සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 28 කොටස

අද නම් ඇත්තටම මාරම දවසක් පාඩම් ටික කරගත්තා වගේම අයියටත් කතා කරන්නත් පුලුවන් වුනා.අමා ආව නිසාම අම්මත් කෑම හදලා තිබ්බා රසට.වෙනදා කෑම රස නැතුව නෙවේයි අපෙ අම්මා බත් ටිකට පොල් ටිකක් ගාලා ලුණු බිංදු ඉහලා කෑවත් ඒකේ පුදුම රසක් තියෙන්නෙ.ඒත් කව්රුහරි ගෙදරට ආව දවසට වෙනදා වගේ නෙවේ එලවලු 2,3ක් වැඩියෙන් හදනවා.

එහෙනම් සේපො මං යනවා මොකද තව හිටියොත් මට රෑටත් කාලම යන්න හිතෙයි. එහෙමනම් නැන්දෙ ගොඩාක් පිං රහට කෑම දුන්නට මං යනවා සේපා මේ ටිකේ ස්කෝලෙ එන්න වෙන්නැ පුලුවන් වුනොත් මං බදාදා දිහා එන්නම් පේපර්ස් ටිකත් අරං

අනේ දරුවො ඔය දරුවට පිං දෙන්න ඕනෙ අපියි.මේ කෙල්ලට කරන උදව් වලට.

අම්මටත් වැදලා අමා ගෙදරින් පිටත්වුණා.මාත් කඩුල්ල ගාවට ගියේ ඇත්තටම අමා යනකොට දුකක් දැනුන නිසා,

මේ හෙට උඹේ කුමාරයා බලන්න යනවනෙ. මොනාවුනත් කෙල්ලෙ මට කියන්න තියෙන්නෙ හැමදේම පරිස්සමට කරපං .

අමාගෙ කතාවෙ ලොකු ඇත්තක් තියෙන බව මං දන්නවා ඒත් මට සත්සර අයියවත් අවිස්වාස කරන්න හේතුවක් නොතිබුන නිසා හිතේ බරක් නැතුව වෙන දෙයකට මූණ දෙනවා කියලා හිත හදාගත්තා.
එදා රෑ ගෙවෙන්න ගොඩාක්වෙලා යනවා වගේ දැනුනා අනේ මංදා මීට කලිං කවදාවත් හිත මෙච්චර කලබල නෑ.පාන්දර වෙනකල්ම ඇදේ එහාට මෙහාට පෙරලි පෙරලි ඉදලම එලිවෙන්න කිට්ටුව නින්ද ගියේ..හැමදාම උදේ 6ට යන චූං පාන් ත්‍රීවිල් එකේ සද්දෙට උඩ ගිහිං ඇහැරුණේ පරක්කුවෙලා කියලා හිතාගෙන.

ආ ලොක්කි ඇයි දැම්මම නැගිට්ටේ තව වෙලා තියනවනෙ.

අපෝ ඉරිදට ළමයි පිරිලා අම්මා බස්වල වේලාසන යන තරමට හොදයි..

අම්මට බොරුවට එහෙම කිව්වත් ඇත්තම වුවමනාව වුනේ තත්පරයක්හරි කලින් අයියව බලන්න යන්න තිබිච්ච උවමනාවටමයි..වෙනදට වැඩියෙන් වෙලාවක් කන්නාඩිය ඉස්සරහ හිටිය කියලා හිතුනෙ වෙලාව බලද්දිමයි.

ලොක්කියෙ තාත්තාට කියලා ටවුමට ගිහිං ඇරලවන්නද?

අනේ එපා අම්මෙ තාත්තා නිදාගත්තදෙන් මං ඔය ටික පයින් යන්නම් නිවාඩු දවසෙ තාත්තට නිදහසේ ඉන්න දෙන්න.මල්ලියව ඇහැරවලා දහම් පාසල් යවන්න අම්මෙ.එහෙනම් මං යනවා.

පරිස්සමෙන් රත්තරනෙ. මේන් මේක තියාගනිං.

අම්මා රුපියල් සීයක් මිට මෙලෙව්වෙ තව තිබ්බනම් දෙනවනෙ කියනවා වගේ හූල්ල හූල්ල.

පාරෙ ඇවිදගෙන යනකොටත් කල්පනා කරේ සත්සර අයියයි මායි ගැන ඇත්තටම අයියා කොච්චර හොදද තාත්ත වගේ කෙනෙක් මට ලැබුනෙ ඇත්තටම මගෙ පිනට.ඒත් මේ ආදරේ කොච්චර කාලයක් පවතීද යන එක ගැන නම් මට තිබ්බෙ හිතේ බයක් වගේම ලොකූ දුකක්.

මේ වෙලාවට බස් වල ළමයි අඩුයි.උදේම ගියො -ත් කරදරයක් නැතුව ගියහැකි…
හිතුව වගේම ඉක්මණටම ගම්පහට ආවා..බස් එකෙන් බහිද්දිම කව්දො අතින් ඇල්ලුවා අත ගසලා දාලා ඒ පැත්ත බලනකොටම …

මැණික

අනේ මහත්තයා?

මොකෝ කලබලෙන් කොල්ලෙක් බලන්නද දුවන්නෙ?

ආ එතකොට මහත්තයා උදේම හෝල්ට් එකේ මොකද කරන්නෙ,කෙල්ලෙක් බලන්නද?

ඔව්නෙ පාන්දරම ආවා මේ සේපාලිකා මලක් අහුල ගන්න.

ඇස්දෙක හීනි කරලා ලස්සනට එහෙම කියාගෙනම සත්සර අයියා මගෙ මූණට එබෙනකොට පපුව ගැහෙන සද්දෙ පිට අයට ඇහෙයිද කියලා බයේ මං හිටියෙ..

මැණික මොනාහරි කාලා යං මම මේ පාන්දර ඉදලා මෙතන මුර කරනවා බඩගිනී ගොඩාක් උදේට කුක්කුත් නෑ…

ආ මොකද ඉතින් ඔහොම හිනාවෙන්නෙ. කව්ද කිව්වෙ හෝල්ට් ගානෙ රස්තියාදු වෙන්න කියලා..අනෙ මහත්තයො ඒක නෙවේ මට බයයි මෙතන අපි කතා කර කර ඉන්නවා කව්රුහරි දැක්කොත් විනාසයි.

ඒක තමයි මැට්ටියෙ කිව්වෙ මොනාහරි කන්න යං P&S එකට යමු එතන කාටවත් පේන්නෑ අනික මෙච්චර උදේ කව්රුත් එන්නෑ බං…

කොල්ලෙක් එක්ක ජීවිතේ පළවෙනි වතාවට අතින් අල්ලගෙන යනකොට හිතට දැනෙන හැගීම පුදුමාකාරයි…සත්සර අයියගෙ අතේ එල්ලෙනකොට මට මතක්වුණේ පුංචි කාලෙ තාත්තගෙ අතේ එල්ලිලා ගියපු හැටි.ඒ අත් දෙකේ වගේම මේ අත් දෙකෙත් ඒ ආදරේ ආරක්ශාව මට හොදටම දැනුනා.. ආදරේ කියන්නෙ පුදුම දෙයක් ඒ පිස්සත් එක්ක ඉද්දි ජීවිතේ කරදර මුකුත් මතක්වෙන්නෑ.

මැණික ඔයා යන්න ක්ලාස් එකට මං ටිකකින් එන්නම් දෙන්නම එකට යන එක හරිනෑ.ඉවර වෙලා හෝල්ට් එකේම ඉන්න මං ඉක්මණටම එන්නම් ,

ක්ලාස් එකට යනකොටම මාස්ටර් ඇවිත් පුටුවෙ වාඩිවෙලා ඉන්නවා.මගෙ මුලු ඇගම සීතල වුණේ මං වරදක් කරලා කියලා හිත දන්න නිසාමයි..
තාමත් කව්රුවත් පංතියට ඇවිත් නෑනෙ.

ආ දරුවො එන්න එන්න මොකද බයේ.මං අද වේලාසන ආවෙ මේ ප්‍රශ්න පත්‍ර ටිකක් තියනවා බලන්න.

මාස්ටර් නිවුන විදියට කිව්වම හිතේ බයත් නැතිවුනා.මං හිනාවෙලා ගිහිං ඉස්සරහා පේලියෙම වාඩිවුණා.
ටික වෙලාවක් යද්දි මුලු පංතියම එකම හිස් ගොඩයි, ඒ අතරිනුත් මගෙ හිත තිබ්බෙ සත්සර අයියගෙ පැත්තෙ. ගෑනු ළමයි එක්ක හිනාවෙවී කාර්ඩ් මාර්ක් කරනකොට ඉරිසියාවකුත් නැතුවම නෙවේ…

හරි ඔක්කොම ළමයි ආවද? ආයුබෝවන්. අද මං මුලින්ම මේ ළමයින්ට කියන්න යන්නෙ වැදගත් කාරණාවක්.. මේ ක්ලාස් එක පටන් ගද්දිම ඔයාටල මේ ලැබුණ අවස්ථාව ගොඩක් වටිනවා.

මොකද්ද මේ මාස්ටර් කියන්නෙ??


 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *