සිහින සිත්තම් (තනුව අහිමි පෙම් කවිය ) 39 කොටස

ලොක්කි ….

ඇ ඇ ඇයි අම්මා ….

මෙහෙ වරෙන් ගෙට …

සේපාලී…අද උඹ ඉවරයි …මැරෙන්න තමයි වෙන්නේ ඉතිං …
කි කි කියන්න අම්මා …

ලොක්කි අද උඹට ලියුමක් ආවා..ඔන්න මම කඩලා බැලුවා ..දුවේ උඹට අර තරගෙට එන්න කියලා තියෙන්නෙ …

අම්මෝ අම්මා මාව බයකරපු තරම්…
කො බලන්න ….
ම්ම්ම් 20වෙනිද එන්න කියලා තියෙන්නෙ කොළඹ හෝටලේකට…

අප්පොච්චියේ කොහොමද ලොක්කියෙ ඉතිං කොළඹ යන්නෙ තාත්තට නම් පුරුදු නෑ ගිහින් …

බය වෙන්න ඕන නෑ අම්මෙ මාස්ටර් ඔක්කොම බලාගන්න පොරොන්දු වුනානෙ..
හෙට මම මාස්ටර්ට කියන්නම්කො මේ ගැන …

සේපාලි මුලින්ම මේ ගැන සත්සරට කිවුවෙ ලොකූ සතුටක් හිතේ තියාගෙන …පසුදා මේ ගැන මාස්ටර්ට දැන්වූ ගමන් මාස්ටර් සේපාලිව තරගෙට ගෙනියන වගකීම සත්සරට භාරකළා…

හ්ම්ම්ම්…එහෙනම් පුහුණුවීම් හොදට කළානෙ දරුවො…බය නැතුව මේකට මුහුණ දෙන්න ..මෙතනින් තේරුනාට පස්සේ හොද තරගයක් දෙන්න පුළුවන් ඔය දරුවට…එහෙනම් මම හෙට උදේ අපේ සත්සර එවනවා…

ගොඩාක් ස්තූතියි මාස්ටර් ….

මම මාස්ටර්ගේ ආශිර්වාදය අරගෙන ක්ලාස් එකෙන් එලියට එනකොට සත්සර අයියා දුවගෙන ආවා ..

ඊයේ වෙච්චි දේවල් එක්ක සත්සර අයියගෙ මූණ බලන්ත් මොකද්ද වගේ..එයාට නම් ගානක්වත් නෑ …

මැණික එහෙනම් පරිස්සමෙන් ගෙදර යන්න මට වැඩ වගයක් තියනවා නිමල් අන්කල් ගේට් එක ලග ඇති එයාව හම්බෙලා යන්න …..

හ්ම්ම්..

මම ගේට් එක ලගට එනකොටත් නිමල් අන්කල් මග බලාගෙන ඉන්නවා

ආ නිමල් අන්කල්

ආ චූටි නෝනෙ මේක මහත්තයා දෙන්න කිව්වා ගෙදර ගිහින් බලන්න …හෙට දිනලා එන්න ඕන ඕන්…

හ්ම්ම් නිමල් අන්කල් කියනවනම් මම දිනනවා …හී එහෙනම් මම යනවා …

පාර්සලේ අරගෙන මම බස් එකට නැගලා වාඩි වුනේ මොකද්ද මේකෙ තියෙන්නෙ කියලා බලන්න තිබ්බ ආසාවෙන්මයි…කොහෙද මේ මෝඩයා මේක පැක් කරලානෙ…ගෙදර ගිහින් බලන්නෙ කොහොමද අම්මා දැක්කොත් ඉවරයි කමක්නෑ හෙමීට කඩලා බලන්න ඕන ….
😱😱😱 සල්වාර් එකක්…මම ආසම කලර් එක …
එතකොටම තමයි අයියගෙන් මැසේජ් එකක් ආවෙ…

“ගෙදර යන්න කලින් කැඩුවා නේද මැට්ටියෙ …හෙට ඕක අදින්න …”

මෙයා නම් පිස්සෙක්…
ම්ම්ම් අම්මට කියන්නේ මොකද්ද දැන් …ආහ් අමාගෙන් ඉල්ලාගත්තා කියන්න පුළුවන් …

සේපාලි ගෙදර ගිහින් අම්මට කිවුවෙ අමාගෙන් ඇදුම ඉල්ලගෙන ආව කියලා…පහුවදා සේපාලි උදේම නැගිටලා සල්වාර් එක ඇන්දෙ ගොඩාක් ආසාවෙන්..ඒ වෙද්දී සේපාලිගෙ අම්මා කිරිබත් මේසයකුත් ලෑස්ති කරලා තිබ්බ ….

අම්මා ලස්සනයිද???

අනේ දෙයියනේ මගෙ කෙල්ල හරිම ලස්සනයි ඇස්වහක් නම් වදින්න එපා …..

“අම්මා තරුණ කාලෙ වගේමයි” ….
පැත්තක හිටපු තාත්තා එහෙම කියද්දී අම්මගෙ මූණෙ තිබ්බේ ලැජ්ජාවකුත් එක්ක හිනාවක්…

ආ අම්මා තවම ලස්සනයිනෙ තාත්තෙ…
මම එහෙම කිව්වට මගෙ අම්මා දැන් වයසට වඩා ගොඩාක් වියපත් පාටයි ඒකෙන්ම තේරෙනවා අම්මා කොච්චර දුක්විදලා තියනවාද කියලා එයාව දකින ඕන කෙනෙක්ට කියන්න පුළුවන්..අම්මා අපි නිසා හැමදේම නැතිකරගෙන විදින දුක ගැන හිතද්දි හිතට ගොඩාක් වේදනයි…

අක්කේ අන්න මහත්තයා ඇවිත් …

මල්ලි කෑගහගෙන ගෙට ආවෙ අතේ චොකලට් එකකුත් තියාගෙන

ආ මෙයාට උදේම වාසී නේද ???

ලොක්කියෙ මහත්තයව එක්ක වරෙන්කො කිරිබත් ටිකක් කන්න ..ඉක්මනින්ම පිටත් වෙන්න පුළුවන් එතකොට …

හ්ම්ම් මම එක්කන් එන්නම් අම්මා …

අම්මා එහෙම කියුවට ඊයේ රෑ ඉදලා තාත්තා එක්ක කියුවෙ මාව මහත්තයා එක්ක තනියම යවන එක හිතට හරි නෑ කියලා

මහත්තයා …..එන්න ඇතුළට ….
මොකෝ මේ කට ඇරගෙන ඉන්නේ …එන්නකො…

ආආහ්…ශශිකා නිසන්සලා වගේ….

පිස්සු මහත්තයාට මම එච්චර ලස්සන නෑ …

නෑ මැණික ඒ වගේ අහිංසක ,ඒ වගේ ලස්සන තියෙන්නෙ …ඒකනෙ මම මෙච්චර ආදරේ …කවදාහරි ඒ වගේ හැමෝම ආදරේ කරන ගායිකාවක් වෙයි ඔයා ……❤❤❤❤

facebook මගින් කමෙන්ට් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *