සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 30 කොටස

ඇයි මැණික මොකද මේ බයවෙලා ඇයි කව්ද ?

අ අ අමා.

කෝ?

අර එන්නෙ?

අර රෙඩ් කලර් ටී එක ඇදපු ගර්ල්ද?

හ්ම්ම්..

අම්මෝ මං බයවුණ තරමක් මං හිතුවෙ ඔයාලෑ තාත්තවත් එනවද කියලා දුවන්න ලෑස්තිවුණේ.

මාව දාලද?

නෑ නෑ මගෙ මැණිකවත් උස්සන්. මේ අන්න අර කෙල්ල මේ පැත්තට එනවා.අපෝ මළ ඇණේ යන එකක් නැද්ද දන්නෑ.මදෑ පැය බාගෙකටවත් නිදහසේ ඉන්න ආවා .

අනේ කටවහන් ඉන්න මහත්තයා පව් අමා..

අමාත් හිනාවෙවීම අපේ පැත්තට ආවෙ කටත් ඇරගෙනමයි…. අනේ අනේ හොර බැළලි වගේ ඉදං මේං බලන්න එපැයි කොරන ඒවා..මං වෙලාවට දැක්කෙ උඹලට පිස්සුද සේපා අද ඉරිදා මුලු ස්කූල් එකේම ඒ ලෙවල් සෙට් එක ගම්පහට බැහැලා ඉන්නෙ.කව්රුවත් දැක්කොත් ඔච්චර කල් උඹ තියාගෙන ආව කාඩ් ඔක්කොම කුඩු ආ, කෝ ඉතිං මට උඹේ මහත්තයවත් අදුන්වලා දුන්නෑනෙ..

සත්සර අයියෙ මේ අමා..මගෙ හොදම යාලූවා.යාලුවා කිව්වට මගෙ සහෝදරියක්.

ම්ම් හෙලෝ නයිස්ටු මීට් යූ.

අමා පැනපු ගමන් සත්සර අයියගෙ අත අල්ලලා එහෙම කියද්දි මගෙත් හදවතේ පොඩී රිදුමක් ආවා.ඒ එදා අම්මා කිව්ව කතාව මතක්වෙලා.

සේපා එහෙනම් උඹලා මෙතන පරිස්සමෙන් ඉදපං මට පොඩ්ඩක් සරසවියට යන්න ඕන මාත් එක්කම යං ගෙදර උඹට කොච්චරවෙලා යනවද ?

මං පැය බාගෙන් එන්නම් අමා.

හ්ම් එහෙනම් මං ස්ටෑන්ඩ් එකේ ඉන්නවා ඇ. අමා එතනින් ගිය ගමන් අයියා මගෙ අත තද කරලා අල්ලගෙන ලඟට ගත්තා.

අපෝ ඇති යන්තම් මං හිතුවෙ ඔයා එයා එක්ක යයි කියලා. මැණික මේ මං ඔයාට පොඩි බඩුවක් ගත්තා හැබැයි ගොඩක් වටින්නෑ.

දෙ යි ය නේ පෝන් එකක්. ඒත් එක්කම ලස්සන කී ටැග් එකකුයි කොන්ඩෙට දාන ලස්සන බෑන්ඩ් 2කුයි තිබ්බා. ඇස් දෙකට කදුලු ආවෙ මටත් නොදැනමයි.

ඔන්න ඔන්න පටන් ගත්තා ටැප් එක අරින්න.

නෑ මහත්තයො මට ජීවිතේට තෑග්ගකට කියලා ලැබුනෙ මේක. ඔයාට ගොඩක් පිං.මේ දුප්පත් කෙල්ලට නම් දෙන්න දෙයක් නෑ ඔයාට. අනේ රත්තරනෙ මට මේ ආදරේ විතරක් දෙන්න ජීවිත කාලෙටම ඒ ඇති.. දැං ඔය කදුලු පිහිදාගන්න කෝ කෝ.මේ ඕකට සිම් එකක් දාලා තියෙන්නෙ මැණික වැඩ පාඩු කර ගන්නැතිව මට මැසේජ් එකක් දාන්න හොදේ. මට නම් දැං බදාගන්න හිතෙනවා පොඩ්ඩක් ඒත් ඉතිං බෑනෙ මෙතන.

අනේ අනේ මහත්තයෝ ඒවා නම් බෑ ඕං .ඒක නෙවේ දැං අපි යමූ.අමාත් දැං ඇවිත් ඇති.

ලෝබයි දැං යන්නත් මට ඒත් ඉතිං යන්න එපැයි අනික මාත් කැමති නෑ විභාගෙ ඉවරවෙනකම් කව්රුත්ම දකිනවට..

සත්සර අයියට සමුදීලා ඉක්මණට මං ස්ටෑන්ඩ් එකට එනකොට අමා ඇවිත් ඉන්නවා.

ආව් ආව් කෙල්ලගෙ සතුට අද කෝ කුමාරයා ගියාද?

හ්ම්…

ඒ සේපා මං කිව්ව ඒවට අවුල් ගන්නෙපා.දන්නවනෙ බං අපෙ එවුන්ගෙ හැටි,ඔච්චර කල් හොදට ඉදලා අන්තිමේ කතාවක් අහගන්න ඕන නෑනෙ බං. අයියට තද වුණාද දන්නෙත් නෑ.

නෑ අයියත් දන්නවා..එයාත් බයයි,මං දන්නවනෙ ඔයා මට කොච්චර ආදරේද කියලා මගෙ සහෝදරියක් වගේ..

මේ ඒක නෙවේ සත්සර අයියා මාර හැන්ඩියා ඇ..මැචින් කපල්..

ඒ වුනාට මට බයයි අමා මට අයිය නැතිවෙයි කියලා.

මෝඩි ඕවා හිතන්නෙපා දැං ලොකුම දේ එග්සෑම් එක ගැන හිතපංකො හා හා ආච්චියෙ මේ අන්න බස් එකක් ගැහුවා යං


 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *