සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 31 කොටස

අමා නම් එහෙමම ගෙදර ගියා..මම ගෙදර එනකොට අම්මා හිටියෙත් නෑ ..තාත්තත් කොහෙද ගිහින් …සත්සර අයියට කතා කරන්න හොඳ වෙලාව දැන් …ටක් ගාලා ඵෝන් එක ඕන් කරගෙන කෝල් එකක් ගත්තා …
ඒත් ඇයි එයා කට් කලේ..ඕකනෙ ඉතිං දුක හිතන්නේ අපරාදෙ පෝන් එක නැතුව හිටිය නම් එකක් මේ මෝඩයා ගත්තේ නෑ ..එක්කෝ වැඩ ඇති මාස්ටරුත් ඉන්නවානෙ…
එතකොටම පෝන් එක වයිබ්‍රේට් වුනා …..

හෙලෝ…
හෙලෝ මැණික ආවද ගෙදර ..
හ්ම්ම්ම් …
මොකෝ තරහෙන්
තරහයි තමයි …
ඒ මොකෝ…
ඇයි කට් කලේ…
අපෝ මෝඩි ඔයා මට මිස් එකක් ගහන්න එතකොට මම ගන්නවා ඒකයි කට් කලේ …ලග හිටියා නම් බලන්න තිබ්බා කොච්ච් කරල පුපුරන හැටි …

😂😂😂😂
මේ කෝ චන්ඩියා වගේ කතා කරන්නේ අම්මලා නැද්ද ..

නෑ මම හිතන්නේ මල්ලියා ගේන්න දහම් පාසලට යන්න ඇති…

හ්ම්ම්…මැණික දැන් නාලා කාලා පාඩම් කරන්න මොකද මම නිසා ඒවා මගහැරගන්න එපා ..මම තවම ක්ලාස් එකේ..ටිකකින් යනවා ..

හ්ම්ම් මහත්තයා පරිස්සමෙන් යන්න බුදු සරණයි …මම පුළුවන් වෙලාවට ගන්නම් හා නේ..

හා පැටියො බුදු සරණයි …කො
…………………………….

කාලය හිමිහිට ගෙවිලා යනවා එග්සෑම් එක ලග ලගම එනවා…ඉස්කෝලෙත් නිවාඩු දුන්න නිසා නිදහසේ පාඩම් කරන්න පුළුවන් ..සත්සර අයියටත් කොහොමහරි දවසට එක පාරක් හරි කතා කරන්න නම් අමතක වෙන්නේ නෑ …මටත් වඩා එයාට තමයි උවමනාව තිබ්බෙ මගෙ විභාගෙ ගැන ….
අමා වුනත් පුළුවන් හැම වෙලේම මට උදව් කරන්න අමතක කලේ නෑ ..

………………………………….

සත්සර …
ඕ ලොකු අප්පච්චි කියන්න ..
පුතා මම කල්පනා කළේ අර කම්පෙටිශන් එකට ගුනපාලගෙ දුවව තෝරගන්න..
පුතා මොකද හිතන්නේ …
ම්ම්ම්ම්ම්
මටත් හිතුනා ලොකු අප්පච්චි ඒ ළමය ගොඩාක් ටැලන්ටඩ්…බට් මේ සැරේ ඒ ලෙවල් ලියනවා කියලා ගුනපාල මාමා කිවුවෙ …

හ්ම්ම්ම් එහෙනම් තවත් හොඳයි මොකද එතකොට විභාගෙ ඉවර වෙච්චි ගමන් ළමයව හැමදාම හරි ගෙනල්ලා පුහුණු කරවන්න පුළුවන් …

හූඌඌඌඌ යර්ස්…
හුටා නිමල් අන්කල් …..

මොකෝ මහත්තයා ඒ
හී අනේ ඔයත් කොහෙන් ගියත් මගෙ පස්සෙ..

හා හා ඕන නෑ
මම යන්නම්කො…

අපෝ නෑ නෑ මේ අහන්න මගෙ සේපාලිකා මලව තමයි තරගෙට දාන්න හදන්නේ ..

ශා නියමයිනේ ..මම කිවුවෙ ලොකු මහත්තයා ඒ දැරිවිව තමයි තෝරගන්නෙ කියලා …

සේපාලිට කියන්න ඕන නිමල් අන්කල් කෙල්ල අනිවාර්යයෙන් දිනනවා.මම දන්නවා …

හ්ම්ම්ම්ම් ඒක ඇත්ත කොහොමත් ඒ දැරිවි සීදේවි පාටයි…හැබැයි ඉතිං අපේ චණ්ඩි මහත්තයාට අහිංසක වැඩිද මන්දා …

අපෝ අහිංසක …නිමල් අන්කල් දන්න තරම,ඒක කොච්ච් කරලක්..😂😂
……
ම්ම්ම්ම්ම් මේක සේපාට කියන්නේ කොහොමද ..කෝ තව මිස් කෝල් එකක් දුන්නේ නෑ නෙ..පව් පාඩම් කරනවා ඇති ..කෝල් කරපුවාමම කියනවා..මැසේජ් දාපුවම අගේ නෑ …
ම්ම්ම්ම් එක්කෝ ලොකු අප්පච්චිගෙ කටින්ම කියනකන් ඉන්න ඕන …මාත් දන්නෙ නෑ වගේ….

 


 

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *