සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 29 කොටස

මේ ක්ලාස් එක පටන්ගත්තේ මම ඔය ලමයින්ට ලොකූ පැහැදිලි කිරීමක් කරලා..ඉතිං කවුරුත් ඒ කිවුව දේවල් අමතක කරල ඇති කියලා මම හිතන්නේ නෑ …

මාස්ටර්ගේ කතාවට මට හෝල් එකේ ෆෑන් 20ක් විතර කැරකුනත් දාඩිය දාන්න ගත්තේ මුලු සර්වාංගයම තෙත් කරගෙන…දෙයියනේ කියලා හම්බුන චාන්ස් එක නැතිවෙන්නවත්ද යන්නේ..සත්සර අයියා එක්ක ටවුමෙ ඇවිදිනවා දැකලද කවුරුවත් …මාස්ටර් කිවුවෙ මුල්ම දවසෙ පන්තියේ ගෞරවේ තියාගන්න කියලා …තොල කටත් වේලීගෙන එන්න ලන්වෙද්දිම ආයෙ එකපාරටම හීනෙන් වගේ මාස්ටර්ගේ කතාව ඇහුනා…

ඉතිං දරුවනේ මම මේ කියන්නේ මේ පාර singing 🌟 star තරගෙට යවන්න අපේ මේ පන්තියේ ළමයෙක් ඕන මට ඒ නිසා අද ඉදලා මට ඔය ළමයින්ගේ වොයිස් බලන්න ඕන

හත්වලාමේ මාස්ටර් කරපු දෙයක් ..වතුර වෙලා තිබ්බ ලේ ටික ආයෙ ඇගට උනන්න ගත්තේ දැන්..මටම ලැජ්ජා හිතුනා..එතකොටයි දැක්කෙ සත්සර අයියත් මගෙ දිහා බලාගෙනම ඉන්නවා ..

සත්සර මහත්තයා කොහෙද මේ බලාගෙන ඉන්නේ …මම මේ බලාගෙනම හිටියෙ ඉස්සර පන්තියට ගෙන්න ගන්න තියන අමාරුව ,,ඒකට දැන් බලන්න එපායැ උදේ පාන්දර ආව හැටි..මොකද්දො වෙනසක් තියනවා මට පේන්නෙ ..

අනේ අනේ නිමල් අන්කලුත් බලන ඒවා..මේ ඒක නෙවේ මේ පාර අර තරගෙට කවුරු තෝරගනීද දෙන්නෙ නෑ

ආ මම දන්නවා සත්සර මහත්තයා නම් කැමති කවුරු තෝරගන්නවටද කියලා …

ම්ම්ම්ම් ඔව් නිමල් අන්කල් ඇත්තටම මම කැමතියි එයාව තෝරගන්නවට..අනිවාර්යයෙන් දිනනවා එයා ..එහෙම වුනොත් මේ හැමදේම හරියයි..

අනේ ඔව් මහත්තයා ඒ වගේ කෙනෙක්ට තමයි හරියන්න ඕන …

……………………………………….

ඇත්තටම මට මේ චාන්ස් එක ලැබුනොත්
එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද?ගියපාර දිනපු කෙනත් මාස්ටර්ගේ ගෝලයෙක් ..ඒත් මේවට වඩා දැන් මට වැදගත් විභාගෙ ..ඒත් තරගෙට යන්න ලැබුනොත් ජීවිතේ හැමදේම හරියාවි..මම වගේ කෙල්ලෙක්ට එච්චර වාසනාවක් නෑ ….

කොහොමහරි අද දවසෙ ක්ලාස් එකේ කෙරුනෙ හැමෝගෙම වොයිස් චෙක් කරපු එක..ඊලග සතියේ තමයි ප්‍රතිඵල දෙන්නෙ ..ගොඩාක් ලමයි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ …මාස්ටර් කියුවා වගේ මේ ක්ලාස් එකේ ළමයි වාසනාවන්තයි ..ආව ගමන් ඔය වගේ අවස්ථාක් ලැබුණඑක..

ක්ලාස් ඉවරවෙලා වටපිට බැලුවත් සත්සර අයියා පේන්න හිටියෙ නෑ..අනේ පොඩ්ඩක් කියලා යන්නවත් තිබ්බා නම්..කමක්නෑ හෝල්ට් එකේ ඉන්න කියුවනෙ…
ආහ් අර ඉන්නේ මටත් කලින් හෝල්ට් එකට ඇවිත් පිස්සු කොල්ලා ….

අනේ අනේ දැන් මේ මහත්තයාට වැඩක් පොලක් ඇත්තෙම නෑ නේද …රස්තියාදු ගහන්නෙ ,?

ඔව්නේ පිස්සු මගුලක් හම්බෙලා අහිංසක මට වෙච්චි දෙයක් …

😢😢😢

ඒයි ඒයි මොකද ඔය කදුලු පුරෝගෙන..අපෝ මේකිට විහිලුවක් කරන්නත් බැරිද…

මහත්තයාට මාව වදයක් නම් යන්න .. මම තරහ නෑ ..

ආ කමක්නැද්ද ? එහෙනම් මම යන්නම් …

එපා….

අනේ උඹව දාලා කොහෙ යන්න ද…සතියක් කට්ට කෑවෙ යන්න නෙවෙ…මේ අහන්න මැණික මම හිතන්නේ අර තරගෙට අපේ ක්ලාස් එකෙන් ඔයාට තමයි හොඳ ටැලන්ට් එකක් තියෙන්නෙ ..අනිවාර්යයෙන් ලොකු අප්පච්චි ඔයා තෝරගනී…හැබැයි ලොකූ ගායිකාවක් වෙලා මාව අමතක වෙයිද දන්නෙ නෑ නේද ..

පිස්සු කතා කියන්න එපා මහත්තයා ..මට ඊට වඩා දැන් වැදගත් එග්සෑම් එක..අනික මහත්තයා ,මහත්තයා ඔහොම කියනවනම් මම තෝරගත්තත් නොයා ඉන්නවා …

අම්මෝ කොච්චි කරල..හරි හරි කොහොමත් ඔය තරගෙ තියෙන්නෙ එග්සෑම් පහුවෙලා තමයි දැන් ඔය තෝරලා තියෙන්නෙ තරගෙ පටන්ගන්න කාලෙ වෙද්දි හොදට පුහුණු කරලා තියන්න …ගියපාරත් ලොකු අප්පච්චි ඔහොම කරේ..

මහත්තයා ඒක නෙවෙයි .. අපි මෙතන ඉන්න එක හරි නෑ ..මට බයයි.

ම්ම්ම්ම්ම් ඒක ඇත්ත ඒත් ඉතිං මට ටිකක් ලගට වෙලා කතා කරන්න ඕන මැණික .. අනේ ආයෙ ඉතිං බලන්න සතියක් ඉන්න ඕන නෙ…එහෙනම් අපි වොලිබෝල් ග්‍රවුන්ඩ් එක පැත්තට යමු.

මට ඉක්මනට ගෙදර යන්න ඕන මහත්තයා ..අම්මා බයවෙයි.

හරි හරි මැණික පැය බාගයක් ඉදලා යන්න ..

හ්ම්ම්ම්…මාත් ඉතිං කොච්චර ආසද මෙහෙම මහත්තයා ලගට වෙලා ඉන්න ..ඒත් කවුරුවත් දැක්කොත් කියලා බයක් හැමවෙලේම යටි හිතේ තියෙන්නෙ …පයින්ම වොලිබෝල් ග්‍රවුන්ඩ් එකට ආවෙ සත්සර අයියගෙ පිස්සු කතා වලට හිනාවෙවී ඒ අතේ එල්ලිගෙනමයි

මහත්තයා …..අනේ මහත්තයා අර…….

(යාලුවනේ කතාව ඉක්මනට ඉවර කරන්නද ,තව ටිකක් ඉස්සරහට යන්නද? ඔයාලගෙ අදහස් කියන්න හොදේ)

 


 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *