සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 36 කොටස

එදා අයිස්ක්‍රීම් කාලා ආපහු අපි දෙන්නවත් මගින් දාලා සත්සර අයියා යන්න ගියා…

සේපා …

ම්ම්ම්….

අහපන්කො උඹ නම් මාර ලකී බන්…

ආහ් ඒ මොකෝ…

නෑ බන් ඇත්තටම සත්සර අයියා මාර හොඳයි බන් මම මුලින් කියුවට අනම් මනම් ආශ්‍රය කරාම නම් තේරෙනවා හොඳයි කියලා ….

හා හා ඇති ඇති වර්නනා කෙරුවා…

ඇයි උඹට ජෙලස්ද???

අනේ නෑ අමා…සත්සර අයියට ගැලපෙන්නේත් කොහොමත් ඔයා වගේ කෙල්ලෙක් …
මගෙ කටින්ම කොහොමද එහෙම දෙයක් කියවුනේ…

පිස්සි ඇති ඇති දැන් ඔය කතාව..උඹට නම් දැන් නිදහසේ ක්ලාස් යන්න පුළුවන් ..මට තමයි ගෙදරින් පනින්න කෝස් එකක්වත් හොයාගන්න ඕන …

අනේ අමා මට කියන්න බැරිවුනා..ක්ලාස් එකේ ,singing star 🌟 තරගෙට මාව තෝරගෙන මාස්ටර් …

වාවාවාවාව්.. මරුනෙ…ඔන්න උඹට ඉනිමග දීලා තියනවා නගින එක උඹට අයිතියි දැන් කෙල්ල ….

ඔව් මම දන්නවා අමා..මාස්ටර් මට උදව් කරයි..අම්මලා ,ඔයා,අයියා මට ලොකු හයියක්…

අනිවාර්යයෙන් ඕනම උදව්වක් ඉල්ලපන්..එහෙනම් මම යනවා . දැන් නිදහස් නිසා මේ පැත්තෙ වරෙන් හොදේ..මාත් එනවා නැන්දගෙ කෑම කාලා යන්න …
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

එග්සෑම් ඉවරවෙලා කියලා හිතනකොට හිතට ලොකූ නිදහසක් එනවා.. ඒත් හෙට ඉදලාම තරගෙට ලෑස්ති වෙන්න ඕන ..උදේම ක්ලාස් එකට ගියාම මාස්ටර්ගෙන් ඕන දේවල් අහගන්න ඕන …..ම්ම්ම් මෙන්න මෙයාගෙන් කෝල් එකක්…

හෙලෝ මැණික මොකෝ කරන්නේ …

මහත්තයා …මම මේ හෙට ඉදලා ක්ලාස් එන්න කියලා හිත හිත හිටියෙ …මාස්ටර් කියුවනේ හැමදාම ක්ලාස් එන්න කියලා …

හ්ම්ම් ඒක හොඳයි ..අහගන්න මැණික අම්මට කියන්න එද්දි ටිකක් රෑ වෙයි කියලා හොදේ …

ආහ් ඒ මොකෝ…

ආහ් එතකොට අර පොරොන්දුව අමතකද?

ම්ම්ම් නෑ නෑ ..ඒත් මහත්තයා මට බයයිනේ..

මම ගිලින්නෙ නෑ මැණික මට ඔයා එක්ක නිදහසේ පොඩ්ඩක් ඉන්න ඕන …

මම ඔයාට බය නෑ කොහොමත් ….

ලොක්කියෙ ……

මහත්තයා අම්මා කතා කරනවා මම හෙට එන්නම් එහෙනම් …
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

ජීවිතේ පලවෙනි වතාවට කොල්ලෙක් එක්ක තනි වෙන්න හදන්නේ …මොකද්ද කරන්නේ කියලා මට හිතාගන්න බෑ ..මහත්තයා හොඳයි කියලා මම දන්නවා ඒත් අම්මලට බොරු කියන්නේ කොහොමද ? අනේ මන්දා මට තේරෙන්න නෑ …
පහුවදා උදේම මම නැගිට්ටේ බත් ටිකක් උයාගෙනම යනවා කියලා හිතලා..මහත්තයා ආසයි අපේ ගෙදර කෑම කන්න ..

ලොක්කියෙ උදේම උඹ මොකද කරන්නේ …
“අම්මා අද එද්දි ටිකක් හවස් වෙයිනෙ ..මම බත් ටිකක් උයාගෙනම යන්න කියලා බැලුවේ .කඩෙන් කන්න සල්ලි ඕනනෙ ඊට වඩා ඒ කෑම කන්නත් බෑ …”
දෙයියනේ …මේ මමමද? ඉස්සර අම්මට බොරුවක් කියන්න කොච්චර දගලන්න ඕනද..ඒත් දැන් මගෙ බොරු මටත් නොදැනීම කියවෙනවා ..මම කොච්චර පව් පුරවගන්නවද?

මල්ලියවත් ඉස්කෝලට දාලාම මම ක්ලාස් එකට ගියා..මාස්ටර් ඒ වෙනකොටත් ක්ලාස් එකේ..වටපිට බැලුවේ සත්සර අයියා කොහෙද කියලා ..ම්ම්ම්හ් කෝ තවම නෑ නෙ මේ මෝඩයා …

ආ දුව එන්න එන්න …උදේම ආව එක හොඳයි ..මම ඔයාගෙ ඇප්ලිකේශන් දැම්මා ..හෙට අනිද්දා ගෙදරට ලියුමක් එයි ෆ්‍රස්ට් රවුන්ඩ් එක තියන තැන කියලා …

අනේ මාස්ටර් මට කරන මේ උදව් වලට මම කොහොම ස්තූතියි කරන්නද??

හහ්හ්හ්හ්හ් ස්තූති ඕන නෑ ඔයා වින් කරන්න එතකොට මගෙ ක්ලාස් එකට තමයි ඒ ක්‍රෙඩිට් එක තේරුනා නේද …??

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *