සාගරේ තරම් ආදරේ අරන් – හැත්තෑ පස්වෙනි කොටස

අපි දෙන්නටම හිනා….. ස්කූල් වෑන් එක හෝන් කරද්දි දෝණියි , මායි ඉස්සරහට ගියා…. මං බෑග් එක අරන්, වෑන් එක ගාවට දෝණිව ගිහින් දැම්මා…. මං ආපහු හැරිලා එද්දි දෝණි වෑන් එකේ ඉදන් කෑ ගැහුවා…..

” අම්මී………..

” මං ගල් ගැහුනා…..

” හැමදාම ටීචර් කියන්න බෑලු ඔයාට ටීචර් ….. අප්පත්ති කිව්වලු ටීචර් නංගිගෙයි, මල්ලිගෙයිත් අම්මී නිසා මාත් ටීචර්ට අම්මී කිව්වට කමක් නැල්ලූ කියලා….. මං අද ඉදන් අම්මී කියන්නලුද…… හාකෝ හාකෝ කියන්නකෝ ටීචර් ….. නෑ නෑ අම්මී.

” දෝණි වෑන් එකෙන් බැහැලා මං ලගට එද්දි…. මට ඇඩුනා….

” ඇයිලුද මේ අඩන්නේ….

” සතුටට….. තව එක පාරක්…. එක පාරක් මට අම්මී කියන්න මගේ දෝණි……

” අම්මී……. මං හැමදාම අම්මී කියනවා….. කියන්නලුද….

” හාකෝ හාකෝ….. හොදටම පරක්කුයි ආච්චී අම්මේ දැන් ස්කූල් ගිහින් පරිස්සමින් එන්න හොදේ.

” හාකෝ හාකෝ….

” දෝණි වෑන් එකට නැග්ගා. මං කාමරේට ඇවිත් සෑහෙන්න ඇඩුවා…. දෝණි මට අම්මී කියද්දි මට දැනුනේ මගේ දෝණිම තමා ඒ කියලා…. හැමදාම දෝණිව මට පෙනුනේ එහෙම. කදුලු එක්කම මං ලියුමක් ලිව්වා…. මේ ලෝකේ මට අයිති නෑ…. ඉතිං මේ නිම් මිලීගේයි, දෝණිගෙයි, චතූගෙයි, චුට්ටෝ දෙන්නගේ ලෝකෙනුයි යන්නයි හදන්නේ…. දුකයි. ඒත් මේ දුක නිම්ට උරුමයක් මිස අරුමයක් නෙවී.

***********
” චුට්ටෝ දෙන්නගේ බර කිරලා ඉවර වෙලා මායි, චතුයි, චුට්ටෝ දෙන්නයි ගෙදර එද්දි 12ට විතර ඇති. චුට්ටෝ දෙන්නා පොඩ්ඩක් වත් දුර්වල නෑ. මේ හැමදේම නිම් නිසා…. ගෙදර දොර වහලා දාලා… සමහරවිට නිම් ඇතුලේ වෙන්න ඇති. අපි දොර ඇරගෙන ගේ ඇතුලට ගියා… නිම්ගේ කිසිම සද්දයක් නෑ. මගේ අතේ හිටපු චුට්ටිවත් මං ඇදෙන් තිබ්බා…. චුට්ටෝ දෙන්නට බඩගිනි ඇති කියලා හිතලා නිම්ට කතා කරන්න ගියේ….. මං නිම්ව කාමරේ බැලුවත් නිම් හිටියේ නෑ… ගේ වටේම බලලා ආයේමත් නිම්ගේ කාමරේට ආවා….මගේ හිතට ලොකු අමුත්තක් දැනෙන්න ගත්තා….. කලින් පුරුද්දට මං නිම්ගේ කොට්ටේ උස්සලා බැලුවා….

” ලියුමක්….. මගේ අත් වෙව්ලන්න ගත්තා…

” නිම් එදා මාව දාලා යද්දිත් මේ විදිහටම කොට්ටේ යට ලියුමක් තියලා තිබුනා…. මං ලියුම දිගෑරියේ ගොඩක් කලබලෙන් ….

” මිලිට………
අයියා….. තරහා ගන්නෙපා….ඉක්මනට නාකි උනොත්…. දෝණිට ඉන්නේ නාකි අප්පත්ති කෙනෙක් කියයිලු හොදේ. දැන් චුට්ටෝ දෙන්නා ගොඩක් ගොඩක් ලොකුයි.. හරිම හුරතල්…. මට ගොඩක් සතුටුයි. ඔයාලගේ, දෝණිගේ සතුට වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන් උනාට….
ම්ම්ම්ම්ම්. චුට්ටෝ ලොකු වෙන්න වෙන්න එයාලට ගොඩක් දේවල් තේරෙනවා…. චුට්ටෝ දෙන්නා දැන් චතූට හුරුයි. දැන් මාස හතරක් වෙනුවට මාස හයක්ම චුට්ටෝ දෙන්නට කුක්කු දීලා බණ්ඩි ෆුල් කරලා තියෙන්නේ. දැන් චුට්ටෝ දෙන්නව ඔයාලට භාරයි.
දැන් නිම්ට යන්න කාලේ හරි මිලී. තරහින් නෙවී යන්නේ. ගොඩක් සතුටින්. ඒ විතරක් නෙවී මගේ පණ්ඩිත ආච්චි දැන් හුගක් ලොකුයි. චුට්ටෝ දෙන්නා වගේම දෝණි ගැනත් ඉස්සර වගේ බලන්න. එයාව තනි කරන්න එපා.
ඒනම් නංගි යනවා….. පරිස්සමින් ඉන්න ….අයියා ඔයාලා හැමෝටම බුදු සරණයි. නිම්

” මට එහෙමම ඇදේ ඉන්දවුනා…. මුලූ ලෝකේම මට නැති උනා වගේ…. මං තනි උනා වගේ හැගීමක් එක්ක මං කොච්චර වෙලා එහෙම හිටියද කියලවත් මං දන්නෑ.

” මහත්තයෝ …. මහත්තයෝ …..

” චතූ නිම්ගේ කාමරේට ආවා….

” මහත්තයෝ …. හැමතැනම හෙව්වා….. මේ තේ එක.

” චතූ මගේ ලගට ඇවිත් මගේ උරහිස හොලවද්දි….මං පියවි සිහියට ආවේ.

‘ මොකද මේ මහත්තයෝ ….. කෝ නිම්….. ආ මේ තේ එක නිවෙනවා….

” තේ …. තේ නෙවි …. මට දෙනවා වහ ටිකක්. මං තේ එකත් පොලවේ ගහලා , නිම්ගේ ලියුම චතූගේ මූණට විසි කරලා, වීල් එකත් අරන් ආවේ ඔලුව හැරුන අතේ යනවා කියලා හිතාගෙන.
***********
කතාව ඉවර වෙනකන්ම අද ඉදන් දානවා.. මතකද දන්නෑ කතාව. මේ කතාවට මුල් වෙච්ච දෝණි පැටියගේ බර්ත් ඩේ එක අද කියලා තමා ආරංචි. අපේ දෝණි පැටියට සුබ උපන්දිනයක් ….. කතාව ඉවර කරලා දෙන්නම් ඉක්මනින්ම


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න