සාගරේ තරම් ආදරේ අරන් – හැත්තෑ හයවෙනි

මං වීල් එකත් අරන් ආවේ මුහුද පේන තැනකට…. කවුරුත්ම නැති තැනකට. මං වීල් එකෙන් බැහැලා විනාඩි දහයක් විතර හිටියා… ඊටපස්සේ වීල් එකේ පැති කණ්නාඩිය කුඩු වෙන්න අතින් ගැහුවා…… එහෙමම බිම ඉදගත්තේ අතේ වේදනාවට නෙවෙයි. දරාගන්න බැරි හිතේ වේදනාවට.

” මගේ නිම්ම්ම්ම්ම්ම්ම්…………..

” මං හයියෙන් බෙරිහන් දුන්නා.

” ඇයි නංගි ඇයි? මේ දෙවෙනි පාර…. මටත් තියෙන්නේ හිතක්නි. අවුරුදු ගානක් ඔයා නැතුව දුක් වින්දා…. අවුරුදු ගානකට පස්සේ…… අවුරුදු ගානකට පස්සේ පුංචි බලාපොරොත්තුවක් හිතේ පීදුනේ එදා දෝණිව එක්කන් එන්න දහම් පාසලට යද්දි…. ඔයාව දැක්කම….. එදත් මට ඔයා කරේ මේ ටිකමයි. කාගේවත් කීම් අහලා මාව දාලා ගිය එක… ඇයි නිම්… ඇයි මෙහෙම දුක් දෙන්නේ…. ඇයි ඇයි ඇයි ….. මං පොලවට ගහගෙන ගහගෙන ගිහින් වීල් එකට හේත්තු උනා. එදා අපේ අම්මා නිම්ට බොරු කියලා රැවැට්ටුවේ නැත්තම් නිම් අද වෙද්දි මගේ. අපේ අතීතයත්, අපේ වර්තමානයත් හරි හරියට මගේ හිත පෑරුවා…

” ඇයිලුද අයියා මට එන්න කිව්වේ … රූපා අම්මට බොරු දාහක් කියලා ගෙදරින් පැන්නේ….

” මං නිම්ට අපේ කුඹුරේ තිබුන පැලට එන්න කිව්වා. මතක විදිහට ඒ ඔක්තෝම්බර් මැද වගේ….

” ඉක්මනට ගහට නැගලා එනවා මෝඩි….

” ඉන්නවකෝ මගුල…..හ්ම්ම්ම්ම්. දැන් මං කෙල්ලෙක්ලු ඉස්සර වගේ කොලු වැඩ කරන්න බෑලූ අෆ්ෆා ගවුම් පොඩිත්තක් ඇදන්.

” නිම්ව මං ගහ උඩ පැලට ඇදලා ගත්තා…..

” දැන් ඔයා කොල්ලෙකුත් නෙවෙයි.

” ඒකනේ මං කිව්වේ මෝඩ අයියා …

‘ හැබැයි ඉතින් කෙල්ලෙකුත් නෙවෙයි

” ඒනම් මොකෙක්ලුද යකෙක්ලුද

” නෑ මෝඩ හරකියේ. දැන් ඔයා මගේනේ. දැන් චූටි කෙල්ලෙක් නෙවෙයි…. මහා ගෑනියක්. තේරුනාද…..

” අනේ නැල්ලු… මං තාම චූටියිලු. ඔයා බොරු කියන්නේ.

” කොහෙද දන්නෑ පොඩි. මං නිම්ගේ කණ මිරිකලා කිව්වා . නංගි මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේක අහලා කලබල වෙන්නෑ කියන්න.

” ම්ම්ම්ම්ම්ම් කියන්නකෝ බලන්න.

” මේ …. මේකයි… මේ මේ… මං ගොතගහපු විදිහට නිම්ගේ මූණත් වෙනස් උනා.

” අනේ අයියා…. මට බයයිලු.

” නිම් මගේ උරහිසට හේත්තු උනා. ඒ එයාගේ හැටි.

” නංගි….ඇයි මේ….

” බය හිතෙන , දුක හිතෙන දෙයක් නම් කියන්නම එපාලු.

” ඒත් අහන්න. ගෙදරින් මට බදින්න බල කරනවා. ප්‍රොපෝසල් එකක් ගෙනල්ලා. මේ දවස් දෙකේ අම්මා මට හරියට කෝල් කරනවා. මං බැරිම තැන් ෆෝන් එක ඕෆ්ෆ් කරලා දැම්මා.

” නිම් අඩන්න ගත්තා. පව් මගේ කෙල්ල. කෙල්ල මගේ … දාලා යන්න තුන් හිතකවත් අදහසක් නෑ මගේ නම්. මොන දේ උනත්.

” අයියා….. අනේ අයියා නංගිව දාලා යන්නලුද හදන්නේ. අනේ නංගිට ඉන්නේ නංගිගේ අම්මයි, නංගිගේ අයියයි විතරලුනේ. දාලා යන්න එපාකෝ.

” මැට්ටියේ…. ඒක තමා එන්න කිව්වේ.

” අපේ අම්මලා කොයිම වෙලේ හරි මෙහෙට ඒවී මාව හොයාගෙන. තවත් මේ දේවල් පරක්කු කරන්න බෑ. අදම මේ දේවල් ඔයාලා අම්මට කියමු නංගි. ඔයා මගේ වස්තුවක්. ඒක මං පරිස්සම් කරනවා.

” මට බයයිලු. අයියා මාව දාලා යයිලුද…..

” නෑ බන් …. ඔයාලා අම්මා එන වෙලාව හරි. පහට කිට්ටුයි. යමු. දැන්ම කියමු. ම්ම්ම්ම්

” අපි දෙන්නා පැලෙන් බිමට බැහැලා පාර දිගේ අත අල්ලන් ඇවිදගෙන ගියා.

” ලබන සතියෙම බදිනවා ඔයාව. කවුරු කැමති උනත් නැතත්, දැන් එක්සෑමුත් ඉවරනේ …. මේ දවස එනකන් තමා ගෙදරින් කල් ඉල්ලුවේ. එයාලට ඕනි කෙනෙක් බදින්න නෙවෙයි. මං කැමති කෙනාව බදින්න.

” ලබන සතියෙද …. එතකොට මං කැම්පස් යන්නැල්ලුද.

” ඔය බැදලා ඕන තරම් කැම්පස් යන්නේ ලමයි. ඇයි මගේ නිම්ට බයද බඩක් උස්සන් කැම්පස් යන්න වෙයි කියලා. ම්ම්ම්ම්ම්

” අනේ ……

” කතාවෙන් කතාව අපි සීයා තාත්තලාගේ මිදුලට එද්දි…..

*********************************

 


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “සාගරේ තරම් ආදරේ අරන් – හැත්තෑ හයවෙනි

  • July 7, 2018 at 1:13 pm
    Permalink

    me kathawa mn hari asawen kiyawapu kathawak.eth ane manda..mona walada kiyla…

    Reply
  • July 7, 2018 at 2:10 pm
    Permalink

    Ayyo godak dawasaken dalath chuttaineeee.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *