සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය) 15 කොටස

ආවා සොයා ආදරේ
ගීතේ ගයයි සාගරේ…

සත්සර මහත්තයො කොහෙද අතුරු දහන් වුනේ.අප්පේ මූණෙ පෙම්පාට මොකද මේ කවදාවත් නැතිව සීංදු කියන්නෙ,

මේකනෙ නිමල් අංකල් දැං මගෙ සිකුරා ඉහ මොළ පලාගෙන උඩට ඇවිත් ඒකයි..

සත්සර..
මෙහෙ එනවා?
හුටා ලොකු අප්පච්චි
නිමල් අංකල් දැන්නම් සෙනසුරා ලැබුවද කොහෙද?

අනේ මහත්තයා යන්න මෙතන මටත් නැත්නම් අහගන්න වෙයි හොඳ බැණුමක්..

ලොකු අප්පච්චි කතා කරාද?
ඔව්
ඇ ඇ ඇයි?
අර මනුස්සයා බලන්න ගියාද?
කොයි මනුස්සයද ?
අර ගුණපාලව.
අද යන්න හිටියෙ
හ්ම් යනවා අද ගිහිං මොකද බලලා එනවා.නිමල් එක්ක යනවා කාර් එකේ.

හ්ම්ම්..
ඕයෑර්ස් දෙයියො දෙන්නෙ ඔය ටොකු ඇන ඇන ලොකු අප්පච්චිට මේ අවස්ථාවෙ බදාගෙන උම්ම්ම්මා1ක් දෙන්න හිතුනත් ඉතිං මාව පාලනය කර ගත්තෙ බොහොම අමාරුවෙන්,සේපාලි කව්ද කියලා ලොකු අප්පච්චි තාම දන්නෑනෙ දැම්ම නොකියා ඉන්නවා. නැත්නම් මෙතන අද යන්න වෙන්නෙත් නෑ ශුවර් ..
දැන්ම ගියොත් සේපාලිට කලින් ගෙදර ගිහින් සර්ප්‍රයිස් එකක් දෙන්න ඕන.

අංකල් නිමලෝ,
යං යං යං පාගලා යායායාන්

කොහෙද මහත්තයො පිස්සු හැදිලද මේ මෙ මෙ මාව අතාරින්න ,ලොකු මහත්තයව ගිහිං දාන්නත් ඕන.

හරි හරි හරි එයාව ඩෝං ගාලා ගේ ගාවින් දැම්මා අපි ගියා කෙලින්ම සේපාලිකා මලක් හොයාගෙන.

මොනවා කියනවද මංදා.අන්න ලොකු මහත්තයා ඇවිත්,ඔය දොරවල් ටික වහලා යමු..

…….
හිතාගන්නවත් බෑ සත්සර අයියා මෙහෙදි මෙහෙම හම්බෙයි කියලා කව්ද හිතුවෙ.පව් එයත් අපි වගේ දුප්පත් කොල්ලෙක්. බෝගොඩ සර්ගෙ ගෙදරද එතකොට අපෙ තාත්තා වැඩට ගිහින් තියෙන්නෙ.. හිහි එදා මං හිතුවෙ සත්සර අයියා ලොකු මහත්තයෙක් කියලා.හොරාවගේ එදා හිටපු හැටි.මහා මැට්ටෙක්,පිස්සා බස් එකේ එන්නත් හැදුවා මාත් එක්ක යන්න..එක අතකට ආවානම් කොච්චර හොදද වෙලාවකට ලෝබයි එන්න එපා කිව්වට..
මට පිස්සුනෙ මොනා හිතනවද මංදා ,සත්සර අයියට අයිතිකාරියෙක් ඇති මෙලහකටත්,හ්ම් එච්චර ලස්සන කෙනෙක්ට කෙල්ලෙක් නැත්නම් පුදුමයිනෙ.
හෙට අමාට කියන්න ඕනෙ ඒ පිස්සිත් දැං ඕපදූප ටික අහන්න දත කට මැදගෙන ඇති..

බස් එකෙන් බැහැලා කිලෝමීටර් බාගයක් විතර පාරෙ ඇවිදන් යන්න ඕනෙ ගෙදරට යන්න.. පාර අයිනෙ කඩෙන් පුංචි චොක්ලට් එකක් ගත්තෙ මගෙ පණ දැං බලාගෙන ඇතිනෙ අක්ක එනකම්…
අම්මෝ මේ අව්වෙ යනකොට එපාවෙනවා..පාර දිගේ හෙමින් හෙමින් ඇවිදගෙන ගියේ මහන්සිය නිසාමයි.
ආහ්… සත්සර අයිය වගේ කෙනෙක් අර කාර් එකක යනවා. මොනවා වෙන්න බෑ එයා ගියා නම් අනිවාර්යෙන්ම මාව දකිනවනෙ, ඒත් ඒකෙ ගිය -කෙනා අහක බලන් ගියෙ මාව නොදැක්ක ගානටනෙ. මට නම් පිස්සු මේ සත්සර අයියනම් මාව පිස්සියෙක් කරනවා.බලන බලන හැම තැනම එයාව පේනවනෙ දෙයියනේ මට මොකක් වෙලාද මංදා.
……

අනේ සත්සර මහත්තයො ඔයා නම් හරිම නරකයි.පව් අර දැරිවි දැක දැක දාලා ආවනෙ.

අනෙ මේ නිමල් අංකල් එයා මහලොකුවට මට පාර්ට් දැම්මනෙ කව්රුත් දකී මාත් එක්ක ආවොත් කියලා.හොදවැඩේ පණ්ඩිතිච්චි පයින්ම ආවදෙන්,එලදෙන,මැට්ටි,ගොනී,මී හරකි.

ආපෝ මේ මොකෝ පොඩි දරුවෙක් වගේ ,අනේ මන්දා සත්සර මහත්තයො ඔයා නම්,,

හෝව් හෝව් අර ගේ නේද සේපාලිලාගෙ.අර සේපාලිකා ගහක් තියෙන්නෙ…ඔයාටත් අනේ නිමල් අංකල් 60 පැන්නට බ්රේක් නෑ තව

 


 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *