සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 38 කොටස

සත්සර තව තවත් සේපාලි ලගට ලන් වෙනකොට ඇත්තටම කෙල්ල කිටි කිටි ගාලා වෙව්ලනවා ඒ මදිවට ඇස් දෙකත් තද කරලා පියාගෙන…සත්සර එකපාරටම සේපාලිව ඇදලා තමන්ගේ නිරුවත් පපුවට තදකරගත්තා…

මේ ආදරේ හැමදාම ඕන මැණික …

සේපාලි කදුලු බේරෙන ඇස් දෙකෙ හෙමීට ඇරලා සත්සරගෙ ඇස් දිහා බැලුවෙ එතකොටයි …

උඹ හිතුවද මැණික මම එච්චර පහත් මිනිහෙක් කියලා…ඇයි මෙච්චර කරද්දිත් උඹ මට වචනයක්වත් නොකියා විනාශ වෙන්න තීරණය කලේ…මම දන්නවා දැන් මේ ලෝකෙ මගෙ කෙල්ලට වඩා කවුරුත් මට ආදරේ නෑ කියලා ….

සත්සරගෙ වචන සේපාලිගෙ හිතේ සත්සර ගැන තිබ්බ ආදරේ තවත් වැඩි කළා.. ඒ නිසාම තව තවත් ඒ පපුවෙ උණුහුමට සේපාලි තුරුළු වුනේ ගොඩාක් ලෝභකමින් ..

මම මහත්තයව ගොඩාක් විශ්වාස කළා..මහත්තයා වෙනුවෙන් විතරයි මේ හිතේ ආදරේ තියෙන්නෙ ඒක කියන්න බැරි තරම් මහ ගොඩාක් ඒකයි හැමදේම මහත්තයාට ගන්න දීලා හිටියෙ …

අපෝ මේකි නම් මහ මෝඩියෙක්….කෝ කෝ එහෙනම් දැන් ඒ සේරම මට ඕන …

අනුරාගී විනාඩි කීපයක්ම ගෙවුනෙ දෙන්නට හැමදේම අමතක කරවලා..සත්සරත්,සේපාලිත් ජීවිතේ පලමු වතාවට අනුරාගී ආදරේ සුවය විදිනවා…මෙච්චර කාලයක් පරිස්සමෙන් තියාගත්ත තොල්පෙති,කම්මුල් සත්සරගෙ ආදරේ නාමයෙන් උනුසුම් හාදුවලින් තෙමෙනකොට සේපාලි ප්‍රාර්ථනා කලේ මැරෙනතුරාවට මේ ආදරේ හිමිවෙන්න කියලයි…

මහත්තයා ….

ම්ම්ම්ම්ම්…

දැන් ඇති ..

අනේ තව චුට්ටක්

ම්ම්ම්ම් මෙයා නම් හරිම දගයි…

මගෙ මැණික ලග විතරයිනෙ…

ඔව් කවදාවත් වෙන කාගෙවත් ලග මෙහෙම දග කරන්න එපා ….

නෑ මැණික පොරොන්දු වෙනවා..තව දෙයක් ,,ඔයා මගෙ වෙනකම් මලක් වගේ පරිස්සම් කරනවා කියලත්…

මට විශ්වාසයි…එහෙනම් අපි දැන් යමුද …අම්මා බලාගෙන ඇති ..ඒත් මට අම්මාට මූණ දෙන්න බෑ මහත්තයා ..මම ලොකූ වැරැද්දක් කළේ කියලා හිතන්නේ …

නෑ මැණික අපි වැරදි දෙයක් කළේ නෑ නෙ පොඩ්ඩක් ආදරේ කළා විතරයි…

දෙන්නම එතනින් පිටවුණේ ජීවිතේ අලුත් බලාපොරොත්තු එක්ක තිබුණු ආදරේ තව තවත් වැඩිවෙලා..

හ්ම්ම් පරිස්සමෙන් යන්න ..හෙට උදේම ක්ලාස් එකට එන්න දැන් මුකුත් කල්පනා කරන්නේ නැතුව හොඳ ළමය වගේ ගෙදර ගිහින් මට මැසේජ් එකක් දාන්න තේරුනා නේද ??

තේරුනා මහත්තයො ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න …

සත්සර අයියට නම් පිස්සු මම කොච්චර බය වුනාද..මහ මැට්ටෙක්…ඇත්තටම ආදරේ කියන්නේ කොච්චර සුන්දර දෙයක්ද ඒ පපුවට තුරුළු වෙලා ඉද්දි මුලු ලෝකෙම අමතක වෙලා යනව…අනේ මන්දා ඔයා මාව පිස්සියෙක් කළා මහත්තයා …
ආහ් අම්මා …..මොකද කලබලෙන් පාර බලන් ඉන්නේ …අද මාව කවුරුවත් දැකලා අම්මට කියලාද…අනේ එහෙමනම් වෙන්න එපා දෙයියනේ….

ලොක්කියෙ …මෙච්චර වෙලා ගියේ මොකද …කොච්චර බලාගෙන හිටියද..තාත්තා ආවෙත් නෑ තවම, තාත්තා ආවනම් මම මේ බලන්න යවන්න කියලා හිටියෙ මගට..

ඇයි අම්මේ කලබලෙන්…

කලබලෙන් කියන්නේ දැන් කීයද වෙලාව …

චුට්ටක් පරක්කු වුනා අම්මා මම ටිකක් ක්ලාස් එකේ හිටිය ඒකයි..

අදනම් මම ඉවරයි වගේ අම්මා ඔක්කොම දැනගෙනද කොහෙද නැත්නම් කවදාවත් මේ වගේ හැසිරෙන්නෙ නෑ..ඇයි මටම මෙහෙම වෙන්නේ සේරම ඉවරයක් වෙයි වගේ අදම…

ලොක්කි ….
වරෙන් මෙහෙට….

(අද නම් සූට්ටක් 18* වුනා..ලොකු බබාලා කියවන නිසා අවුලක් නෑනෙ …මොකෝ කියන්නේ සේපාලිගෙ ගමන අහුවෙලා ඇතිද අම්මලට..)

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *