහින් ඇවිත් තෑග්ගක් දෙනවා කිව්වා මතකද නංගි.

” නිම් හෙමින් නැගිටලා අඩිය තිබ්බා.

” ඇවිදින්න පුලුවන්ලු.  ඒත් සරුංගලේ…. අනේ අයියා සරුංගලයක් කඩේක තියෙනවද බලන්න යමුකෝ.

“ඇයි ආයේ කකුල කඩාගන්නද  උලමියේ.

” නිම් හෙමින් අඩිය තිය තියා මුහුද කිට්ටුවට ගියා. මාත් පස්සෙන් ගියා. මූණත් මෙහෙක් කරගෙන ඉන්නවා.

” නිම්. අහන්නකෝ නංගි. මේක කියන්න අවුරුද්දක් බලන් හිටියා මෝඩයා….

” ම්ම්ම්ම්ම්ම්. කියමුකෝ බලන්න ඒනම්.

” මං නිම්ගේ අත අල්ලගත්තා.

” රැල්ලට ගහගෙන යයි කියලා බයලුද අයියට.

” නෑ මේ අත වෙනකාට හරි අයිති වෙයි කියලයි බය. ගොඩක් බයයි.

” නිම්ගේ ඇස් දිලිසෙනවා. එයත් ඒ දේ නම් බලාපොරොත්තු වෙන්නේ. තවත් නොකියා ඉන්නේ ඇයි.

********************************* ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

මිඩ් එක්සෑම් අත ලග ෆ්‍රෙන්. පාඩම් වැඩ ගොඩක් එක්ක ගොඩක්ම බිසි. මෙච්චර අමාරුකම් තියාන ලියන්නේ ඔයාලා නිසා ෆ්‍රෙන් … වචනයකින් හරි දෙන සප් එක අපිට වටිනවා…. ජයවේවා.


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “සාගරේ තරම් ආදරේ අරන් – හැට පස් වන කොටස

  • May 16, 2018 at 3:32 pm
    Permalink

    Kathawa kohomaweid hithagnn ba

    Reply
  • May 16, 2018 at 4:41 pm
    Permalink

    Katawa nam godak lassanai. Exam eka hodata karanna. Good luck Dr…🌹🌹🌹

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *