සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය) 14 කොටස

සත්සර මහත්තයො ඒ දැරිවිව මං කොහෙදිහරි දැකලා තියෙනවනෙ

ඇයි නිමල් අංකල් අර අපේ වත්තෙ වැඩ කරපු ගුණපාල මාමගෙ දුව ඒ.අපි එදා ගෙදර ගෙනිහින් දැම්මෙ රෑ.

ආ ඒක තමයි මට හුරුව තිබ්බා.අනේ වාසනාවක් ඒ වගේ දරුවෙක් හරි සිරියාවයි මහත්තයො.

නිමල් අංකල් මට උදව්වක් ඕනෙ,
ඒ මොකද්ද මහත්තයො.
මේකයි ඒ ළමයා හිතන්නෙ මං මෙතන වැඩ කරන කෙනෙක් කියලා.නිමල් අංකලුත් එහෙමම රඟපාන්න ඕනෙ හාද?

අනේ අනේ මහත්තයො ලොකු මහත්තයා දැන ගත්තොත් එක ගිනි විජ්ජුම්බරයයි.මට නම් බෑ ඔය බොරු වලට සම්මාදන් වෙන්න.අනික මං බැන්දෙ නැතිවුනාට මට දරු දුක තේරෙනවා.ඒ දැරිවිවනම් විහිලුවකට ගන්නෙපා මහත්තයො පව්,,,

අයියෝ විහිලුවට ගන්නෑ අනේ ඒ ළමයා නැත්නම් මාත් එක්ක කතා කරන්නෑ.මේ දේපලවල එකම උරුමක්කාරයා මං කියලා දැනගත්තොත් ඒ ළමයා මගෙ දිහා බලන එකක්වත් නෑ. කොහොමත් ක්ලාස් එකේ ලොකු අප්පච්චි මාව ගනං ගන්නෑනෙ ඒ නිසා අවුලක්ම නෑ

අනේ මං දන්නෑ සත්තර මහත්තයො ඔන්න වැරදි වැඩ වලට මට උදව් දෙන්න බෑ.

හරි ඉතිං මං වැරැද්දක් කරන්නෑ ප්‍රොමිස්..
……..
වේදිකාවෙන් බැහැපු සේපාලිට වටේම ළමයින්ගෙන් ලැබුණෙ ගොඩාක් හොඳ ප්‍රතිචාර, ඒ ඔක්කොටම ස්තූති කරන අතරෙ සේපාලිගෙ ඇස් දෙක තිබ්බෙ සත්සර ලඟ.ඒත් සත්සර නම් නිමල් අංකල් එක්ක මොනවද කියව කියව ඉන්නවා මිසක් සේපාලි දිහා නිකමටවත් බැලුවෙ නෑනෙ.
ම්ම්ම් මෙයා නම් මගෙ දිහා බැලුවෙවත් නෑ අනිත් ඔක්කොම සුබ පැතුවා ඒක් මේ සත්සර අයිය නම් මහා …ඕන්නෑ ඉන්නකො මං බලන්නෙත් නෑ.දැක්කෙ නෑ වගේ ඉන්නවා..ඕනෙ නම් කතා කරයිනෙ .
මෙහෙම හිත හිත සේපාලි උවමනාවෙන්ම අහක බලාගෙන හිටියා..

එහෙනම් ළමයි අද අපි පංතියෙ වැඩ ඉවර කරමූ.ලබන සතියෙ ඉදලා හරි වෙලාවට එන්න ඕන.ඒ වගේම උවමනාවෙන් මේ වැඩ කරන්න ඕන..
ලොකු දේශනාවක් අවසානෙ බෝගොඩ සර් තමන්ගෙ දේශනාව ඉවර කළේ එහෙම.

ළමයි ඔක්කොම කලබලේට යද්දි සේපාලි ටිකක් පහුවෙවී හිටියෙ සත්සරගෙ මූණ බලලම යන්න හිත කිව්ව නිසාමයි.ඒත් කෝ නෑනෙ මෙයා. මං යනවා.
හිතේ ලොකු දුකකුත් එක්ක සේපාලි හෙමිහිට බස් නැවතුමට යන්න ගියා.
එකපාරටම සීතල අතකින් කව්දෝ තමන්ව නතර කරනවා දැනුනා.
අනේ අනේ නොකියම යනවා නේද? මොකද කොල්ලා එනවා කිව්වද දුවන්නෙ?

සත්සර අයියා..ඔයා! අනේ නෑ මං බැලුවා කියලා යන්න ඒත් පේන්න හිටියෙ නැති නිසා මං ආවා..අනේ මට කොල්ලෙක් නෑ ගම්පහට ආවෙත් අද තනියම අයියෙ,

කදුලක් වැටෙන්න ඔන්න මෙන්න තියෙන රතු වෙච්ච මූණ දැක්ක සත්සරට සේපාලි ගැන ලොකූ ආදරයක් දුකක් දැනුනා පව්

කෙල්ල මෙච්චරටම අහිංසකද? ඔයාව මං මගේම කරගන්නවා පැටියො කවදහරි, සත්සර තමන්ගෙම හිතට දිව්රුම් දුන්නෙ එහෙම..

හරි හරි මං ජෝක් එකට කිව්වෙ දැං ඔයා කොහොමද යන්නෙ?

මං බස් එකේ යන්නෙ,මහත්තයට වගේ කාර් කෝ අපට.

අ ආ ආයෙත් මහත්තයද? ඒක මගෙ කාර් එකක් නෙවෙ මැට්ටියෙ සර්ගෙ කාර් එක.මං යන්නෙ එන්නෙත් බස් එකෙ.
තැනේ හැටියට ඇණේ ගහපු සත්සර බයිසිකලේ කැඩිලා බස් එකේ එන්න වුනාට දෙවියන්ට පිං දුන්නා,උදේ බස් එකේ ඇවිත් කාපු කට්ට මතක්වෙද්දි ආයෙම නිකං ඇඟට පණ නැති ගතියක් දැනුනත් කෙල්ල එක්ක යන්න තියෙන චාන්ස් එක නැති කරගන්න කැමති වුණේ නෑ.

සේපාලි මාත් බස් එකේ යන්නෙ යං එහෙනම්..

අනේ අයියෙ මට බයයි ඉස්කෝලෙ ළමයි දැක්කොත් වැරදියට හිතයි අනික ක්ලාස් එකෙ පළවෙනි දවසනෙ අද එහේ අයත් දැක්කොත් හරි නෑනෙ.මං යන්නම් අයියා වෙනම යන්න.

කිරි අප්පට බල්ලො පැනපි දැං මොකද කරන්නෙ කෙල්ල කියන කතාවත් ඇත්ත ඒත් වෙනම යනවානම් බස් එකේ යන්නෙ මොන ඉලව්වටද අම්මෝ මට බෑ.සේප් එකේ මාරු වෙන්න ඕනෙ.

ආ ඒක ඇත්ත තමයි.එහෙනම් පැටියො පරිස්සමට යන්න මට නිමල් අංකල්ට පණිවිඩයක් කියන්න අමතකවුනා මං ක්ලාස් එකට දුවලා එන්නම්,හෙට දිහා ඒ පැත්තෙ එන්නම්..එහෙනම් බායි.

හ්ම්ම් අයියෙ,
ඇයි පැටියො
බුදුසරණයි. පරිස්සමට ගිහිං එන්න..
(මේකි නම් මාව පිස්සෙක් කරයි.)
හරි පැටියො බුදුසරණයි ඔයත් පරිස්සමට යන්න


 

facebook මගින් කමෙන්ට් කරන්න