සාගරේ තරම් ආදරේ අරන් – හැත්තෑදෙවන කොටස

” අපේ ජීවිත කාලයත් එක්ක ඉස්සරහට ගියා…. නිම්ට දැන් බබා ලැබෙන්න ඔන්න මෙන්න…. චතූ ගොඩක් හොදට නිම්ව බලාගත්තා. දෝණි හැමවෙලේම නිම්ගේ පිටිපස්සේ… කොයි වෙලේ බැලුවත් නිම්ගේ බඩට අත තියාගෙන ගිරවි වගේ කියවනවා….

” නිම්ට ඩිලිවරි එකට සතියක් තිබුනා… චතූ දෝණි එක්ක අපේ ගෙවල් අස්පස් කරන්න ගියේ, නිම්ට බබා ලැබුනම  එහේට එක්කන් යන්න ….

” මං , ආච්චී අම්මා, නිම් ආච්චී අම්මලා ගෙදර හිටියේ. මාත් වැඩට ගිහින් ඕෆ් වෙලා ඇවිත් ඇදට වෙලා හිටියේ මහන්සි නිසා…..

” ඒත් එක්කම ආච්චි අම්මා කෑ ගහන සද්දෙට මාත් දිව්වා….

” අනේ පුතේ දුවට අමාරුයි. ඉක්මනට වීල් එක ගණින්. ආච්චී අම්මා ඕනි බඩු ටික ගන්නකන්. මං වීල් එක ගත්තා. පස්සේ නිම්ගේ කාමරේට ගියා …..

” ආව්ව්ව්ව්…. අනේ මගේ අයියේ මට අමාරුයි.

” මගේ මැණික බයවෙන්නෙපා ….අයියා ඉන්නවනි. කෝ ඉන්න, මං නිම්ව උස්සලා ගත්තා…..පරිස්සමින් වීල් එකට දාලා , ආච්චිඅම්මවත් එක්කගෙන හොස්පිටල් ගියා. ගිය ගමන් නිම්ව ලේබර් රූම් ගත්තා ….ප්‍රයිවට් හොස්පිටල් එකක් නිසා මටත් ඇතුලට යන්න පුලුවන් උනා…. මොකද නිම් හොදටම බයවෙලා හිටියේ…

” අනේ අම්මා…. අයියේ …. අනේ තනිකරන්නෙපා දෙයියෝ…..

” නිම් ලේබර් රූම් ගත්තමත් හරියට කෑ ගැහුවා…. නෝමල් ඩිලිවරි…. අනික නිවුන්නු නිසා හුගක් අමාරු ඇති.

” අනේ මහත්තයෝ ….උහුලන්න බෑ….. අම්මා….. අනේ අම්මා……

” මං ගිහින් නිම්ගේ අත අල්ලගත්තා….

” තව ටිකයි මැණික…. ඔයාට මුකුත්ම වෙන්න දෙන්නෑ. ඔයාගේ අයියා ලගනි ඉන්නේ….

” නිම් ලොකූ වේදනාවක් වින්දේ අපි වෙනුවෙන් කියලා හිතද්දී ….. මට නිම් ගැන දැනුනේ ලොකූ දුකක්..

” වේදනාබරිත මොහොතකට පසු නිම් දරු පැටව් දෙන්නෙකුට උපත දුන්නා…. ඉස්සෙල්ලාම කොලු පැටියෙක්. ඊටපස්සේ දූ පැටියෙක්.

” මගේ ඇස්වල සතුටු කදුලු පිරුණේ ඉබේටම ….දරු පැටව් දෙන්නා නිම්ගේ අතට දුන්නා. නිම් මං දිහා බලද්දී , එයාගේ ඇස්වලත් කදුලු. මං ඒ කදුලු පිහදාලා ඒ නලලට හාද්දක් තිබ්බා. මට හරියට දැනුනේ නිම්ගෙයි , මගෙයි ජීවිතේ අලුතින් පටන් ගත්තා වගේ.

” පුතු පැටියා මගේ අතට ගත්තට පස්සෙ, දෝණි අඩන්න ගත්තා…

” අම්මා වගේම කච කචයක් වෙයි…..

” නිම් හිනා උනා…. ඊටපස්සේ දෝණිට කිරි දෙද්දි නිම්ගේ ඇස්වලින් කදුලු ගලාගෙන ගියේ, සමහරවිට අතීතේ මතක් වුන නිසා වෙන්න ඇති.

” දෝණිට කිරි පොවලා නිදි කරනකන් පුතු පැටියා හිටියේ මගේ අතේ. පුතු පැටියා නම් අප්පච්චි වගේ හරි සයිලන්ස්… දැන් මටත් නම ගෙනියන්න කොල්ලෙක් ඉන්නවා. මං පුතාව පරිස්සමින් නිම්ට දුන්නා. ඒත් එක්කම චතූ එතනට ආවා….

” මහත්තයෝ මගේ දරු පැට්ටු දෙන්නා….

” දෝණි චතූගේ අතින් බැහැලා නිම් ගාවට දුවගෙන ආවා.

” දෝණිට නිම් ටීචර් නංගි බබෙකුයි , මල්ලි බබෙකුයි දෙන්නෙක්ම ගෙනත්ලු.

” චතූ චූටි දෝණිව වඩාගත්තා ….

” අප්පත්ති දෝණිව වඩාගන්නකො. මට පේන්නැල්ලුනේ.

” මං දෝණිව වඩාගත්තා.

” ශෝයි ශෝයි නේද අප්පත්ති …. දැන් මටත් සෙල්ලම් කරන්න නංගියෙකුයි, මල්ලියෙකුයි දෙන්නෙක්ම ඉන්නවලු  ….දැන් මටත් ඉක්කෝලේ ගිහින් අර මෝඩ ඉශානිට හොද පාඩමක් උගන්වන්න පුලුවන්ලු. අප්පත්ති මං එයාලව අල්ලන්නලුද….

” මොකද බැරි….

” චතූ චූටී දෝණිව අතොරක් නැතිව සිපගත්තා. ඊටපස්සේ නිම් ගාවට ආවා.

” ඔයා අපේ හීනේ හැබෑ කරා නිම්. මේ දේවල් වලට කොහොම ස්තූති කරන්නද කියලා මට හිතාගන්න බෑ.

” මටත් සතුටුයි චතූ.

” මේ දේ කිව්වම ඔයාගේ හිත රිදේවිද දන්නෑ. ඒත් නොකියත් බෑ. මේ දරු පැටව් දෙන්නගේ අම්මා මං .  ඉතිං දැන් ඔයා අශේන්ව කසාද බැදලා ඔයා ගැනත් හිතන්න ඕනි. නේද මහත්තයෝ ….

” නිම්ගේ ඇස්වල කදුලු පිරුණේ ඒ දේ දරාගන්න බැරුව.මං ලෝක දෙකක් අතර අතරමං උනා. ඒත් මං නිම් වෙනුවෙන් කතා කලා.

” චතූ.. තාම පැට්ටු දෙන්නා ඉපදුනා විතරයි. ඔය දේවල් අපි පස්සේ කතා කරමුද.

” නෑ මිලී. දරුවෝ දෙන්නා නිම්ට නෙවී මට හුරුවෙන්න නම් අපි මේ දේ කරන්න ඕනි.

” චතූ……

” නෑ මිලී. චතූ කියන්නේ ඇත්ත … මං යන්නම්. හෙට බොහෝ දුරට ඩිස්චාජ් කරයි.

“අනේ අම්මී අපි ටීචර් තියාගමුලු. ටීචර් පව්ලුනේ. අනේ අප්පත්ති …. ටීචර් ඔයා ශනුදිව දාලා යන්නේ නෑ නේද. මට ඔයාව ඕනිලූ.

” දෝණි හිතුවක්කාර වෙන්නෙපා. දැන් ඔයාට නංගියෙකුයි, මල්ලියෙකුයි ඉන්න එකේ නිම් ටීචර්ට අශේන් අන්කල් ගාවට යන්න දෙන්න.

” දෝණි අඩාගෙනම ආච්චිඅම්මා එක්ක එලියට ගියා. මගේ ඔලුව විකාර වෙලා තියෙන්නේ …. හෙට නිම් ගියාම …. නෑ….. ඒත් … බෑ…. මොකද කරන්නේ.

*********************************
( සොරි ෆ්‍රෙන් ….එක්සැම් . කතාව මතකද දන්නෑ )


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න