සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 26 කොටස

 

සෙනසුරාදා උදේම නැගිටල එලියට බහිනකොට සේපාලිකා ගහ යට මල් වැටිලා වට්ටියක් වගේ..ඊයේ රෑ සත්සර අයියගෙ විකාර වැඩ නිසා ගහ යටට ඉටිකොලේ එලන්න තියා රෑට කෑම කන්නවත් හිත එකලසක් තිබුණේ නෑ නෙ…ඒ වුනාට අම්මා නම් අමතක නොකර ගහ වටේ ඉටි කොලේ එලපු නිසා මල් ටික අහුලගන්න පුළුවන් වුනා …ඉස්කෝලේ ගියත් ගෙදර හිටියත් මට පුංචි කාලෙ ඉදලා තිබ්බ එක පුරුද්දක් තමයි සේපාලිකා මල් වට්ටියක් පූජා කරලා බුදුන් වදින එක …වෙනදා වගේම එලියෙ බුදු කුටියේ බුදුන් වැදලා හැමදේම කරදරයක් නැතුව ඉස්ට වෙන්න කියලා බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලුවා …

අමා ඔයා ….?

කොයි වෙලාවෙද ආවෙ..

මම ආවෙ උඹ ධ්‍යානයකට සම වැදිලා ඉදපු වෙලාවෙ ..මොනවාද ඔච්චර ප්‍රාර්ථනා කලේ…?

හි හී….මේ ඒක නෙවෙයි මම හිතුවෙ දවල් වෙලා එයි කියලා …

පිස්සුද උඹට …එතකොට කොහොමද නැන්දගෙ උදේකෑම කන්නේ ??

අපෝ පෙරේති..එනවා එනවා ගෙට ..කෝ කොච්චර කෑවත් ඔච්චරයි නෙ ඉතිං …

ඒකනෙ බන් මම කන තරමට වෙන එකෙක්නම් පුපුරනවා…

අම්මා මෙන්න අමා ඇවිත් ….

ආ අමා දුව..කොහොමද ..මම මේ උදේට ඉදිආප්ප ටිකක් තැම්බුවා..

ටිකක් නම් මදියි නැන්දා මටත් එක්ක ගොඩාක් හදන්න ….අද නම් වේල් තුනම කාලා යන්න ආවෙ…

අනේ කොච්චර දෙයක්ද….ඉන්නකො මම ඉක්මනට ලෑස්ති කරන්න කෑම …

සේපා කෝ මල්ලියා ..?

ආපෝ එයා තාම නිදි..සෙනසුරාදානෙ ඔහොම තමයි ..හරීම කම්මැලියා..එන්නකො ඉතිං ..ඔයාට කියන්න දේකුත් තියනවා ….

හ්ම්ම්ම් අමාට හන්ගන්න දෙයක් නෑ අන්තිමේදි මම තීරණය කලා සිද්ද වෙච්චි හැමදේම අමාට කියන්න ..එයා මගේම සහෝදරියක් වගේ..මම දන්නවා අමා මට උදව් කරයි…

හා හා කියපන්කො ඉතිං මොකද්ද කියන්න තියනවා කිවුවෙ ?

අමා මේකයි බන් මම උඹට කිවුවෙ අර තාත්තා වැඩ කරපු ගෙදර මහත්තය මෙහෙ ආව කියලා …ඒ මහත්තයා තමයි බෝගොඩ මාස්ටර්ගේ මල්ලිගෙ පුතා ..

නෑ …

නෑ නෙවෙයි බන් …එයා තමයි බෝගොඩ සර්ගෙ දේපොළ වලත් එකම උරුමක්කාරයා…

ඒ කියන්නේ බෝගොඩ මාස්ටර්ට දරුවො නෑ …හරි හරි ඉතිං ඒවා වැඩක් නෑ මට විස්තය කියපන්කො ..මට හිතන්නේ මෙතන වෙන දෙයක් වෙලා වගේ ….

අමා නෝන්ඩියට හිනා වෙද්දී මම සත්සර අයියා ගැන එදා ඉදලා අද වෙනකම්ම විස්තර ටික සේරම අකුරක් නෑරම කිවුවා…වෙලාවකට අමා හිනාවුනා ,වෙලාවකට සන්සුන්ව අහන් හිටියා..කොහොම වෙතත් අවසානෙදි කතාව ඔක්කොම කියපු නිසා වෙන්න ඇති මගෙ හිතට ලොකූ සැනසීමක් ලැබුනා ….

ම්ම්ම්ම්ම් සේපා ….මේකයි ඇත්තටම මට සතුටුයි …උඹ ගොඩාක් අහිංසක කෙල්ලෙක් උඹට හරියනවා කියන්නේ මටත් මාරම හැපි….ඒත් කෙල්ලෙ උඹ අනිත් වැඩ වලට මුල් තැන දෙන්න ඕන මොකද උඹට පව්ලෙ ලොකු වගකීමක් තියනවා .සත්සර හොඳ කෙනෙක් වෙන්න පුළුවන් ඒත් අපි ඕන කෙනෙක් ඕනවට වඩා විශ්වාස කරන්න හොද නෑ සේපා .මම කියන්නේ උඹේම හොඳට.

මම දන්නවා අමා..ඔයා කවදාවත් මට නරකට දෙයක් කියන්නේ කියලා ..මගෙ සීමාව මම දන්නවා අමා..

ලොක්කියෙ …ලොක්කියෙ ඔය දරුවාව එක්ක එන්න කෑම කන්න ..

හරි අම්මා එනෝ…

යමු යමු මටත් බඩගිනි බන්.


 

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *