සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 27 කොටස

කන්න දුවේ ඕන් ඇති වෙන්න

ඇත්තටම නැන්දෙ සේපා නම් මාර ලකී

දෙයියනේ මේකි මේ මොනවාද කියන්න හදන්නේ මම කිවුවෙ අම්මලාට දැන්ම මේක කියන්නේ නෑ කියලා ..අනේ වදින්නම් අමා කට වහගනින් කියල හිතින් හිත හිතාම මම අමාගෙ මූණ දිහා බැලුවෙ..
යකූ මේකිට හිනා මම මේ ඇගේ ලේ ටික වතුර වෙලා ඉන්නේ …

නෑ මේකනෙ නැන්දා අපේ අම්මයි තාත්තයි වැඩට ගියාම පොඩි කාලෙ ඉදලා මම හැදුනෙ පිට වැඩකරන ගෑනු අය ලග..අම්ම වුනත් හදිස්සියට කෑම ටික හදලා යනවා ..ඉන්න දවසට මහන්සි කියලා නිදාගෙන ඉන්නවා ඉතිං අපේ ගෙදර මම මෙච්චර රසට කාලා නෑ .ඒ අතින් සේපාලි කොච්චර වාසනාවන්තද…?

අම්මෝ මේක මාව බය කරපු තරමක්..එක අතකට අමා පව් මම දන්න කාලෙ ඉදලා එයාට ජීවිතේ කිසිම අඩුපාඩුවක් තිබ්බෙ නෑ ඒත් අම්මා තාත්තාගේ ආදරේ නම් ලැබුණේ ගොඩාක් අඩුවෙන් ….ඒ අතින් කොච්චර දුප්පත් අගහිඟකම් තිබ්බත් තාත්තා අපේ අම්මව කවදාවත් රස්සාවකට යවන්න නැතුව ඇත්තේ මේ නිසා තමයි …

අම්මෝ නැන්දට පින් සිද්ද වෙන්න ඔන්න මම අනිත් අයගෙ ඒවත් එක්ක කෑව…

ආ කන්න කන්න පුතේ තව තියනවා…

අම්මෝ ඇති නැන්දෙ …සේපා එහෙනම් මේ ටික අස් කරලා යමු පොඩ්ඩක් පාඩම් කරන්න ..ඊයේ ටියුට් එකත් තියනවා ඔයාට දෙන්න …

ආ මම මේ ටික අස් කරගන්නම් ඔය ළමයි ගිහින් පාඩම් කරන්න තව දවස් කීයද තියෙන්නෙ අනේ දරුවො අපේ ලොක්කි නොදන්න දේවල් තියනවා නම් කියලා දෙන්න …

හි හී අපෝ මෙයාට මම කියලා දෙන්නෙ මොනවාද නැන්දෙ මෙයාට තියෙන්නෙ දැන් විභාගෙ ලියන්න විතරයි

අනේ මේ මෙන්න මෙහෙ එනවා..මෝඩි මම ඉතිං ඔයා නැත්නම් ලියලා ඉවරයි …ඔයාට පින් සිද්ද වෙන්න තමයි ඔක්කොම ..

හරි හරි මේ ඉතිං කියන්නකො හෙට මියුසික් ක්ලාස් නේ. ආව් ආව් කෙල්ලගේ මූණෙ පෙම් පාට.

අනේ අමා යනවා මගෙන් ගුටි නොකා..

මේ අපි වැඩක් කරමුද මම ඵෝන් ගෙනාවා සත්සර අයියව බයිට් කරමුද ?.

අනේ එපා අමා පව් එයා…

පව්…අනේ නිකම් ඉදපන් සේපා කොල්ලා ගැන උඹ දන්නෙ නෑ උඹට තේරුමක් නෑ .ආ

හා හා පණ්ඩිත ආච්චි එහෙනම් ඕන දෙයක් කරපන්කෝ…

කෝ දීපන්කො නම්බර් එක…

ම්ම්ම්ම්ම් රින්ස් යනවා …

අනේ අමා එපා බන්…
හිටපන්කො

ආ හෙලෝ….හෙලෝ මේ සත්සරද?

ඔව් ඔය කව්ද ?
අනේ අනේ මතක නෑ නේද ඔයා මට නම්බර් එක දුන්නේ …

මම ?සොරි මම නම් කාටවත් නම්බර් දීලා නෑ ..ප්ලීස් මේක වැරදීමක් වෙන්න ඇති ..අනික මට ගර්ල් කෙනෙක් ඉන්නවා …
අමා ස්පීකර් ඕන් කරලා කතා කරපු නිසා සත්සර අයියා කියන්නේ මොනවාද කියලා මට හොදට ඇහුන ..එයා මෙ බය නැතුව ගර්ල් කෙනෙක් ඉන්නවා කියන්නේ ??? ඒ කවුරු ගැනද…

ආ සත්සර එතකොට ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවා නේ?

ඔව් ඇයි ඔයාට ප්‍රශ්නයක්ද මට ඉන්නවා “සේපාලිකා මලක්” වගේ කෙල්ලෙක්…කරුනාකරලා පෝන් එක තියන්න…

සත්තයි රත්තරං ඒකට නම් ඇඩුනා..අමාත් මගෙ දිහා බලලා පෝන් එක මට දුන්නේ ඇහැකුත් ගහන ගමන් …

හෙ හෙ හෙලෝ…..

මැණික …ඔයා ??

මහත්තයා ඔයා අදුර ගත්තද…?

උඹ හුස්ම ගත්තත් මට දැන් දැනෙනවා මැණික …මොකෝ මේ අඩන්නෙ ?

අ අ අමා ඔයාට කෝල් කලේ..

ආ මගෙ හොර අල්ලගන්න නේද ?

නෑ අනේ රත්තරං පෝන් එකත් ඕෆ් වුනා ..මට පාලුයි..අද අමා ආව උදේම ඉතිං ඒකයි මේ කතා කලේ…

හරි හරි මැණික ..මම වැරදි දෙයක් කිවුවෙ නෑ නේද දැන් අඩන්නෙ …ම්ම්ම්ම්

නෑ සතුටට…

හි හී පිස්සි..දැන් දෙන්න එක්ක පාඩම් කරන්න ..කතා කරන්න ආසයි මැණික ඒත් අනුන්ගේ පෝන් එකකින් ඕන නෑ ..හෙට කිලාස් එන්න එතකොට ඇති වෙන්න පාලු නැති කරන්නම්කො…
එහෙනම් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි …

මහත්තයාටත් බුදු සරණයි …

 


 

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *