සමාවක් නම් නැතේ…

සදෙව්..
ඔයාට බැරිද ඔය දේවල් ඔයාගේ ගෙදර අයට කියන්න.
ඔයාලා ඔය හැසිරෙන විදිහට අපිට අපේ නැදෑයෝ ටිකට මුණ දෙන්නත් බැරි වෙනවා.

මොනවා ගැනද සේව් ඔයා කියන්නේ ඔය..
අපේ ගෙදර අයගේ මොනවත් වැරද්දක් ඔයා මිට කලින් කියලා නැහැනේ.

ඒවා ඒ උනාට දැන් එහෙම තමයි..ඔයාට මේ සම්බන්ධෙ දිගටම තියාගන්න ඕනි නම් ඉතින් ඔය දේවල් නතර කරලා ගැලපෙන විදිහට ඉන්න කියන්න..

මොනවද සේව් ඔයාට වෙලා තියෙන්නේ. මොනවද අපේ ෆැමිලි එකේ තියන වැරදි.ඔයාත් ඕනා තරම් අපේ ගෙදර ඇවිත් ගිහින් තියනවනේ. අම්මාලා තාත්තලා එක්ක හොදට හිටියනේ.. එක පාරටම මොකද උනේ ඔයාට. මට මේ වෙනස ඔයාගේ තේරෙන්නේ නෑ සේව් බබා ඔයා මොනවද ඔය කියන්නේ කියලා.

සරලවම කියනවනම් සදෙව් මේකයි කියන්නේ.
ඔයාලගේ පවුලේ අය ඕනාවට වඩා ශෝෂල් වැඩි. ඔහොම ඉන්න එක ගැන අපේ ගෙදර ලොකු කැමත්තක් නෑ. මටත් දැන් එක තේරිලා තියෙන්නේ.
මට ඔය දේවල් එක්ක ජිවත් වෙන්න අමාරු වෙයි කියලා.
ඔයාට යාළුවො ගොඩක් ඉන්නවා. එක එක අයව ආශ්‍රය කරනවා. ඇවිදිනවා හිතුන හිතුන වෙලාවට එක එක තැන් වල. කතා බහ කරන සමහර දේවල් උනත් මට හිතෙනවා අපිට ගැලපෙන්නේ නැ කියලා..

ඉතිරිය කියවන්න

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *