සාගරේ තරම් ආදරේ අරන් – අසු හතර වෙනි කොටස (අවසන් කොටස)

මං ඒ කල්පනාවෙන් ඉද්දිම ස්කූල් එක ඇරියා….

” දෝණි …. දෝණි එලියට එනවා මං බලාගෙන. චතූලා මාව දැක්කේ නැති උනත් දෝණි එක පාරටම කෝවිල පැත්ත බැලුවා…. දෝණි මාව දැක්කා….. බෑග් එකත් බිම දාලා දෝණි දඩ බඩ ගාලා පාර පැන්නේ ,

” නිම් අම්මි ආයෙමත් ඇවිල්ලලු කියාගෙනමයි. ගෝල් රෝඩ් එක පැත්තට යන වාහන නවත්තලා තිබුනත්, කොළඹ පැත්තට එන වාහන වලට එන්න සිග්නල් දැම්මා.

” දෝණි …. දෝණීඊඊඊඊඊඊඊ….

” කොළඹ පැත්තට එන ට්‍රක් එකක් ඉස්සරහට ආවේ ලොකු වේගේකින්. දෝණි ඒ කිසි දෙයක් දිහා නොබලා මං ඉන්න පැත්තට එන්න හදන්නේ. මං දෙපාරක් නොහිතා පාරට පැන්නා… කරන්න දෙයක් හිතාගන්න බැරි උනා….

” දෝණි …. දෝණි …..

” නිම් අම්මී…. ඔයා ඇවිත්ලූ…

” මං පාරට පැනලා දෝණිව ඇදලා මං ඉන්න පැත්තට ගන්න හදනකොටම ට්‍රක් එක නැවැත්තුවා …. එතකොට තමා දෝණි ට්‍රක් එක දැක්කේ. දෝණිට කිසි අනතුරක් නොවුනත් දෝණි හොදටම බය උනා.

” ට්‍රක් එකේ මිනිහා මටත් බැනලා යන්න ගියා. එතකොටයි මං දැක්කේ මිලියි, අශේනුයි කෝවිල ගාව වෙහිකල් එක නවත්තලා මං ගාවට දුවගෙන ආවා… චතූ මේ හැමදේම බලන් ඉදලා… දෝණි සිහි නැති වෙලා හිටියේ මගේ අත් දෙක උඩ. චතූ පාර එහා පැත්තේ ඉදන් මෙහාට පැන්නේ චුට්ටෝ දෙන්නව චතූගේ අම්මා අතට දීලා….

” ඒ වෙලාවේ මං චතූගේ ඇස්වලින් දැක්කේ, අම්මා කෙනෙක්ගේ හිතේ දරුවෙක්ට තියෙන්න ඕනි ආදරේ…. කදුලු පෙරාගෙන චතූ ඉවක් බවක් නැතිව පාර පනින්න හදනවා….

” දෝණි …. දෝණි…..

” දෝණිට සිහිය නෑ අයියා…. එයා බය උනා…. අනේ අශේන් ඉක්මනට කාර් එක අරන් එන්න.

” අශේන් කාර් එක ගන්න ගියා. මිලී දෝණිව වත්තන් කරගත්තා. චතූ පාරේ මැද.. මේ පැත්තට එන්න හදනවා…. ඒත් වාහන නිසා පාර පනින්න විදිහක් නෑ. මං ඒ දිහා බලන් හිටියා…. ඕනි මගුලක් වෙච්චදෙන් කියන හැගීමෙන් චතූ පාර පැන්නා වගෙයි මට දැනුනේ…. ඒත් එක්කමයි මං දැක්කේ බස් එකක් ලොකූ වේගෙකින් මේ පැත්තට එනවා. චතූ දෝණිගේ සිහියෙන්.

” මිලී දෝණිව අරන් කාර් එකට යන ගමන්. මේ කිසි දෙයක් එයා දැක්කේ නෑ.

” චතූ…. එන්නෙපා චතූ…. බස් එකක් එනවා….. චතූ…..

” චතූට කිසි දෙයක් ඇහුනේ නෑ….. අද නම් දෙවියෝ මට වාහන අනතුරු වලින් මගේ අයව බේරන රාජ්කාරියක් පවරලා වගේ…. මං හිනා උනා…. මට දැනුනේ එක දෙයයි. ඒ චතූ දරුවො තුන්දෙනාටයි, මිලීටයි ගොඩක් ආදරෙයි, දෝණිව මගේ ලගට අරන් අම්මා කෙනෙක්ගෙන් දරුවෙක් වෙන් කරන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ. මං ආත්මාර්ථකාමී උනා නම් චතූට මැරෙන්න ඇරලා මේ හැමදේම මට අයිති කරගන්න තිබුනා…. ඒත් මොකටද….. මට නැතිවෙන්න දෙයක් නෑ. එයාලගේ සතුට මගේ සතුට කියලා හිතලා පාරට පැනලා චතූව ඇදලා අරන් පාර අයිනට තල්ලු කරා…. කඩාගෙන බිදගෙන එන බස් එකට මාව යටකරගෙන යන්න මං ඉඩ දුන්නා……
***********
නිම්….. නිම්….. පාර මැද ලේ ගොඩක් එක්ක නිම් වැටිලා හිටියා. චතූගේ නලල ටිකක් තුවාල වෙලා. මං දෝණිව අශේන් අතට දීලා මෙලෝ සිහියක් නැතුව නිම් ලගට දිව්වා……

” නිම්…. නිම්….. නැගිටින්න නංගි……නැගිටින්න … මං නිම්ව හෙලෙව්වා…. ලේ ගොඩක් එක්ක නිම් පාරේ වැටිලා ඉන්නවා.

” අ … අයි… අයියා…..

” මොකක්ද මේ කරගත්තේ….. මට දැනුනේ නිම් එක්ක මගේ හුස්ම ටිකත් යනවා වගේ. නෑ නෑ…. උඹට මාව දාලා යන්න දෙන්නෑ…. නිම්…..

” චතූ නලල අල්ලගෙන එතනට ආවා…..

” මහත්තයෝ නිම්…. නිම් මාව බේරගන්න ….. වාහනේට පැන්නා….

” ච…. චතූ….. ම….මගේ…අයි…අයියවයි…චු…චුට්ටෝ….තුන්දෙනයි…
හොදින් බලාගන්න. මට …. ය….යන්න…වෙලාව ඇවිත්.

” කට වහපන්…. නිම්….. ආයේමත් යන්න දෙන්නෑ නංගි. යන්න දෙන්නෑ මගේ පණ….

” මහත්තයෝ …. නිම්ව ඉක්මනට ගන්නකෝ…. අපි ඉක්මනට හොස්පිටල් එක්කන් යමු.

” චතූ ඇස්වල කදුලු පුරවන් කියද්දි, නිම් ගොඩක් අමාරුවෙන් චතූගේ අත අල්ලගත්තා …..

” දෝ…දෝණිට මං නැ…නැති… උනා….කි…කියන්න …එ…එපා චතූ. වැ….වැරැද්දක් ම…මං අතින් උ….උනා…..නම්…. ස..
සමාවෙන්න …..

” ඒ නිම් කතා කරපු අන්තිම වචන ටික උනා…. නිම් අපිව දාලා සදහටම යන්න ගියා. මගේ පවුල සම්පූර්ණ කරන්න මගේ නංගි ගොඩක්ම දුක් වින්දා. ඒ…ඒත් මං දුන්නේ එයාට දුක් විතරමයි. අදටත් මං ඒ ගැන පසුතැවෙනවා. මගේ චුට්ටෝ තුන්දෙනාගෙම අම්මා නිම්. එයා ඒ අයිතියවත් ලබා නොගෙනම යන්න ගියා. අදටත් දෝණි දන්නෑ නිම් නැති උණා කියලා.

” අප්පත්තියෝ…….

” ඕඕ….

” නිම් අම්මී මාව බලන්න එන්නැල්ලුද…..

” නිම් අම්මී ඔයා දිහා කොහේ හරි ඉදන් බලන් ඇත්තේ මැණික.

” මගේ දෝණි නිම් ගැන අහන හැමවෙලේම මට කියන්න පුලුවන් උනේ එච්චරයි. ඔව් එයා දෝණි දිහා බලාගෙන ඇති. ඒ අපේ ආදරේ සංකේතේ නිසා.

***********
ජීවිත ගමනේ කොතැනක දී හෝ මතු කවදා හෝ යලි අපි හමුවේවී… ගොඩක්ම ස්තූතියි යාලුවනේ කතාව එක්ක හිටියට. නිම්ට කරන්න පුලුවන් සාධාරණය මං ඉෂ්ට කරා.


බනින්නෙපා ෆ්‍රෙන් …. කතාව ගැන පසුවදනක් ලියන්නම ඕනි. කතාව සැබෑ ජීවිතේට ගොඩක්ම සමීපයි. විශේශයෙන් නිම්ගේ ජීවිතේට වගේම, මිලිගේ ජීවිතේටත්. ආදරේ සමහර වෙලාවට අසම්මත දේවල් වලත් පැටලෙනවා. ඔය මොන ලොක්කෝ සොක්කෝ කිව්වත් අපි මිනිස්සු … හැගීම් වලට වහල් වෙනවා. ඇත්තටම ඇත්ත ජීවිතේදි නිම් ආදරේ කරේ කසාද බැදපු කෙනෙක්ට. නිම් අයියට වඩා ආදරේ කරේ එයාගේ දෝණිට …. ඒ වගේම එයා කවදාවත් ඒ පවුල කඩන්න උත්සාහ කරේ නෑ. අවසානේ නිම්ට හැදුන අසනීපයක් නිසා නිම් සදහටම ඒ බැදීමට තිත තියනවා. ඇත්ත කතාව ඒක. මං පොඩ්ඩක් වෙනස් කරා.

අන්තිමට.. මේ රුවී ලියන අන්තිම කතාව වගේම, රුවී ගොඩක් කල් ගත්තා කතාව ඉවර කරන්න . ඒකට සමාවෙන්න ෆ්‍රෙන්. ආයේ ලියන්න අදහසක් නෑ. පේජ් එකේ අලුතින් ලියන හැමෝටම විෂ් කරනවා. දේවක අයියා…. ගොඩක්ම ස්තූතියි… අපිට ලියන්න ඉඩක් හදලා දුන්නට. පේජ් එක නිසාම හොද යාලුවෝ මුණ ගැහුනා. පුංචි දගකාරි, මග හැරුණු සිහිනේ කුමාරි, නොමියෙන හසරැල්, සාගරේ තරම් ආදරේ අරන් හැම කතාවක් එක්කම රැදුනු මගේ ෆ්‍රෙන්ස්ලා හැමෝටම ජයවේවාලු. මග නතර වෙච්ච ටික නම් ලියන්න බෑ හරිය. හි හි.

 

facebook මගින් කමෙන්ට් කරන්න

One thought on “සාගරේ තරම් ආදරේ අරන් – අසු හතර වෙනි කොටස (අවසන් කොටස)

  • August 1, 2018 at 9:16 pm
    Permalink

    kathawa patama lasanai.awasanaya wanakam ma kathawa lasana kuthuhala adunokara niyamatama thibba .Good luck rwiyo.
    Ana mayawi the digata araphu liyanako.plzzz
    All the Best thawa akake aran ikmanata Ana.like comment aduwan dammata kathawa wada akka digatama kiyauwa hoda……..Hada

    Reply

Leave a Reply to T.Lakmal Cancel reply

Your email address will not be published. Required fields are marked *