සත්තමයි නුබ මගේ – විසි එක්වෙනි දිග හැරුම

පුතා…….

අන්න තාත්තා කතා කරනවා….

ඇයි තාත්තා….

වාඩි වෙනවකො… මෙතනින්….

කෝ අක්කාටත් එන්න කියන්න..

අක්කා මෙන්න තාත්තා ඔයාටත් කතා කරනවා…

ඇයි තාත්තා…

මල්ලි මොනවා හරි අමුතු වැඩකට අත ගහලාද?

ඒ කිවේ අප්පච්චි….

තමුන් දන්නවද මල්ලි මොනවා හරි දෙයක් කරනවා කියලා

මට අප්පච්චි අහන එක තේරෙන්නේ නෑ.. මල්ලි එක එක දේවල් නම් කරනවා. එත් අහන්නේ මොනවා ගැනද
කියලා එක පාර තේරෙන්නේ නෑ අප්පච්චි…

හ්ම්ම් පුතා… තමුන් මොනවද මේ දවස් වල ෆෝන් එක පැය ගණන් අතේ තියාගෙන කරන්නේ.
වෙලාවකට තනියම හිනාවෙනවා.. වෙලාවකට ඔහේ බලාන ඉන්නවා
ආයේ ටිකකින් එකට කොට කොටා ඉන්නවා..
මොනවා ඇත්තටම වෙලා තියෙන්න

එදා අර පාටි එකට ගිහින් ආව දවසේ ඉදන් තමයි ඔය විදිහ.
මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ…

එක නම් මම දන්නේ නෑ අප්පච්චි…
හැබැයි මල්ලිට මේ පාර කොහොමහරි 
සමස්ත ලංකා තරග වලට නම් යන්න ඕනාලු..
එක නම් අර එදා පාටි එකේ අප්පච්චිගේ
බොස් ආඩම්බරෙන් කිවේ…. එයාගේ දුව සමස්තලන්කා තරගත් දිනලා තියනවා කියලා

ඉතින් මල්ලි මට නම් කිවා ඊලග පාර කොහොමහරි තාත්තාටත් ආඩම්බරෙන් කියන්න ඒ තැනට යන්න කොහොම හරි
උත්සහ කරනවා කියලා..

ඔය ඇත්තටමද පුතා මේ අක්කා කියන්නේ….

ඔ………. ඔව් අක්…………………..අක්කා කියන්නේ ඇත්ත 
අප්පච්චි

කොහොමහරි මම දිනන්න තමා උත්සහ කරන්නේ..

හ්ම්ම්ම් එක නම් මාරු…..
එතකොටත් මටත් බොසා ඉස්සරහ 
ආඩම්බරෙන් කියන්න පුළුවන්…
මගේ පුතත්…. 
සමස්තලංකා ගිය කොල්ලෙක් කියලා..

ආඩම්බරයි.. පුතා…

ආඩම්බර වෙන්න තාම ගියේ නෑ අප්ප්පච්චි… 
තවම හිතනවා විතරයි. ගොඩක් මහන්සි වෙන්න ඕනා.
එක කොහොමහරි කරගන්න තමා මටත් ඕනා….

හ්ම්ම් හ්ම්ම් ඔව් ඔව් සැහෙන්න මහන්සි වෙන්න වෙනවා.. 
මහන්සි වෙලා වැඩ කරනවා එහෙමනම්. 
මොනවා හරි ගන්න දේවල් තියනවනම් කියන්න…

——————————————-
මොනවද අක්කා ඒ කලේ…
දැන් ඕක කරන්න බැරි උනොත්
දැක්කනේ තාත්තාගේ ඇස් වල තිබ්බ ආසාව..

ඉතින් මල්ලි ඔයාට දැන් ඕක කරන්න තවත් හේතුවක් හදලා දුන්නා මම. 
නිර්මානි.. වගේම ගෙදර අයවත් සතුටු කරන්න ඔයාට මේක කරන්නම වෙනවා
අනෙක් අතට ඔය හේතුව හින්දා..
ෆෝන් එක ගැන අහ අහ හිටපු එකත් අමතක වෙලා ගියා
නැතිනම් දැන් එකට මොනවා උත්තර දෙන්නද?
තාත්තාගේ බොස් ගේ දුව එක්ක
මල් කඩන නිසා තමා හැමවෙලේම ෆෝන් එක අතේ තියාන ඉන්නේ..
කෙල්ලගෙන් මැසේජ් එකක් නැති උනහම තමා පැත්තකට වෙලා ඔහේ බලාගෙන ඉන්නේ කියලා කියන්නද?

හ්ම්ම්ම්ම් එකත් ඇත්ත තමා ඉතින්… 
එත් දැන් සැහෙන්න ප්‍රක්ස්ටික් කරන්න වෙනවා…

ඔව් ඔව් මහන්සිවෙලා කොහොමහරි මගේ නෑනාව ගෙදරට අරන් එනවා හරිද?

——————————————————

අශාන්…. කොහෙද ඉන්නේ.,.
ගොන් බුරුවො…. උබට හැමදාම කියනවා..
ගෙදර ෆෝන් එකට කතා කරලා අහන එපා කොහෙද ඉන්නේ කියල
මම අර සදුනා වගේ… ෆෝන් එක බෑග් එකේ දාගෙන යන්නේ නෑ..

ඌ නම් අනික එක අරගෙන යන්නේ.. ඉතින් ඌට අර උගේ අය්යා අරන් දුන්න මොකක්ද පැකේජ් එකක් හින්දානේ..

හ්ම්ම්ම් හරි හරි මම තාම ගෙදර ඉන්නේ…
මොකද උබේ උදේ පාන්දර…

අනේ මචන් මම තව විනාඩි 10 න් උබලගේ ගේ ගාවට එනවා. උබ ලැස්ති වෙලා ඉදපන්..

ඒ මොකටද බන් උබ මෙහෙ එන්නේ. මට වඩා ස්කෝලෙට ලග උබටනේ.. ආපහු මෙහෙට එන්නේ මොකද?

මේ මට තනියම යන්න බෑ බන්. අනික අද මම යන්නේ විල් එකේ., උබවත් දාගෙන යන්න ඕනා..

අනේ ඔව් දැන් උබ ඔය මට ආදරෙටම තමා එන්න දගලන්නේ….
නෑ නෑ උබට ආදරේට නෙමේ තමා….

මගේ ආදරේ දිනා ගන්න,…

හ්ම්ම් හරි හරි උබ වරෙන් මම ඉක්මනට ලෑස්ති වෙන්නම්…

හමුවෙමු ඉක්මනින්ම….

ශෙයා ලයික් කමෙන්ට් ඕනා….

හමුවෙමු හෙටත්…

කතාව හොද නම් ලයික් කමෙන්ට් ශෙයා ඕනා හොදේ./..


bukiya.lk එකට එන්න අලුත් යාළුවො එක්ක චැට් කරන්න වගේම තවත් කතා කියවන්න


පෙර කොටස්

facebook මගින් කමෙන්ට් කරන්න

2 thoughts on “සත්තමයි නුබ මගේ – විසි එක්වෙනි දිග හැරුම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *