සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 37 කොටස

මාස්ටර්ගේ වචන මට ලොකු හයියක් වුනත් මාස්ටර් ඉස්සරහට එද්දි හිතට දැනෙන්නෙ නම් වරදකාරී හැගීමක් ඇයි දෙයියනේ ඉතිං මාස්ටර්ගේ එකම පුතා මගෙ ලෝකය වෙලා ඒත් ඒ ගැන හැමදේම හන්ගගෙන මාස්ටර් ඉස්සරහ ඉන්න හැටි මම ….එක වෙලාවකට හිතෙනවා මේ සේරම මාස්ටර්ට කිව්වොත් හොඳයි කියලා …මෙච්චර පිට මිනිස්සුන්ට කරුණාවෙන් සලකන කෙනා තමන්ගේ පුතාගෙ සතුටට බාධාවක් කරන එකක් නෑ …..
සත්සර අයියා කිව්ව විදිහට මම පුහුණුවීම් ඉවරවෙලා බස් හෝල්ට් එකට වෙලා හිටියෙ එයා එනකම්…විනාඩි දහයක් විතර ඉද්දි අයියා ඇවිත් කාර් එක නතර කළා…මාත් ඉක්මනින්ම නැග්ගෙ කවුරුත් දකී කියලා බයට….

හම්මෝ…අදද කොහෙද මම හරියට කෙල්ලව දැක්කෙ …

මහත්තයා කියන්න කොහෙද මේ යන්නෙ ..මට ඉක්මනට ගෙදර යන්න ඕන …

ආ එහෙනම් යන්න යන්න මෙතනින් බැහැලා …

අනේ මහත්තයා මොකද ඔච්චර කේන්ති ගන්නෙ ..මම කියුවෙ ඉක්මනින්ම යමු කියලා ..ඉතිං ඔය ඔරවගෙන ඉන්න එපා.හිනාවෙන්නකො …

මට නිදහසේ ඉන්න ඕන ඔයාට මාව විශ්වාසයි නේද ? මම කියන තැනකට යන්න එනවද ?

සත්සර අයියා කියන විදිහට හිතට බයක් දැනුනත් ඒක නොපෙන්වා ඉන්න පුළුවන් තරම් මම උත්සාහ කලේ ඒකෙන් එයාට තවත් දුක හිතෙයි කියලා …

හ්ම්ම් ඔයා කියන දිහාවකට යමු …මම දන්නවා ඔයා මගෙ විශ්වාසය කඩන්නෙ නෑ කියලා මාව රකින එක ඔයාට භාරයි මහත්තයා …

සත්සර අයියා කිසිම දෙයක් කියන්නේ නැතුව කෙලින්ම කාර් එක නැවැත්තුවෙ නුවර පාර අයිනෙම තිබුණු රෙස්ට් හවුස්` එකක..ජීවිතේටම වෙඩින් එකකටවත් මේ වගෙ තැනක නොආපු මට මගෙ ආදරේ වෙනුවෙන් ජීවිතේ නොකරපු දේවල් කරන්න වෙනවා.මෙතනින් එහාට මොකක් වෙයිද? පපුව අස්සේ ගලක් හිරවෙලා වගේ බරක්..අම්මා තාත්තා ඇස් ඉස්සරහ මැවි මැවි පේනවා…
මට නොඑන්නයි තිබ්බෙ…

මොනවාද කල්පනා කරන්නේ …යමු..

මරන්න ගෙනියන සතෙක් වගේ සත්සර අයියගෙ අතේ එල්ලුනෙ වෙන දෙයක් වුනාවෙ කියලා හිතලා
දඩාස් ගාලා සත්සර අයියා ගත්ත කාමරේ දොර වැහෙද්දි මගෙ ඇහෙන් කදුලු වැටුණේ මටත් නොදැන …

මෙහෙ එනවා…තමුන්ට දැන් ඉතිං මගෙන් බේරෙන්න බෑ …බේරගන්නත් කවුරුත් මෙහෙ නෑ …බොරුවට අඩන්න ලෑස්ති වෙන්න එපා…

අ අ අනේ මහත්තයා මොකද මේ…ප්ලීස් මහත්තයා මම ඔයාව ගොඩාක් විශ්වාස කරලා ආවෙ මහත්තයා …අනේ අපි යමු …

යමු…පිස්සුද හලෝ…යන්න නම් මෙහෙ එනවද …

දෙයියනේ මොකද්ද මේ වුනේ .. අනේ බුදු හාමුදුරුවනේ මාව බේරන්න…මට කෑගහන්නත් බෑ …පැනලා යන්නත් බෑ …මේක මගෙ ජීවිතේ අවසානය වෙන්න ඇති …ඒත් මම කොච්චර විශ්වාස කරාද මහත්තයා ඔයාව ඇයි මට මෙහෙම කලේ අහිංසක මට මෙහෙම කරේ ඇයි මහත්තයා …
හිතින් හිතන ගමන් ඕන දෙයක් කරන්න කියලා ඇස් දෙක පියාගත්තෙ සේපාලිගෙ අවසානය මෙතන තමයි කියලා තේරුම් අරගෙන …

කමක්නෑ මහත්තයා මම අද ආවෙ මහත්තයාව ගොඩාක් විශ්වාස කරලා මම ආදරේ කලේ මහත්තයාට විතරයි මේ මගෙ ජීවිතේ පලවෙනි ආදරේ සහ අවසාන ආදරේ මට මෙහෙම වෙන්න ඇත්තෙ මගෙ අම්මා තාත්තා රවට්ටපු නිසා වෙන්න ඇති ….
ඔයාට ඕන දෙයක් අරගන්න මහත්තයා …

ඒ එක්කම සත්සර අයියගෙ අඩි සද්දෙ මට ලගින්ම ඇහුනා හුස්ම මූනෙ වදින තරමටම එයා මගෙ ලගට ලන්වුනා…. ඔව් සේපාලි ගෙදරින් ආව විදිහටම ඉන්න අන්තිම තත්පරය වෙන්න ඇති මේ…මේ මොහොතින් පස්සේ ඔක්කොම වෙනස් වෙයි….

(ඔයාලා මොකද හිතන්නේ සත්සර ,සේපාලිට මොනවහරි කරයිද??)

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *