සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය) 3 කොටස

මට එන්න කිව්වෙ කියලා ශුවර්ද නංගි,
ඔව් අනේ ඔයානෙ ඉතිං 13F එකේ සේපාලි අක්කා ඔයාට තමයි එන්න කිව්වෙ මං යනෝ ඔයා යන්න මැඩම් ඉන්නවා අන්න

හරි නංගා මං යන්නම් තෑන්ක්ස් පණිවිඩේ දුන්නට
ප්‍රින්සිපල් මැඩම් මොකටද මට එන්න කියන්නෙ මං වැරැද්දක් කරලත් නෑනෙ අනේ මංදා මටත් ඉතිං අහක යන කුණු කදුත් කඩා වැටෙනවනෙ.කෝකටත් ගිහිං බලනවා.
ඒ සේපා මොකෝ කේස් එක
අනේ මංදා අමා ලොකු මැඩම් එන්න කිව්වලු..
ඒ මොකටද බං කමක්නෑ ගිහිං බලපංකො උඹට ප්‍රමෝශන් එකක්වත්ද දන්නෑනෙ.
පිස්සු උඹට මං යනවා ..

මැඩම් නම් ඉන්නවා නේ දොර ඇරගෙන මං හෙමීට ඇතුලට ගියේ හිතේ චකිතෙන්
එක්ස්ක්‍යුස් මී මැඩම් මට එන්න කිව්වෙ?
ආ සේපාලි මොනාද දැං තියෙන්නෙ,
මැඩම් දැන් නම් පොලිටිකල් පීරියඩ් එක මිස් නම් ආවෙනෑ තවම.

ආ ඇත්තද?සේපාලි මියුසික් කරනවා නේද?
ඔ ඔව් මැඩම්.
හ්ම් මට ඔයාගෙ මියුසික් මිස් කිව්වා ඔයා ගොඩක් ලස්සනට සින්ග් කරනවා කියලා..
අනේ මැඩම් ගොඩක් හොඳට බෑ.
හරි දරුවො මං ඔයාට එන්න කිව්වෙ වැදගත් දෙයක් කියන්න, ඔයා මිස්ටර් බෝගොඩව අහල තියනවද?
ඔව් මැඩම් #බෝගොඩ ඇකඩමි එකේ මාස්ටර් නේද?
අන්න හරි
මට මිස්ටර් බෝගොඩ කිව්වා එයාලගෙ ඇකඩමි එකට අපේ ඉස්කෝලෙන් ළමයෙක් තෝරලා දෙන්න කියලා.. එයාට ෆ්රී ඔෆ් චාර්ජ් උගන්නනවා කිව්වා හැම අවුරුද්දෙම ඒ කට්ටිය මේ දේ කරනවා මේ සැරේ අපේ පාසල තමයි තෝරගෙන තියෙන්නෙ..ඉතිං සේපාලි මං මිස් අජානිගෙන් ඒ කියන්නෙ ඔයාගෙ මියුසික් ටීචර්ගෙන් අහලා තමයි ඔයා සිලෙක්ට් කලේ. ඔයාට එග්සෑම් එකටත් ගොඩාක් වටිනවා මේ අවස්ථාව. ඉතිං ගුඩ් ලක් ,හෙට මං ඔයාගෙ නම දෙනවා එහෙනම් අකමැත්තක් නෑනෙ.

අනේ මැඩම් මට හීනයක් වගේ මැඩම් මං වගේ ළමයෙක්ට එහෙම අවස්ථාවක් පිං මැඩම්ලට

හරි දරුවො එහෙනම් දැං පංතියට යන්න.

මං මැඩම්ටත් වැඳලා එතනින් එලියට ආවෙ කියාගන්න බැරි සතුටකින් දෙයියනේ අම්මයි තාත්තයි දැනගත්තොත් කොච්චර සතුටුවෙයිද? යනගමන් මං බුදු මැදුරටත් ගියේ බුදුන්ටත් වැඳලා ආශිර්වාද ගන්න.
උදේ පූජ කරපු සේපාලිකා මල් තාමත් ලස්සනට තියෙනවා හරියට මං වගේ කියලා මට හිතුනා…


පෙර කොටස්

 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *