සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය) 17 කොටස

ඔයාව නම් දාලා යන්නත් දුකයි පැටියො. ඔච්චර අහිංසක වුනොත් හොදට තියේවි..ඒ අහිංසක ඇස් දෙක දාල යන්න ලෝබකමේ මං කල්පනා කළේ..

හා යං,අපි යනවා ගුනපාල මාමෙ හෙට මැහුම් කපන්න යන්න එන්නම් පුලුවන් වුනොත්..

අනේ එපා මහත්තයො මට යන්න පුලුවන්..

එහෙනම් මේක වියදමට තියාගන්න..
අනේ එපා මහත්තයො මේ කරපු දේවල් හොදටම ඇති අනික මං වැඩත් නොකරම..

හරි හරි හොදවුනාම පුලුවන්නෙ වැඩ කරලා දෙන්න.

කාර් එකට නැග්ගට පස්සෙත් සයිඩ් කණ්නාඩියෙන් දැක්කෙ ඒ අහිංසක ඇස් දෙක කදුලුත් පුරවගෙන බලාගෙන ඉන්න දිහා.සත්තයි රත්තරං උඹ මගේ කරගන්නවා කවදාහරි.

…….
ලොක්කියෙ කොහොමද පංතිය ?
තාත්තෙ ,තාත්ත එදා වැඩට ගිහිං තියෙන්නෙ බෝගොඩ මාස්ටර්ගෙ ගෙදර.. ඒ ආවෙ අපෙ කාර්ඩ් මාර්ක් කරන අයියා එයත් බෝගොඩ මාස්ටර් ගාව වැඩ කරන්නෙ ක්ලාස් එකේදි මං එයාව දැක්කෙ,

උඹට විකාරද ලොක්කියෙ ඒ මං වැඩ කරපු ගෙදර ලොකු මහත්තයගෙ මල්ලිගෙ පුතා.ඒ මහත්තයට නෝනට දරුවෝ නෑ ඔය මහත්තය තමයි එකම දරුවා.ඒ සේරම දේපල ඔය මහත්තයගෙ, එතකොට ඒ මයෙ පුතා යන පංතියෙ මාස්ටර්ද ? අනේ උඹටත් ලැජ්ජාවක් නේද මං කළේ…

අනෙ නෑ නෑ තාත්තෙ මාස්ටර් දෙවියෙක් වගේ හරිම හොදයි.. තාත්ත එහෙ වැඩ කරා කියලා දැනගත්තම මාස්ටර් තවත් සතුටුවෙයි.

තාත්තගෙ කතාවෙන් මට තේරුනේ සත්සර අයියා මට කරපු බොරුව ගැන.ඇයි දෙයියනෙ එයා එහෙම කළේ.මගෙ අසරණකම එයාට විහිලුවක් වුනාද? මං එයා විශ්වාස කළා ගොඩක්.එක දවසින් එයා මගෙ විශ්වාසෙ බින්දා.

ලොක්කියෙ මොකෝ මේ බත් කන්නෙ නැද්ද? ආ වෙලාවෙ ඉදලා ඇඳටවෙලා.

නෑ අම්මෙ අව්වෙ ආව නිසාද කොහෙද මගෙ ඔලුව රිදෙනවා..පස්සෙ කන්නම්.කෝ මල්ලියා?

අන්න එහා ගෙදර මල්ලි එක්ක නටනවා උදේ ඉදලා මං මේ එක්ක එන්න යන්න හැදුවෙ,

…….
කවදාවත් නැති විදියට හිත රිදිල්ලක් එද්දි ඔලුවත් බර ගතියක් දැනුනා.අද ඉස්කෝලෙ නොයා ඉන්නවා.ගියත් උගන්නන්නෙ නෑ.අමා අද එන්නෙත් නෑ. තාත්ත මැහුම් කපන්න ගෙනියන්න අම්මට බෑ ඔව් අද ඉන්නවා.
මාස ගානකට පස්සෙ අද ඉස්කෝලෙ නොයා ඉන්න තීරණේ කළා ..මොන ප්‍රශ්නෙ හිතේ තිබ්බත් මගෙ එකම හීනෙ වුනේ උසස්පෙල හොදට කරගන්න.ඒත් ඊයෙ ඉදලා හිතට මොකද්දෝ වෙලා..

ලොක්කි අද ඉස්කෝලෙ යන්නැද්ද? දැං පරක්කුත්වෙලානෙ.

නෑ අම්මා අද මං ඉන්නවා අද උගන්නන්නෙත් නෑ.අනික තාත්තත් එක්ක යන්න තියෙනවනෙ..උදෙම ගියොත් සෙනග අඩුයිනෙ මං තාත්ත එක්ක යන්නම්.සේන මාමගෙ වීල් එකේවත් එක්ක යන්නවෙයි..

ඒ එක්කම වැට ගාව වාහනයක් නවත්තන සද්දෙ ඇහිලා ජනෙල් රෙද්ද එහාට කරලා බැලුවෙ කව්ද කියලා. සත්සර අයියා.. අම්මා දොරකඩට දිව්වත් මං කාමරෙන් එලියටවත් නොගියෙ එයාගෙ මූණ බලන්න තිබ්බ අකමැත්තටමයි..බොරුකාරයා මොකට ආවද අදත්.

අනේ මහත්තයා උදේම මෙහෙ? තනියමද ආවෙ.

ඔව් අම්මෙ අද නිමල් අංකල් නිවාඩු..

මහත්තයො වාඩිවෙන්නකො .අපේ ලොක්කි යන පංතිය මහත්තයලාගෙලු නේද?අනේ ඒකි හිතන්නෙ මහත්තයා එතන වැඩ කරන කෙනෙක් කියලා.අපේ එක්කෙනා කීවයින් පස්සෙ තමා කෙල්ල දන්නෙත්, අපේ උන්දැ දන්නෙත් නෑ ඒ මාස්ටර් කියලා.

අනේ සත්සරයෝ උඹ අද ඉවරයි.කෙල්ල දැනගෙන ඔක්කොම දැං ඉතිං ඕකට කොහොම රිඇක්ට් කරයිද දන්නෑ.

ඉන්න මහත්තයො මං තේ එකක් හදන් එන්න.

ඕනෙ නෑ අම්මෙ කෝ මාමා එක්ක යන්න ආවෙ.

අද කෙලිත් නැවතුනා තාත්ත එක්ක යන්න. අපෙ මහත්තය මූණ හෝදනවා ඩිංගක් ඉන්න මහත්තයො ඉක්මණට ලෑස්තිවෙලා එයි..

හෑ ඒ කියන්නෙ අද කෙල්ල ගෙදර.ආසයිනෙ ඉතිං .ඒත් සත්සරයො පරිස්සමට අහිංසක උන් ගිනි බෝම්බ..කෝ ඒත් මේකි නිකමට එලියට ආවෙ නෑනෙ අප්පා.

 


 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *