සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 25 කොටස

මේ මොකද්ද?
පොත අස්සෙ තිබිලා වැටුණ කොලේට මගෙ ඇස් දෙක ගියේ.ඉක්මණටම ඒක අහුලගෙන දඩිබිඩියෙම බැලුවෙ අම්මලා එයිදෝ කියන බයේ.

ආදරණීය සුද්දිට,

ඔයාට කොහොමද? අම්මියි තාත්තියි හොදින් ඉන්නවද? මම ඉක්මණට ඔයා බලන්න එන්නම්. එදා පාර්ටියට ගියාද බබා.අනේ මට එන්න බැරිවුණා වස්තු..එදා අපි ගියපු හොටෙල් එකට ආයෙ යමුද මැණික..

එච්චරයි කියවන්න ලැබුනෙ පපුව මැද්දෙන් හිරවෙන්න පටන් ගත්තා .ලියුමම තෙත් වෙන තරමටම ඇස් දෙකෙන් ගලාගෙන ගියපු කදුලු පිහදාගන්නවත් සිහියක් මට තිබුණෙ නෑ.
අනේ ඇයි මහත්තයො මේ අසරණ කෙල්ලගෙ හිතට බලාපොරොත්තු දුන්නෙ.ඇයි මාව මේ තරමට රැවැට්ටුවෙ…මේ සතියට දෙකට මං ඔයා කොච්චර විස්වාස කළාද? මං දන්නවා ඔයයි මායි අහසයි පොළවයි වගේ.ඒත් මං ආදරේ කළේ අහසයි පොළවයි වුනත් ක්සිතිජ ඉමේදි හම්බෙන බව දන්න නිසයි. කමක් නෑ මහත්තයො ඔයා සතුටින් නම් මට ඒ ඇති හොදටම…

ජීවිතේ සතුට කියන දේ එන්නත් කලින් නැතිවෙනවා කියලා හිතෙනකොට ජීවිතේම කදුලුත් එක්ක දියවෙන්න දෙන්න බෑ කියලා අදිශ්ටාන කරගත්තෙ මං වෙනුවෙන් නැහෙන තාත්ත ගැනයි,බලාපොරොත්තු අහස උසට තියන් ඉන්න අම්මා ගැනයි හිතලාමයි.. ඇස් දෙක පිහදාගෙන ඒ ලියුම ආයම අතට අරගත්තෙ ලිපට දාලා පුච්චන්න හිතාගෙන..ඒත් එක්කම මගෙ ඇහැ ගියේ ඒ කොළේ පිටිපස්සෙ රතු පාට පෑනෙන් ලියලා තිබ්බ අකුරු ටිකට..

මෝඩි,ගොනී,මැට්ටි,බූරිච්චි බ්ලා බ්ලා බ්ලා… මාව සැක කරා නේද ? මාව අතෑරියා නේද? හොටු පෙරාගෙන ඇඬුවා නේද? දැක්කනේ මං ගැන හිතපු විදිහ.මැට්ටි, උඹව මං අල්ලගත්තෙ අතාරින්න නෙවේ,මං දන්නවා ඔය පපුවට දුක දැනෙන්න ඇති.මම ගැන වෛරයක් එන්න ඇති..කමක්නෑ.ඒත් දැනගන්න මං මගෙ සේපාලිකා මල හැමදාමත් ආදරෙන් බලාගන්නවා.. මං දන්නවා පෝන් එකත් ඕෆ්වෙලා ඇති.තව දවසක් ඉවසන්න මගෙ කිචි බිචි හාමිනේ එනකල් මං ඉරිදා වෙනකල් බලන් ඉන්නෙ.ආදරෙයි ගොඩාක්.
කෝ දැං ඔය හොටු ටික පීදගෙන හිනාවෙලා පාඩම් කරන්න මෝඩියෙ.
උම්මා.

මෝඩයා මං තරහම තරහයි ඉන්නවකො ඉරිදට මූණ බලන්නෑ මං.. කොච්චර මාව බය කලාද ඇයි අනේ මෙතන… තා ඩිංගෙන් පපුවෙ අමාරුව හැදෙනවා..පිස්සා.

ලොක්කියෙ,මොකෝ බං තනියම කියෝ කියෝ හිනාවෙන්නෙ?

අම්මගෙ සද්දෙට අතේම ලියුම ගුලිකරගත්තෙ ඇස්වල කදුලුත් හෙමින්ම පිහදාගන්න ගමන්මයි..නැත්නම් අම්මගෙන් නම් බේරෙන එක බොරු..

අ අ අ අනේ මේ නෑ අම්මෙ මන් මේ පාඩමක කොටසක් කියව කියව හිටියෙ ඒකෙ තිබ්බ කතාවකට මටම හිනා ගියේ ඒකයි..

ආ මේන් මේ තේක බීපංකො..

දෙයියන්ට පිං සිද්ද වෙන්න

අම්මගෙන් යන්තමට බේරුණා. අනේ මංදා දැං ඉස්සර වගේ නෙවේ අම්මටයි තාත්තටයි කොච්චර බොරු කියන්න වෙනවද? ඒත් ඒ මගෙ ආදරේ වෙනුවෙන්නෙ, මට සමාව දෙන්න අම්මෙ.මං දවසක මේ හැමදේම වන්දිය ගෙවනවා සත්තයි,මං මගෙ හිතටම පොරොන්දු දී ගත්තා.. කොහොම වුනත් තාමත් මට මහත්තයගෙ ලියුමමයි මතක් වෙන්නෙ. ඇත්තටම එහෙම දෙයක් වුනානම් මේ වෙනකොට මං ගොඩක් කඩන් වැටිලනෙ.වෙලාවකට ජීවිතේ අනාගතේ ගැන බයකුත් දැනෙනවා.

 


 

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *